ගැටමාන්නේ හේමාලෝක නා හිමි වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම්
කොළඹ සල්පිටි කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය,
ගැටමාන්න රජමහා විහාරය ඇතුළු විහාර ඝනයේ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ
විශ්‍රාමලත් ධර්මාචාර්ය කෝරළේඉම විජයගිරි සම්මාන පරිවේණාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම
වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත , ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද සරණපාල ගැටමානේනේ
හේමාලෝක නාහිමියන් වහන්සේ අපවත් වී වර්ෂ පූර්ණ පින්කම් මාලාව අගෝස්තු මස 1 වනදා සිට
6 වැනි දා දක්වා සිරි තිසරණ ධර්මායතනයේදී පැවැත්වේ.
අගෝස්තු 01 දින පස්වරු 7.00 ට ධර්ම දේශනය – ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 02 වන දින
පස්වරු 7.00ට ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමිි, 03 වනදින පස්වරු 7.00ට
ධර්ම දේශනාව ශාස්ත්‍රපති දොඩම්පහල රාහුල හිමි, 04 වන දින පස්වරු 7.00 ධර්ම දේශනාව -
තලගල සුමනරතන නාහිමි, 05 වැනිදින පස්වරු 7.00 ධර්ම දේශනාව ගොම්බද්දල දමිත හිමි, 05
දින රාත්‍රි අටවිිසි බුද්ධ පූජාව - ඕමල්පේ සුමනරතන නා හිමි, අගෝස්තු 06 දින දවල්
අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාව පූජා කිරීම, 11 දිනට යෙදෙන නාහිමියන්ගේ 75 වෙනි ජන්ම
දිනය සිහිපත් කරමින් වෛද්‍ය සායනය වවුනියාව බෝගස්වැව වෛද්‍ය සායනය කායික රෝග විශේෂඥ
වෛද්‍ය සේනක පිලපිටිය මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ දායකත්යෙන් පැවැත්වේ. |