UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාලිගාව

 

කප් සිටුවීමයි කප් සිටුවීමයි ඇසළ පෙරහර මංගල්‍යයයි

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍ය වශයෙන් සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවීමෙන් මෙම මස 24 දින ආරම්භ කෙරෙනු ඇත. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීමේ මංගල්‍යය අනාදිමත් කාලයක පටන් පැවැත එන ඉතා වැදගත් වූ චාරිත්‍රයකි. පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදු කිරීම තුළින් පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී. මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහර සංවිධානය කරන්නෝ වගබලා ගනිති. පැරැණි රජදවස පටන් පැවැත එන චාරිත්‍රයන්ට අනුව මහනුවර සතර මහා දේවාල මූලික කර ගනිමින් සිදු කෙරෙන කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප වැඩම කරනු ලබන්නේ අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයෙනි. ඇලි ඇතුන් සහිත පෙරහරකින් අලුත්නුවර සිට කිලෝ මීටර් 26 ක් දුරක් ගෙවමින් දින දෙකක් තිස්සේ වැඩම කරනු ලබන කප මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී සිව් කඩකට කපා සෙසු දේවාල අතර බෙදා දෙයි.

ඉතිරිය»

 

ඇසළ අමාවක පෝය


ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]