UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත්

නවම් පෝදා ප්‍රධාන දායකත්වය ඌරාගොඩ අමරවංශ හිමියන් සහ කිරිවැල්දොල පියනන්ද නා හිමියන් ඇතුළු වේයන්ගොඩ මාරපොල ශ්‍රී සුවිසුද්ධාරාම දායක සභාව ඇතුළු සංවිධාන මගින්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සෑම පුර පසළොස්වක පෝදාකම පැවැත්වෙන අතර නවම් පුර පසළොස්වක (10) පෝදාද මිහින්තලා පුදබිමේදී මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

මෙවර මිහින්තලා කප්රුක් පූජාවේ දායකත්වය වේයන්ගොඩ මාරපොල ශ්‍රී සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ ඌරාගොඩ අමරවංශ හිමියන්ගේ සහ වැල්ලවත්ත ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරිය මඟින් ඉකුත් පොසොන් පෝදා ආරම්භ කරන ලද එම කප්රුක් පූජාව සෑම පුර පසළොස්වක පෝදාකම පැවැත්වේ.

මෙම නවම්පුර පසළොස්වක පෝදා කළගුණ සළකමු පදනම, වැල්ලවත්තේ පියනන්ද සමාජ සේවා පදනම, ශ්‍රී විසුද්ධාරාම දායක සභාව, සංඝමිත්තා සමිතිය, ව්‍යාපාර සංසදය, චන්ද්‍ර ෆොන්සේකා( ගුරු මහතා) ඇතුළු දායක පිරිසකගේ සංවිධානයෙන් සිදු කෙරේ. එස්.ඩී.ඒ.පී. සුබසිංහ, එස්.ඩී.සේනානායක, ඩබ්ලිව්ඒ. ජගත් පි‍්‍රයන්ත, එස්.ඩී. දයාවතී, මල්ලිකා සේනාධීර, ඩබ්ලිව්.කේ අනෝහාමි, දයා අඹේගොඩ, කමල් කුලතුංග, ඩබ්ලිව්.පී. පුෂ්පලතා, ඩබ්ලිව්.ඒ. කරුණාවතී, කේ.එම්. සේනානායක තියුණුවන් සේනාධීර, ජයතිස්ස හර්බට් රණතුංග, සුමනා ජයතිලක ,ඩබ්ලිව්.ආර්.පී. දර්ශන, ඒ.කේ. ලලනි ජයන්ති, ලක්ෂ්මන්, මීනා යන මහත්ම මහත්මීහු මෙවර පින්කමේ සංවිධායක පිරිස අතර වේ. කප්රුක් පූජා පින්කමට බෞද්ධ සංවිධානවලට සහ සැදැහැවතුන්ට දායකත්වය සඳහා ඇරැයුම් කරන අතර වැඩිවිස්තර 0779086274 න් සීසර් හෝ 0777207371 ජයමහගෙන් දැනගත හැකිය

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]