UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජගත් වෙසක් උළෙලින් ආගමික සංහිඳියාව ලොවට රැගෙන යා හැකියි - අගමැති

ජාත්‍යන්තර වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් ආගමික සංහිඳියාව ලොවට රැගෙන යාමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ පණිවුඩය ලෝකය වෙත ගෙන යාමට ලැබුණු අවස්ථාව සාර්ථකව ප්‍රයෝජනයට ගත යුතු බවත්, වෙසක් උත්සවය සඳහා බෞද්ධ නොවන අයගේ දායකත්වයත් ඉතා වැදගත් බවත් අගමැතිවරයා කියා සිටියේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු පැමිණීම නිසා සියලු දෙනාම ලංකාව දෙස බලා සිටින බවත් එය සාර්ථක කර ගැනීම සියලු දෙනාගේම වගකීම බවත් අගමැතිතුමා පෙන්වා දුන්නේ ය.කොළඹ විහාරස්ථාන සඳහා මූල්‍ය ආධාර පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා (24) පැවැති උත්සවයකට එක්වෙමින් එසේ කී අගමැතිවරයා ජාත්‍යන්තර වෙසක් උත්සවය සාර්ථක කිරීම වෙනුවෙන් සියලු දෙනා දායක විය යුතු බව ද කීය.

ඉතිරිය»

වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් සසුන්ගත කිරීමේ මුල් පියවර හම්බන්තොටදී

“එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල හා රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන කුල දරුවන් සසුන්ගත කිරීමේ වැඩසටහනේ පළමු අදියර අපේ‍්‍රල් 29 වන දා හම්බන්තොට බෙලිඅත්ත, දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත වූ අතර ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 03 වන දා ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී සිදු කෙරේ. වසර පන්දහසක කාලයක් පුරා අප මහා ගෞතම බුද්ධශාසනයත් බුදුන් වහන්සේ දේශනා කළ අසූහාර දහසක් වූ ධර්මස්කන්ධයත් ආරක්ෂා වූයේ සුපේෂල ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසකගේ දායකත්වයෙනි. එයිනුදු ධර්මධර, විනයධර භික්ෂු පරපුරේ කැපවීම දායකත්වය අතිමහත්ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සකසා දුන් දේ සැපතට මුල් වේ

" යම් දෙයක් සාංඝිකව පූජා කරන්නේ නම් එය ඉහළම පින්ගෙන දෙන්නකි.එහිදී අප දන්දෙන්නේ අතීත වර්තමාන අනාගත පිරිසකට නොව ඔවුන්ගේ ගුණදහම් උදෙසායි. උතුම් සඟ ගුණ සිහිකරමින් ඒ ගුණයන් වෙනුවෙන් දන් දීමයි කළ යුත්තේ. ඉන් ලැබෙන ආනිසංසය ඉතා විශාලයි." දානය යනු දීමයි. තමන් සතු දෙයක් අන්සතු කරදීම මින් අදහස් කරයි. අද අප රටේ බෞද්ධයන්ට ඉතා හුරුපුරුදු ජනපි‍්‍රයම පින්කම දානයයි. දාන, ශීල භාවනා යනුවෙන් සම්බුද්ධ ශාසනයෙහි උතුම් පින්කම් තුනක් නම් කොට ඇතත් අපේ බෞද්ධයා වැඩිපුරම නැඹුරු වී ඇත්තේ දානයටයි. එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා දානමය පිනට වඩා පව් සිදුකරගන්නා බව පෙනී යයි. සමාජයට පෙනෙන ලෙසත් සමහරවිට වෙනත් ආත්මාර්ථකාමී අදහසකින් සමහරු දන් දෙති. ඒවා දානමය පින්කම් ගණයට ඇතුළත් කරගත නොහැකිය.

ඉතිරිය»

නාස්තිකාර නොවන බොදු සැරසිලි

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විසින් වෙසක් උත්සවය සමරනු ලබන්නේ ආගමික උත්සවයක් වශයෙන් පමණක් නොවෙයි.ඔවුන් අලුත් අවුරුදු උත්සවය සමරා නිම වු පසු බොහෝ විට මාසයකටත් අඩු කාලයක් තුළ එළඹෙන වෙසක් උත්සවය ආගමික වශයෙන්ම පමණක් සමරනවා නම්, ආගමික ඇවතුම් පැවතුම් වලින්ම එය සැමරීමට ඉඩ තිබුණි. ඒත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් බහුතරයක් ආගමික භාවයෙන්ද, ඊට අමතරව විනෝදාශ්වාද ස්වරූපයෙන්ද, සැරසීමට උත්සාහ කරයි. වෙසක් සැරසිලි සඳහා වැඩි අගයක් ලැබීමට එය හේතුවක් වෙයි.වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවිය සඳහා වන වෙළෙඳ පොළක් නිර්මාණ වී තිබෙන ආකාරය දක්නට ලැබෙයි. වෙසක් උත්සවයක් සැමරීෙමිදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි. වෙසක් උත්සවය බුදුහාමුදුරුවන්ගේ උපත ,බුද්ධත්වය ,පිරිනිවීම, සමරන උත්සවයක් . එය පිරිපුන් ලාංකේය නොවන , පිරිපුන් බෞද්ධ උත්සවයක්. බුදුපියාණන් වහන්සේ නිරර්ථක දේ පිටු දැක්ක දේශකයාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ දේශනා වල කිසිදු ස්ථානයක නාස්තිය නොපිළිගෙන තිබීම පමණක් නොවෙයි, උන්වහන්සේ නාස්තිය කිහිප තැනක නොකළ යුත්තක් ලෙස දේශනා කර තිබෙනවා.

ඉතිරිය»

පස්වග තවුසන් හමුවීම
- සිතුවම - පුන්සර උදාර

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]