UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා වන්දනා වාරය උඳුවප් පෝදා ඇරැඹේ

සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩමවීම 12 වනදා

ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුන්පොහෝ දිනය යෙදෙන දෙසැම්බර් 13 දින ආරම්භවී 2017 වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය. පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත්කර තිබෙන සධාතුක කරඬුව , දේව ආභරණ හා සුමන සමන් දේව ප්‍රතිමාව 12 දින රාත්‍රියේ ශ්‍රී පාද මළුව වෙත පෙරහරින් වැඩම කිරීමට නියමිතය. ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට පෙරහර තුනකින් දේව ආභරණ රන්මුවා පිළිම හා සධාතුක කරඬුව මළුව වෙත වැඩම කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.

ඉතිරිය»

කැලණියේ දුරුතු මහා පූජෝත්සවයට දිනපතා දම් දෙසුම් මාලාවක්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ඔක්තෝබර් 29 වන දා ආරම්භ වූ අතර 2017 ජනවාරි 13 වන දා දක්වා එය පැවැත්වේ. කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පූජෝත්සවය පැවැත්වේ.

ඉතිරිය»

දන් දීමෙන් ලැබෙයි අනුසස්

දක්ඛිණා විභංග සූත්‍ර දේශනාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දන් දිය යුතු ආකාරය, දන් දිය යුතු ප්‍රතිග්‍රාහක පිරිස හා ප්‍රතිග්‍රාහක හා දායක පිරිස අතර පැවැතිය යුතු සීල, සමාධි, ප්‍රඥාවන්ගෙන් යුතු ගුණ සම්බන්ධය පිළිබඳවත් දේශනා කරනු ලැබුවා. එමෙන් ම එහි දී ඒ ඒ පුද්ගලයන් විසින් දන් පූජා කිරීමෙහි ඇති ආනිසංස පිළිබඳවත් සඳහන් කරනු ලැබුවා. නිදසුනක් ලෙස දැක් වූ තිරිසන් සතෙකුට යමක් දීමෙන් සියක් අනුසස් ලැබෙන බව පැහැදිළි කරනු ලැබුවා. සීලය හා ගුණය ඉහළ ස්වභාවයට පත්වන විට පුද්ගලික දාන අතර බලවත් වූ කුසලයක් සකස් වෙන ආකාරය දේශනා කරනු ලැබුවා. එමෙන් ම පොදුවේ සතර ආකාරයකින් සාංඝික දානයක් පූජා කළ යුතු ආකාරයත් පෙන්වා දෙනු ලැබුවා.තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින සමයෙහි දිනක් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දානයේ ඇති අනුසස් විමසනු ලදුව එම ගාථා රත්නයෙන් පිළිතුරු අදහස දේශනා කරනු ලැබුවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මවුපියන්ට සැලකීම පින්වැඩෙන පින්කමක්

ධම්මේන මාතා පිතරෝ භරෙය්‍ය
පයෝජනයේ ධම්මිකං සො වණිජ්ජං
එතං ගිහි වත්තයං අප්ප මතෙතා
සයං පභෙ නාම උපෙති දෙවේති

පින්වත්නි, අම්මා සහ තාත්තා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය කියාපාන (ධම්මික සූත්‍රයේ) ගාථාවකුයි අද මගේ දහම් ලිපියේ මාතෘකා ගාථාව ලෙස තෝරාගත්තේ. මෙහි තේරුම සඳහන් කරනවා නම් ධාර්මිකව ලබන දෙයින් මවුපියන් පෝෂණය කරන ධාර්මික දේම වෙළෙදාම් සඳහා යොදන නොපමාව ගිහියන් විසින් කළ යුතු යහපත් වත් පිළිවෙත් ආරක්ෂා කරන තැනැත්තෝ ප්‍රභාමත්ව කාමාවචර දෙව්ලොව උපදී. මවුපියන්ට සැලකෙන බෝධිසත්ව දරුවන්ට දෙව්ලෝ සිරි සැපත උදාකර ගන්නට පුළුවන් බව එහි මනාව පැහැදිලි කරල තිබෙනවා. අම්ම, තාත්තා දෙන්නා ළඟින් තබා ගෙන පෝෂණය කරන්න පුළුවන්නම් එය දරුවෙකුගේ පුදුම භාග්‍යයක් පින් වැඩෙන උදාර පින්කමක්.

ඉතිරිය»

පදවියේ තිස්සපුර වැසියන්ට අතහිත

බෝධි ප්‍රාකාරය ඇතුළු විහාරාංග රැසකට විදුලි ආලෝකය ලබා දි, ගොඩනැගිලි වර්ණවත් කරමින් බෝධි ප්‍රාකාරය අටවිසි බෝධි ප්‍රාකාරයක් කරමින් ඒ සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ 28 නමක්, අටපිරිකර, ගිලන්පස, අෂ්ඨපාන භාජන කට්ටල 28 ක් පාවාඩ දෙකක්, මුතුකුඩ, පූජා කරමින් බෝධි පූජාවක් පවත්වා මහා සංඝරත්නය සඳහා දවල් සාංඝික දානයක් පිරිනැමීම ඇතුළු තවත් විශේෂ පින්කම් රැසක් සිදු කැරිණි.

ඉතිරිය»

සිදුහත් කුමරු ශිල්ප හැදෑරීම. සිතුවම - පුන්සර උදාර

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]