UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරහර සරසන්න මුල් ඇඳුම් නිමවන පී. වී.එස්. ජයරත්න

පෙරහර සරසන්න මුල් ඇඳුම් නිමවන පී. වී.එස්. ජයරත්න

නිළමේ ඇඳුම හෝ උඩරට මුල් ඇඳුම් උසස් තත්ත්වයෙන් හා පාරම්පරික වටිනාකම්වලින් යුක්තව නිර්මාණය කිරීමට මහනුවර පී.වී.එස්. ජයරත්න මහතා කටයුතු කරන්නේ කලාත්මක වටිනාකමද ආරක්ෂා කරමිනි. සිය මිතුන් මිත්තන්ගෙන් ලැබූ පළපුරුද්ද හා කලාත්මක නිර්මාණ කිරීමේ හැකියාව උපයෝගී කර ගනිමින් මුල් ඇඳුම් නිර්මාණය කර සිය පාරම්පරික උරුමය සුරකමින් වසර තිස්දෙකක කාලයක් මේ නිර්මාණයට දායක වී ඇත. උඩරට මුල් ඇඳුම දැඩිමුණ්ඩ දෙවියන්ගේ ඇඳුම ලෙස සැලකෙන අතර මේ ඇඳුම රැලි කලිසම, විල්ලුද පසු පටිය, සුදු තිප්පොට්ටිය, පච්චවඩම, සොමන, කවනිය, විල්ලුද උඩු ඇඟලුම, තොප්පිය, පිහිය, සපත්තු, පේරැස් මුද්ද, පදක්කම යන අංගවලින් සමන්විතය. මුල් ඇඳුම පළඳින විට පිළිපැදිය යුතු චාරිත්‍ර ද බොහොමයකි.

පෙරහර සඳහා නිලමේවරුන් ඇන්දවීම සිදුකරමින් ජයරත්න මහතා කතරගම, රත්නපුර, බෙල්ලන්විල, මහියංගණය, බදුල්ල, කැලණිය, කෝට්ටේ වැනි බොහෝ විහාරසේම දේවාල පෙරහරවලට අලංකරණයට තම දායකත්වය සපයයි. උඩරට විවාහ මංගල්‍යයන් සඳහා මනමාල පාර්ශවය අඳිනු ලබන්නේ මුල් ඇඳුම වන අතර එය විචිත්‍රවත්ව හා පාරම්පරික නිමැවුමකින් ඒ අයට සකස් කරදීමට කටයුතු කරදීම විශේෂත්වයකි. උඩරට මුල් ඇඳුම් සඳහා ඉතා උසස් වර්ගයේ රෙදි භාවිත කරමින් මැණික් වැනි ගල් වර්ග අල්ලා වර්ණවත් මෝස්තර යොදමින් ඒවා අලංකාර කර මනා වටිනාකමක් ලබාදීමට කටයුතු කරයි. මේ ඇඳුමේ පුරා තම වටිනාකම නොදැන බොහෝ දෙනෙක් මෙය වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වනවිට මෙහි පාරම්පරික හා කලාත්මක භාවයන් වියැකෙමින් පවති.

නමුත් පාරම්පරික උරුමයන් වෙනුවෙන් කටයුතු කරන කිහිප දෙනෙකු අප අතර නැතිවා නොවේ. මා සැමවිටම උත්සාහ කරන්නේ උඩරට මුල් ඇඳුමේ ගාම්භීරත්ව ආරක්ෂා කරමින් එහි පාරම්පරික වටිනාකම් රැකගෙන ඉතා හොඳ තත්ත්වයේ මුල් ඇඳුම් නිර්මාණය කර පෙරහර හා මංගල උත්සව අලංකරණයට අවශ්‍ය කැපකිරීම සිදුකිරීමටයි. පී.වී.එස් ජයරත්න මහතා තම ඇඳුම් නිර්මාණයේ හා ඒවා ඇන්දවීමේ පිළිවෙත සම්බන්ධයෙන් පවසා සිටියේ එලෙසිනි.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]