UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් සසුන්ගත කිරීමේ මුල් පියවර හම්බන්තොටදී

වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් සසුන්ගත කිරීමේ මුල් පියවර හම්බන්තොටදී

“එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල හා රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන කුල දරුවන් සසුන්ගත කිරීමේ වැඩසටහනේ පළමු අදියර අපේ‍්‍රල් 29 වන දා හම්බන්තොට බෙලිඅත්ත, දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත වූ අතර ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 03 වන දා ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී සිදු කෙරේ.

වසර පන්දහසක කාලයක් පුරා අප මහා ගෞතම බුද්ධශාසනයත් බුදුන් වහන්සේ දේශනා කළ අසූහාර දහසක් වූ ධර්මස්කන්ධයත් ආරක්ෂා වූයේ සුපේෂල ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසකගේ දායකත්වයෙනි. එයිනුදු ධර්මධර, විනයධර භික්ෂු පරපුරේ කැපවීම දායකත්වය අතිමහත්ය.

මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් සම්බුදු සසුනේ චිර පැවැත්ම හා අතීත, වර්තමාන, අනාගත යන තෛ‍්‍රකාලික සම්බුදු සසුනේ ගලායෑමත්, ථෙරවාදී සම්ප්‍රදායේ පෝෂණය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් පැවිදීවීමේ ප්‍රවණතාවය ඉහළ නැංවීමත් අරමුණු කොට බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වී ශ්‍රී. බු. ව. 2561 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල හා රාජ්‍ය වෙසක් උළෙලට සමගාමිව දහසක් කුල දරුවන් සසුන්ගත කිරීම සහ උන්වහන්සේලා ශාසනික ප්‍රතිපදාවට හුරු කර යහපත් සංඝ සමාජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇත. එම වැඩසටහනට සමගාමීව සාමණේර ස්වාමීන්වහන්සේලා අධ්‍යාපනය ලබන කාලය දක්වා උන්වහන්සේලාට කැපකරු සාමණේර ක්‍රමයක් ආරම්භ කිරීම, අවශ්‍යතා සහිත සාමණේර ස්වාමීන්වහන්සේලාගේ දෙමාපියන් වෙත නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඒකාබද්ධව බුදුපුත් මාපිය වැඩසටහන යටතේ නිවාස ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, පැවිදි කරන ලද සාමණේර ස්වාමීන්වහන්සේලාගේ දෙමාපියන් සඳහා නොමිලයේ දඹදිව වන්දනා සඳහා අවස්ථා සලසා දීම, දෙමාපියන් වෙත විශේෂ වරප්‍රසාද සහිත කාඩ්පතක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. ඒ අනුව අප්‍රේල් මස 29 වන දින පෙ.ව. 08.05 ට හම්බන්තොට බෙලිඅත්ත, දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී කුල දරුවන් 75 දෙනෙක් සසුන්ගත කිරීම බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ හා අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, දිලීප් වෙදආරච්චි මැතිතුමා, ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මැයි 03 වන දින පෙ.ව. 09.05 ට ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස කුල දරුවන් 250 ක් සසුන්ගත කිරීමේ ජාතික මහෝත්සවය අති පූජනීය තෛ‍්‍රනිකායික මහා සංඝයා වහන්සේලාගේ මූලිකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කතානායක කරු ජයසූරිය මැතිතුමා, බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]