UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

නවම් පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදාන මෙහෙය වීම ශී‍්‍ර කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 08.00-09.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-11.00 පෙරවරු ධර්මදේශනාව කුබල්ගොඩ ධම්මාලෝක හිමි 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි,

පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය 02.00-03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව බණ්ඩාරවෙල සාරද හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව , 05.00-06.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්මදේශනා පිළියන්දල ධම්මවිවේක හිමි


ශ්‍රී සම්බෝධි විහාරස්ථානය බෞද්ධයා මාධ්‍ය ජාලය

පෝදා පෙරවරු 5.30-7.00 :– කිරි ආහාර බුද්ධ පූජාව සහ සීල සමාදානය, බුද්ධ වන්දනාව,භාවනාව හා අනුශාසනාව, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති,

ලන්ඩන ් නුවර ප්ලාස්ටෝව්හි ශී‍්‍ර සම්බෝධි භාවනා; මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 08.00-09.00 ධර්ම දේශනාව, වල්පොළ පියනන්ද නාහිමි, 09.30-10.30 ධර්ම දේශනාව, හගරංගල සුමේධ හිමි,11.00-11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව. මෙහෙයවීම:– ශ්‍රී සම්බෝධි විහාරවාසි අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30-2.00 දම්සභා මණ්ඩපය සාකච්ඡාව, දරණාගම කුසලධම්ම නාහිමි, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ,2.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30-4.30 ධර්මදේශනාව, වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 4.30-5.30 ධර්ම දේශනාව, යට්ටෝගොඩ ධම්මාලෝක හිමි, ඔසුපැන් පිරිනැමීම ,5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි දුරුතු පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන්, වලවෙල සෝමසිරි මාහිමි, වැලිගම ආරියවංශ මාහිමි ඇතුළු පරලෝ සැපත් සියලු දායක දායිකාවන් හා රට දැය සමය සුරක්ෂිත කරනු වස් දිවි දුන් අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ ගුණසමරු පුණ්‍ය මහෝත්සවයට සමගාමීව මෙදින විශේෂ ධර්ම දේශාකයාණෝ උණුවතුර බුබුලේ මහින්ද නාහිමි.

එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


ගෝනදෙණියේ සීවලී හිමියන්ගෙන් බුද්ධ ශාන්ති ආශිර්වාද පූජාවක්

ගෝනදෙණියේ සීවලී ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන බුද්ධ ශාන්ති ආශිර්වාද පූජාව නවම් පුර පසළොස්වක පොහෝදා සවස 6.00 ට වීරකැටිය හතමුණයාය බටහිර බුද්ධියාගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ නවම් පුන් පොහොය වැඩසටහන පොහෝ දින දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී පණ්ඩිත කණුබිච්චියේ රතනජෝති හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව 8.00 ධර්ම දේශනාව මාතෘකාව “සක්කාය දිට්ඨිය සසර දිගු කරන්නේ කෙසේද?” දේශකයාණෝ, ශාස්ත්‍රපති කර්මාචාර්ය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මාතෘකාව, “සංඛාර ධර්ම” දේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30 දවල් බුද්ධ පුජාව දවල් 12.00 ජාතක කතා දේශනාව, භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව 02 මාතෘකාව ධම්මපදයේ බාල වග්ගයෙහි එන ‘මධූ’ ච මඤ්ඤාති බාලෝ’ ගාථාව දේශකයාණෝ, ශාස්ත්‍රපති කිරම විමලතිස්ස හිමි. 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, මාතෘකාව, “අවිද්‍යාව පිටුදකින්නේ කෙසේද?” සහභාගිත්වය වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර, මහතා සහ ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහතා, 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව, මෙහෙයවීම, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය ප.ව. 6.00 නිමාව.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මකුරුප්පේ සෝමාලංකාර හිමි, 10.00 – 11.15 භාවනා, අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි,

පස්වරු 01.00 – 2.00 සෙත් පිරිත්, සිරි වජිරාරාමාධිකාරී, දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම වාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 4.00 – 6.00 ධර්මානුශාසනාව, ශාස්ත්‍රපති හංවැල්ලේ මේධංකර හිමි, 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව, සිරි වජිරාරාමාවාසී ස්වාමීන්වහන්සේලා


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ඓතිහාසික ගෝතමී මහා විහාරස්ථානයේ මාසිකව සිදුකරනු ලබන සීල සමාදානය පෝදා දවස පුරා ගෝතමී විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

පෙරවරු 6.00 ධර්මාසනය පූජා කිරීම, 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, මෙහෙයවීම ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනා, මෙහෙයවීම රාජකීය පණ්ඩිත පනාවල ධම්මධවජ හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, දායකත්වය හසිත දියබලනගේ,තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මඟින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම, මනෝ උපදේශිකා පි‍්‍රයන්ති ජයසිරි මහත්මිය. 1.30 ධර්ම දේශනාව මුරතුවෙල සීවලි හිමි, 3.00 ධර්ම දේශනාව මරදාන සංඝමිත්තා රාමාධිපති ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ ආචාර්ය දෙනියායේ සිරිනන්ද හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සීල පවාරණය


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී නවම් පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ.

පෝදා පෙරවරු 6.15 සීලසමාදානය මෙහෙයවීම වැලිකල පඤ්ඤාතර හිමි . 7.30-9.45 දහම් දෙසුම ගම්පහ සිරිසීවලී හිමි .10-11 දහම් දෙසුම පරේගම චන්ද්‍රාලෝක හිමි. පස්වරු 1-2.45 දහම් දෙසුම ලේනව මංගල හිමි. 3-4 දහම් දෙසුම අඟුණකොළපැලැස්සේ ඉන්දජෝති හිමි . 4.15-6 දහම් දෙසුම මගුරේ සුමේධ හිමි. 6.15-7 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වූ බෝධි පූජාව පටිගත කළ එකකි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, කැනඩාවේ නිශාසාගාර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කීඹිඇල කස්සප නාහිමි. 08.00-09.00 භාවනාව –ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව, අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 අභිධර්ම කතාව – අභිධර්මාචාර්ය පියදාස මතුගම මහතා, 11.00-11.15 බුද්ධ පූජාව ඕපනායක ධම්මවිරාග හිමි ඇඹිලිපිටියේ ධම්මජීව හිමි පස්වරු 12.30-12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩි මධුභානී හිමි මාගම විමල හිමි. 01.00-02.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00-03.00 ධර්මදේශනාව රත්නපුර උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී හගරංපොළ සුමේධ හිමි, 03.00-03.45 ධර්ම දේශනාව බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිති ඌරුපැලැව්වේ හේමාරාම හිමි,

04.00-05.00 ධර්මදේශනය – කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත හඟුරන්කෙත චන්දරතන නාහිමි 05.00-06.00 ධම්ම පදය – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම –ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු – 06.00-7.00 සීල සමාදානය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.15-10.00 භාවනාව , ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00-11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 දවල් තෙරුවන් වන්දනාව

පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 ධර්මදේශනාව, අතුරුගිරියේ විමලරතන මාහිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති මාහිමි. 4.00-5.00 ධර්මදේශනාව, ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති මාහිමි, 5.00-06.00 ධර්මදේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව .


මහනුවර තරුණ බෞද්ධ සංගමයේ පින්කම්

පෝදා පෙරවරු 6.00 – 7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව - මහනුවර අස්ගිරි මහා විහාරීය පිරිවෙනේ විහාරවාසී හිමි, 8.30 – 9.30 ධර්ම දේශනාව හා සාකච්ඡාව - කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරාධිපති නාලන්දේ පවර හිමි, 9.30 – 10.30 භාවනාව හා සාකච්ඡාව - නාලන්දේ පවර හිමි, 10.30 – 11.30 දවල් බුද්ධ පූජාව - මහනුවර අස්ගිරි මහා විහාරීය පිරිවෙනේ හිමි, පස්වරු 12.30 -01.30 – ධර්ම දේශනාව හා සාකච්ඡාව - මාවිල්මඩ ධර්මදුත මධ්‍යස්ථානාධිපති, දොරගමුවේ රතනසාර හිමි, 01.30 – 02.30 ධර්ම දේශනාව හා සාකච්ඡාව - මහනුවර වට්ටාරන්තැන්න, සමාධි සංස්කෘතික කේන්ද්‍ර විහාරවාසී, හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම කුශල හිමි, 3.00 – 4.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය – පැණිදෙණිය භාරතීය පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ආචාර්ය කොළඑළියේ සුදස්සී හිමි


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඌරුපැලැව්වේ හේමාරාම හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය - වෛද්‍ය සුදත් දම්සිංහ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම – ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව , 8.15 ධර්ම දේශනය – රත්නපුරේ පඤ්ඤාරතන හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමිි, 6.00 සිල් පවාරණය


පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේදී මල් පන්ලක්ෂයක්

පූජා කිරීමේ පින්කම මාර්තු 12 වනදා

මැදින් පුර පසළොස්වක පෝදා සවස 6.00 ට පැවැත්වේ. වාර්ෂිකව පැවැත්වෙන එම පින්කම මෙවර මල් පන් ලක්ෂයක් දක්වා වැඩි කර ඇත. විශේෂයෙන් ඉන්දියාවෙන් රැගෙන එන දාස් මල් සහ නෙළුම් මල් එම මල් පූජාවට ඇතුළත් කර ඇත. මේ නිමිති කරගෙන මාර්තු 12, 13, 14 යන තෙදින පුරා පින්කම් මාලාවකි. මැදින් පෝදා ධර්ම දේශනා භාවනා ඇතුළත් සිල් වැඩසටහනක්ද ඊට සමගාමීව ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වේ. සර්වරාත්‍රික පිරිත් ධර්ම දේශනාවෙන් පින්කම් මාලාව නිමාවට පත්වේ.විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම්මාලාව සංකල්ප දායක සභාව සහ විහාරස්ථ සංවිධාන එකමුතුව සංවිධානය කර ඇත.


පිටිගල ගුණරතන හිමියන්ගේ  ධර්ම දේශනාවක්

රත්නපුර බෝධිරාජාරාමයේ දී

පිටිගල ගුණරතන හිමියන්ගේ ධර්මදේශනාවක් නවම් පුන් පොහොය දින උදේ 9.00 රත්නපුර වරකාගොඩ පාරේ ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරයේ දී පැවැත්වේ. ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පණ්ඩිත ශාස්ත්‍රපති මාවෙල සුමන හිමියන්ගේ අනුශාසනයෙන් යුතුව පැවැත්වෙන එම ධර්මදේශනා පින්කමෙහි දායකත්වය දරනු ලබන්නේ රත්නපුර සන්ධ්‍යා ටෙක්ස්ටයිල්ස් ආයතනයේ අධිපති නිශාන්ත සේනාධීර මහතා ය. මෙදින ධර්මශ්‍රවණය සඳහා පැමිණෙන සැදැහැවතුන්ට පිටිගල ගුණරතන හිමියන්ගේ ධර්ම දේශනා ඇතුළත් ධර්ම පුස්තකයක් සමඟ ‘බුදුසරණ’ පුවත්පත නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත.


තණබද්දේගම නා හිමි ප්‍රතිමාවක් විවෘත කිරීම හා පස්වන ගුණසමරුව

තණබද්දේගම වැලිවිටිය, දිවිතුර නව විවිධ සේවා සමූපකාර සංගමයේ නිර්මාතෘවර මෙයට වසර පහකට පෙර අපවත්වී වදාළ තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය හා කහදණ්ඩාඇල ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධීපති ගාලු, මාතර දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝ නායක ධර්ම කීර්ති ශ්‍රී රාහුල ධර්මානන්දාභිධාන පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නා හිමියන් විසින් සිදුකළ ලෝක ශාසනික සමාජ මෙහෙවර අගයමින් තණබද්දේගම වැලිවිටිය, දිවිතුර නව විවිධ සේවා සමූපකාර සංගමය පරිශ්‍රයෙහි පෙබරවාරි 12 වන දින නාහිමියන්ගේ පිළිරුවක් ස්ථාපනය කරවා පුෂ්පෝහාර පිදීමේ උත්සවයක් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. එම උත්සවයේ දී ගුණ සමරු දේශනය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් සිදු කිරීමට නියමිතය. ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහත්වරු ඇතුළු දකුණු පළාත් සභා මැතිල් ඇමැතිවරු රාශියක් සහභාගිවීමට නියමිතය. එදින රාත්‍රී තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම යේදී විශේෂ මල්පහන් ගිලන්පස පූජාවක් ධර්ම දේශනාවක් හා ආහාරපාන දන්සැලක් පැවැත්වෙන අතර පසුදින දවල් අර්ධ ශතාධික සඟසතු මහා දානයක් පිරිනැමීමටත් කටයුතු යොදා ඇති බව විහාරාධිපති ශාස්ත්‍රපති පිණිකහනේ අනෝම නාහිමියෝ දන්වා සිටිති.


නාවාන සිරි සිද්ධත්ථාරාම පුරාණ විහාරය

සමනලතැන්නේ රාහුල හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෝදා ශීල සමාදානයක්, දහම්පාසල් සිසුන්ට පොත්, ඉතිරිකිරීම් ගිණුම් ප්‍රදානයක් ඇතුලු පින්කම් මාලාවක් සිදුවේ. පස්වරු 4.00 – 5.00 අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්වේ.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් එදින විශේෂ ජංගම වෛද්‍ය සායනයක්ද මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙයි. බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය. සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා රෝද පටු කිහිපයක් එහිදී අසරණ රෝගීන්ට ප්‍රදානය කරන අතර ප්‍රදේශවාසීන්ට පොල් පැල බෙදාදීම පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා අතින් සිදුවේ. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රී ලාල් නෝනිස් මහතා දහම්පාසල් ළමුන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් පළ කරන දෙසතිය සඟරාව හා බුදුසරණ පුවත්පත බෙදාදීම සිදුවෙයි.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි නවම් මස පුර

පසළොස්වක පෝදා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. පින්කම් මාලාවට දාන, ශීල, භාවනා ඇතුළු පින්කම් රැසක් ඇතුළත් වේ. මෙදින සවස 6.00 ට මාසිකව පවත්වනු ලබන බෝධි පුජා පින්කම මෙහෙයවනු ලබන්නේ කොබවක ශ්‍රී සුමනාරාම විහාරවාසී වීරියගම අනුරුද්ධ හිමියන් විසිනි.


තෙලවල ජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පාණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පුරපොහෝ දින වැඩසටහන පැවැත්වේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.30 – 10.30 ජාතක කතා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.30 – 11.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 11.15 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 1.00 – 2.30 ගිහි දේශනය ධර්මාචාර්ය, ආසිරි රාජපක්ෂ මහතා 2.30 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 3.00 – 3.40 සුධර්මා කුළඟන සමිතියේ රැස්වීම, 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහ පිරිත් දේශනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30

අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි. පස්වරු 12.15 ‘බුදුසරණ පුවත්පත’ ධර්මදානයක් ලෙස බෙදාදීම, දායකත්වය, ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනෙවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය මඟිනි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී නවම් පුන් පොහෝ දින අලුයම 05.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල. භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙවරු 8.00 – 9.00 දහම් දෙසුම දෙල්කඳ පුෂ්පාරාමවාසී පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 9.30 – 10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝදයරාමාධිපති මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.00 දහම් දෙසුම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විනීත හිමි 3.00 – 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී අතුරුගිරියේ ධම්මවිහාරී හිමි, සවස 6.00 විසිතුරු මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසි මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


කුප්පියාවත්ත ජයශේඛාරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ දී නවම්මස, පුරපසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛාරාරාමවාසි, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව ජයවර්ධනපුර ශ්‍රී ජයශේඛරාරාමාධිපති ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛාරාමවාසී ස්වාමීන්වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී සෙවනගල අජිත හිමි, 3.30 – 4.30 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්මදේශනය 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ධර්මදේශනය (පටිගත කරන ලද දේශනයක්)


නාවිමන ගිරිකන්දරාරාම පුරාණ රජමහා විහාරය

පෙරවරු 6.00 – 7.30 සීල සමාදානය, මල්, පහන්, ගිලන්පස උදෑසන කිරි ආහාර, බුද්ධ පූජාව (මෙහෙයවීම විහාරාධිපති යටලමත්තේ විපස්සි හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය පණ්ඩිත දෙනිපිටියේ සෝමරතන නා හිමි, 9.45 - 10.40 භාවනා වැඩසටහන, 11.00 – 11.30 දවල් බුද්ධ පූජාව, පස්වරු 1.00 – 1.30 සෙත් පිරිත් සජ්ඣායනය, 2.30 – 3.30 ධර්ම දේශනාව වල්පොල කමලසීල හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව පණ්ඩිත හල්ගම්පිටියේ සුමනකිත්ති හිමි, 6.00 සිල් පවාරණය, 7.00 – 7.30 සෙත් පිරිත් දේශනය, 7.30 බෝධි පූජාව


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෝදා පෙරවරු 6.00 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, මෙහෙයවීම, සිරි ගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි, 8.00 ගිහි දේශනය මෙහෙයවීම ෂේන් බිලොක් මහතා, 9.30 භාවනාව මහමෙව්නාවාසී ස්වාමීන් වහන්සේ නමකි. 11.30 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම රන්සෑගොඩ ඥානවිසුද්ධි හිමි, පස්වරු 12.45 පිරිත් සජ්ඣායනා සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස 1.15 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීම. 1.45 ධර්ම දේශනාව ලේනබටුවේ සාසනවිසුද්ධි හිමි, 2.00 ධර්ම කතිකාව, මෙහෙයවීම සෝමා කුමාරිහාමි මිය, කුඩච්චි මහතා සහ විජේසිරිවර්ධන මහතා, 3.00 ධර්ම දේශනය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 6.30 සම්බුද්ධ පූජාව සහ බෝධි වන්දනාව, මෙහෙයවීම රම්මලේ අරියවිසුද්ධි හිමි, ප්‍රධානත්වයෙන් ධර්මායතනවාසී සඟරුවන. මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ කුසුම් අතපත්තු එච්.ඒ. චන්ද්‍රිකා කුසුම් අතපත්තු, බමුණු ආරච්චි, ඒ කාන්ති යන මහත්ම මහත්මීහු වේ.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පරවරු 5.30 කිරිපිඬු පූජාව, 6.00 – 7.00 සීල සමාදානය හා අනුශාසනාව, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව ගලිගමුවේ ඥානදීප හිමි, 10.30 – 11.00 දෙතිස්ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ඇල්ලේ කුසලඥාන හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.30 – 5.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පස්වරු 6 සිට ඖෂධ 108 සහිත සම්බුද්ධ පූජාව. පෙබරවාරි 18 දින පෙරවරු 6.00 සිට පස්වරු 5.00 දක්වා භාවනා වැඩසටහන උඩුඊරියගම ධම්මජීව හිමියන් විසින් පවත්වනු ලැබේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]