UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා මහ සෑ වන්දනාව 31 දා බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන්

ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ දී මෙම මස 31වනදා සවස 4 සිට මිහින්තලා වන්දනා පුණ්‍ය මහෝත්සවයක් මිහින්තලා රජ මහා විහාරාධිති හා භාරකාර ශාස්ත්‍රපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.ඒ අනුව 31 වන දා පස්වරු 4 ට අසූහාර දහසක පහන් පූජාව හා හේවිසි ශබ්ද පූජාව ද අම්බස්ථල සෑ රදුන් උදෙසා විශේෂ මල් පූජාවක්ද සිදු කෙරේ. අනතුරුව ගැබිණි මව්වරුන් 100 කට අවශ්‍ය උපකරණ පිරිනැමීම හා වියළි ආහාර සළාක 500 ක් පිරිනැමේ.

ඉතිරිය»

දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ජන්ම දිනයට දරුවන් අසූ දෙදෙනෙකුට ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 2017 ජනවාරි 02 දිනට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් බෞද්ධායතන දායක සභාව විසින් අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්ෂතා දක්වන, ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇත. විවිධ ප්‍රදේශවලින් තෝරාගත් දක්ෂ දරු දැරියන් අසූ දෙදෙනෙකු වෙත පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් මසකට රු. 2500/- බැගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුව වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය නිමවන තෙක් පිරිනැමීමට අදහස් කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොපිරිහෙන්නට නම් ශ්‍රමය ධනය හා කාලය ඉතිරි කරමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යානි කානිචි භික්ඛවෙ තුලානි
භොගෙන මහන්තං පත්තානි න
චිරට්ඨිතිකානි සබ්බානි තානි චතුහි
ඨානානි එතේසං වා අඤ්ඤතරෙන
කතමේහි චතුහි

අංගුත්තර නි. චතුක්ක නිපාතය, කුල සූත්‍රය

පින්වත්නි, ඉහත ගාථා පාඨයෙන් අපේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පරිහානියට හේතුවන කරුණු කීපයක් ඇති බව පෙන්වා දුන්හ. “යම් පුද්ගලයෙකු ළඟ හෝ, යම් පවුලක හෝ ගෙදරක, යම් ආයතනයක, පුද්ගල සමූහයක් අතර නැති වූ දෙය නොසොයයි ද, කැඩුණු බිඳුණු දෙය ප්‍රතිසංස්කරණය නොකරයිද, පමණ ඉක්මවා පරිභෝජනය කරයිද? දුස්සීල කාන්තාවක් හෝ පුරුෂයෙකු, නායකත්වයට පත් කරයිද, යන මේ කරුණු පරිහානිය ඇති කරන්නේ ය යනුවෙනි.

ඉතිරිය»

102 වන ජන්ම සමරුව නිමිත්තෙනි :

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමි

මෙරට මෑත යුගයේ පහළ වූ සංඝපීතෘන් වහන්සේලා අතර ගිහි පැවිදි උභය සමාජයේ ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින සංඝ පීතෘන් වහන්සේ නමකි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මහා නා හිමිපාණන් වහන්සේ දුටුවන්ගේ සිත් පහදවන අපූර්ව වාසනා ගුණයකින් යුක්තවන අතර උන්වහන්සේ ලද දෙයින් සතුටුව නිහතමානීව වැඩ සිටින යතිවරයන් වහන්සේ නමකි. ඇසුරු කරන්නන්ට පි‍්‍රයශීලීව සුහදව ආගමික, ශාසනික, සාමාජික විවිධ සේවාවෙහි ද දිගු කලක් නිරත වූ උන්වහන්සේ ආදර්ශවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.ආලෝක මුදියන්සේලාගේ කවිරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1915 දෙසැම්බර් 31දවුල්දෙණ ගම්මානයේ දී උපත ලද පින්වත් කුමරු කුඩා කල ඌව පරණගම ගුණරතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

ඉතිරිය»

සිදුහත් කුමරු උයන් ක්‍රීඩාවට පිටත්ව යෑම. සිතුවම - පුන්සර උදාර

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]