UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටට ගෞරවය ගෙනෙන කොළඹ නවම් මහා පෙරහර

අසිරිමත් සම්බුදු සිරිතේත්, සම්බුද්ධ ශාසනයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවූ පූජනීය ඓතිහාසික දිනයකි. නවම්පුර පසළොස්වක පොහොය දිනය. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසවු තනතුරු ලබන ලද්දේ නවම් පුන් පෝදාකය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේද තථාගත බුදුපියාණන් වහන්සේ මහ සඟරුවන වෙත ඕවාද ප්‍රාතිමොක්ෂය දේශනා කරන ලද්දේද නවම් පුන්පෝදාකය. නවම් මහ උදාවෙත්ම අපගේ සිහියට නැගෙන තවත් එක් වෙසෙසි කරුණක් වේ. එනම් කොළඹ නවම් මහා පෙරහර පිළිබඳවය. කොළඹ නවම් මහ පෙරහර දශක හතරකට ආසන්න කාලයක සිට පවත්වා ගෙන එනු ලැබේ. කලකට පෙර ඇසළ පෙරහර නමින් ගංගාරාමය මගින් පෙරහරක් පවත්වා ඇත. අපේ රටේ වෙනත් පෙරහරක් නොපැවැති මාසයක කොළඹ නවම් පෙරහරේ ආරම්භය සිදු විය. කොළඹ ගංගාරාමයේ නම කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝත්, පොඩි හාමුදුරුවන්ගේ නම කී පමණින් ගංගාරාමයත් සිහියට නැගෙන තරමට කොළඹ නගරයට අලංකාරයක් ගෙන දීම සඳහා ගංගාරාමය යුගයේ අවශ්‍යතාවය අනුව නවීකරණය වෙමින් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩ නැගී ඇත.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත්

නවම් පෝදා ප්‍රධාන දායකත්වය ඌරාගොඩ අමරවංශ හිමියන් සහ කිරිවැල්දොල පියනන්ද නා හිමියන් ඇතුළු වේයන්ගොඩ මාරපොල ශ්‍රී සුවිසුද්ධාරාම දායක සභාව ඇතුළු සංවිධාන මගින්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සෑම පුර පසළොස්වක පෝදාකම පැවැත්වෙන අතර නවම් පුර පසළොස්වක (10) පෝදාද මිහින්තලා පුදබිමේදී මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර මිහින්තලා කප්රුක් පූජාවේ දායකත්වය වේයන්ගොඩ මාරපොල ශ්‍රී සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ ඌරාගොඩ අමරවංශ හිමියන්ගේ සහ වැල්ලවත්ත ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරිය මඟින් ඉකුත් පොසොන් පෝදා ආරම්භ කරන ලද එම කප්රුක් පූජාව සෑම පුර පසළොස්වක පෝදාකම පැවැත්වේ.

ඉතිරිය»

පුංචි හදට සුවය දෙන්න ව්‍යාපෘතිය සඳහා පා ගමන 14 වැනිදා

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ව්‍යාපෘතිය විසින් හදවත් රෝගයෙන් පීඩා විඳින ළමා රෝගීින් සුවපත් කිරීම සඳහා LITTLE HEART නමින් සංවිධානයක් පිහිටුවා ඇත. රිජ්වේ ළමා රෝහලට අනුබද්ධිතව රජයේ අනුග්‍රහය ඇතිව මහල් දහයකින් යුතු අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ඒ සඳහා ඉදිකිරීමට යෝජනා වී ඇති අතර, එයට මිලියන දෙදහසක පමණ මුදලක් වැයවන බව කියයි. එයට ආරම්භයක් ගනිමින් “පුංචි හදට සුවය දෙන්න” තේමාව යටතේ මනුෂ්‍යත්වයේ පා ගමනක් මේ මස 14 වැනිදා තරුණ තරුණියන් දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පා ගමනේදී අත් පත්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමටත්, අරමුදල් රැස්කිරීම සඳහා කැට ව්‍යාපාරයක් පැවැත්වීමටත් තීරණය කර ඇතිබව එයට මාධ්‍ය අනුග්‍රහය සඳහා දායකත්වය දරණ ශ්‍රද්ධා රූපවාහිනිය වෙනුවෙන් අළුදෙණියේ සුබෝධි හිමියෝ දන්වා සිටියි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර දුකට භේද නැත

බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්ම දේශනය සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි. නවම් පුර පසළොස්වක පොහොය වසරේ දෙවන පොහොය දින එළැඹේ.බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සන්නිපාතය, සැරියුත් මුගලන් දෑගසව්වන් ලෙස පත් කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කිරීමද නවම් පොහෝ දිනක සිදු වූ වැදගත් සිදුවීම්ය. තුනුරුවනට ගරු කිරීමක් ලෙස කොළඹ ගංගාරාමයේ නවම් පෙරහර සිදු කරනුයේද එබැවිනි. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී එක් දිනක් පන්සියයක් භික්ෂූහු උවටැන් ශාලාවේ වැඩ සිටිද්දී ඇවැත්නි, මෙලොව සැපනම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීහ. කෙනෙක් කම්සුව ආදිය සමාන සුවයක් නැතැයි පැවසූහ. බුදුහු ඒ භික්ෂූන් සිටි තැනට වැඩම කර පළමුව සිදුවූ කථාව පිළිබඳව විමසා දැන් කුමක් පවසම්ද? මේ සියලු සැප සසර දුකට පිළිපන් ඒවාය. බුද්ධෝත්පාදය, ධර්මය ඇසීම සංඝ සමගිය, සතුටු සාමිචී බව සැප යැයි වදාරා ඉහත ගාථා දෙසූහ.

ඉතිරිය»

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම. සිතුවම - සත්සර ඉලංගසිංහ

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]