UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 63: ජාතක කතා ආශි‍්‍රත අජන්තා බිතුසිතුවම්

බුදුපිළිමයේ උපත - 63:

ජාතක කතා ආශි‍්‍රත අජන්තා බිතුසිතුවම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ජාතක කතා රාශියක් අජන්තා බිතුසිතුවම්වලින් නිරූපණය වේ.

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් සිව්වැනි කොට්ඨාසය ‘ජාතක පාළි’ නම් වේ. පාලි ගාථා හත්දහසකට ආසන්න සංඛ්‍යාවකින් යුක්ත ජාතක පාලියට බුද්ධ ඝෝෂ හිමියන් විසින් ලියන ලද අර්ථ වර්ණනාව ‘ජාතකට්ඨ කථා” හෙවත් පාලි ජාතක අටුවාවයි. එම ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍ය ග්‍රන්ථය නම් පන්සිය පණස් ජාතක පොතය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පූර්ව බෝසත් උප්පත්ති කථා වන බැවින් උප්පත්ති යන අර්ථයෙන් මේ කතා ‘ජාතක’ නම් වේ. සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේය. (සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය– ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ පි. 152-(2014)

අප රටේ ජාතක පොත පිළිබඳ මෙම කරුණු සඳහන් කළේ මේ පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහාය.

ජාතක කතා වස්තු කවීන්ට මෙන්ම පුරාවිද්‍යාඥයන්ට ද මානව විද්‍යාඥයන්ට ද එකසේම ප්‍රයෝජනවත්ය. ඒ ඒ කාලවල දඹදිව විසූවන්ගේ සාමාජික චාරිත්‍ර වාරිත්‍ර උපභෝග වස්තු ශිල්ප ශාස්ත්‍ර හා නීති පනත් ආදිය දැන ගැනීමට මේ කතා වස්තු රාජ කෝෂ්ඨාගාරයක් වැන්න. පුරාණ දඹදිව ජනයා විඳි දුක් පීඩාද ඔවුන්ගේ දුක් දොම්නස්ද සිතුම් පැතුම් ද ජාතක පොතින් දත හැකිය. (සාහිත්‍යෝදය කතා සහ සාහිත්‍ය කලාව මාර්ටින් වික්‍රමසිංහ පි. 40(1991)

පුරාණ දඹදිව අජන්තා –භාජා (මධ්‍ය ඉන්දියාව) ආදි ලෙන්වල ඇති ජාතක කතා ආශි‍්‍රත තොරතුරු ආර්යසූර ලේඛකයා විසින් ලියන ලද ජාතක මාලා වැනි ග්‍රන්ථවලින් ලබාගන්නට ඇත. පාලි ජාතකවල කරුණු මෙම අජන්තා බිතුසිතුවම් සඳහා උපයෝගි කරගෙන ඇත. (Ajanta murals –A Ghosh-Director Genaral of Archaology in India – P.4 (1987)
 

ජාතක කතා සහ බෞද්ධ සාහිත්‍යයෙහි තොරතුරු ආශි‍්‍රතව සිත්තම් කරන ලද බිතුසිතුවම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ පටන් අජන්තා ලෙන් ආශ්‍රිත චෛත්‍ය ශාලාවල දක්නට ලැබෙන බව ඉතා ප්‍රකටය. කෙසේ වුවද ඉතාමත් පරිපූර්ණ චිත්‍ර කලාවක් අජන්තාහි දක්නට ලැබෙන්නේ ගුප්ත රාජ යුගයේ (ක්‍රිස්තු වර්ෂ 5 හා 6 වන සියවස් වල) දීය. (2500 Years of Buddhism –Prof.P.V.BAPAT P.288-INDIA
 

බෞද්ධ සාහිත්‍යයෙහි ජාතක සහ අවදාන ආශි‍්‍රතව අජන්තා චිත්‍ර ශිල්පින් විසින් මෙම බිතුසිතුවම් අඳින ලද්දේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදීය. ඒ අතරේ සංඛපාල ජාතකය ,මහා ජනක ජාතකය, උම්මග්ග ජාතකයේ අමරා දේවියගේ කතාව, චම්පෙයිය ජාතකය යන ජාතක කතා ආශි‍්‍රත බිතුසිතුවම් පළමුවැනි අජන්තා ලෙනෙහි දක්නට ලැබේ. විදුර පණ්ඩිත ජාතකය (දෙවැනි ලෙන) වෙස්සන්තර ජාතකය, හංස ජාතකය සිංහලාව දාන, සහ සිබි ජාතකය ආශි‍්‍රත අජන්තා බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ අජන්තා හි 17 වැනි ලෙනෙහිය. (Ajanta Murals –A.Ghosh Director Genaral of Archaeology in INDIA –P. 36-37(1987)
 

වෙස්සන්තර ජාතකය පුරාණ භාරත දේශයේ මෙන්ම ලංකාවේද ඉතා ප්‍රකටය. වෙස්සන්තර ජාතකයට අයත්වන බිතුසිතුවම් අජන්තාවේ අංක 17 දරණ ලෙනෙහි දක්නට ලැබේ. ජාතක කතා කීපයක්ම මෙම ලෙනෙහි සිතුවම් කර ඇත. එයින් රාශියක්ම විනාශ වී ඇත. මෙහි දැක්වෙන්නේ මන්ද්‍රි දේවිය (වෙස්සන්තර රජතුමාගේ බිසව) ඉතා දුක්මුසු අයුරින් සිටින අන්දමය. කැඩුණු දත් සහිත මුඛය ඇරගෙන දරුවන් ඉල්ලන අන්දම ජූජක බමුණා ද මෙහි එක් සිතුවමකින් නිරූපණය කර තිබේ. රාජ මාළිගයද මෙහි බිතුසිතුවමින් නිරූපනය කර ඇත.

සාමාන්‍ය ජනතාව අතර ඉතා සංවේග ජනක වූ මෙම අවස්ථාවන් අජන්තා චිත්‍ර ශිල්පීහු ඉතා දක්ෂ අන්දමින් නිරූපණය කර ඇත.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ : බුදුපිළිමයේ උපත - 62:   බුද්ධ කාලයේ සිදුවීම් සිතුවම් කළ අජන්තා සිතුවම්

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]