UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක 2016.12.28

නැවත සිතා බැලීම

සතුට පරම ධනයයි. නිවැරැදි ජීවිත ගත කරන විට සතුට නිරායාසයෙන් ලැබෙන්නකි. අධර්මයෙන් වෙසෙන්නා සතුටෙන් වෙසෙන සේ පෙනී ගිය ද ඔහු හිතෙන් සිය දහස්වර දුකෙන් තැවීම ස්වභාවයයි. භෞතික සැප සම්පත් ලද පමණින් ඒ තුළින් සැපත සතුට නොලැබෙන බව ගම්‍ය වන්නකි. ඇතැමෙක් ධනය නැතැයි දුකට පත්වෙයි. බලාපොරොත්තු අපේක්ෂා පොදි බැඳගෙන සිටියද ධනය නොමැති කල බලාපොරොත්තු සඵල කර ගැනීමට අපහසුය. ධනය දැහැමිව සෙවීමට උත්සාහ කළ යුතුය. දහදිය වගුරුවා තම ශක්තියෙන් දැහැමිව උපයා ගන්නා ධනය තමාට රිසි සේ ජීවත්වීමට ඇතැයි සතුටුවිය යුතු ය. උත්සාහයෙන් උපයා ගන්නා ධනය අනවශ්‍ය දේ සඳහා වැය කළ යුතු නොවේ. ධනයෙන් සතුට ලැබීමට නම් ලද පමණින් සතුටෙන් ජීවත්විය යුතු ය. ධනය සෙවීමට බුදුදහමෙන් බාධාවක් නොවේ. එහෙත් උපයන ධනය ධාර්මිකව උපයා ගත් කළ හිතට එය මහත් සතුටක් ගෙන දෙයි.

සම්මතයට අනුව වසරක් ගත වී තවත් වසරක උදාවට ඇත්තේ තවත් දින කීපයක් පමණි. එබඳු අවස්ථාවක තම ජීවිතය පිළිබඳ ආපස්සට හැරී බලා සතුටු විය යුතුය. එසේ සතුටු විය හැක්කේ තමා නිවැරැදිව ජීවිතය ගත කළේ නම් පමණි. අයහපත් දැයෙහි යෙදුණේ නම් සතුට නොව අසතුට ගෙනදේ. අනෙකා සතුටු වන හෙයින් තමා ද සතුටුවීමට උත්සාහ කළ ද සත්‍ය ලෙස තමාට සතුටුවිය හැකිදැයි සිතා බැලීම කළ යුතු ය. ගෙවී ගිය වසර නැවත උදාකරගත නොහැකිය. උදාවන වසරේදීවත් ගෙවී ගිය වසරේ වූ අඩුපාඩු මඟ හරවා ගෙන ජීවිතය නිවැරැදිව ගත කිරීමට අදිටනක් තබා ගැනීමට කල්පනා කළ යුත්තකි. ජීවත්වීම නම් ඕනෑම අයෙකුට කළ හැක්කකි. එහෙත් මනා සිහි නුවණින් යුක්තව ජීවත්වන්නා හැම විට ජීවිතය පිළිබඳ ඉඩ ලද හැම මොහොතකම බුද්ධිමත්ව කල්පනා කරනු ලැබේ.

අධර්මයෙන් බොහෝ කලක් ජීවත් වනවාට වඩා ධාර්මිකව කෙටිකලක් වුවද ජීවත්වීම මහත් වාසනාවකි. ජීවිත කාලය පුරා ධනය සොයා යාමටම පමණක් ජීවත්වීම සීමා කළ යුතු නොවේ. දැහැමිව උපයන ධනයෙන් තමන් ප්‍රයෝජන ගන්නාසේම තමා අතින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම්ද මැනවින් ඉටුකළ යුතු ය.

එවිට ඒ ගැන සිතා මහත් සතුටක් උදාකරගත හැකිය. යුතුකම් හා වගකීම් ඉටු කිරීම වසරේ එක් කාලයකට හෝ දිනකට සීමා නොකළ යුත්තකි. එය ජීවිත කාලය පුරා ඉඩ ලද සෑම මොහොතකම ඉටු කළ තරමට ඊටත් වඩා මහත් සතුටක් ගෙන දෙයි. නිරාමිස සතුට හදවත පිනවයි. එය පිනට යොමු කරවන්නකි. කවර අයෙකුට වුවද පින අවශ්‍ය බව බෞද්ධයා වෙත අමුතුවෙන් කිවයුතු නැත. ගුණ දහමේ යෙදුණු තරමට පිනට දහමට නැඹුරු වේ.

ගතත් සිතත් පුහුණු කළ යුත්තේ පිනට දහමටය. එසේ වූ විට ජීවිතය දෙස හැරී බලමින් අඩුපාඩු මඟ හරවා ගැනීම පහසුය. ජීවිතයක ඇතිවන අඩුපාඩු අවම කර ගැනීමද වගකීමකි. යහපත් පුරුදු ජීවිතයට හුරුකරගත යුත්තේ එය සසර පුරුදු වන බව තේරුම් කරගෙනය. කෙසේ හෝ ජීවත්වීම පුරුදු කර නොගත යුත්තකි. උත්සාහයෙන්, ධාර්මිකව ජීවත්වීමටත් ලද පමණින් සතුටෙන් ජීවත්වීමටත් උත්සාහ කළ යුතු ය. එබඳු තැනැත්තාගේ අපේක්ෂා ද සීමා සහිතය. අපේක්ෂා, බලාපොරොත්තු මත යැපීමෙන් දුකත් අසහනය ඇති කරවයි. සහනයෙන් ජීවත්වීමේ වගකීම පැවරෙනුයේ තමාටමය. එහෙයින් පසු නොතැවෙන දැයෙන් වෙන්ව සතුටෙන් ජීවත්විය හැකි අයුරින් ජීවිතයේ යහපතට, පුරුදු කරගත යුතු මහඟු ගුණයක් ලෙස කල්පනා කළ යුතු ය.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]