UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කළුතර, නාගොඩ භික්ෂු නිකේතන විහාරාධිපති, කම්මට්ඨානාචරිය, පාදුක්කේ සද්ධාධජ නාහිමියන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා ඇතුළු වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශය වී ඇත්තේ උන්වහන්සේට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවද කියයි. වකුගඩු ශල්‍ය කර්මයක් සිදු කරන තෙක් සතියකට දෙවතාව බැගින් සිදු කෙරෙන රුධිර කාන්දුකරණය සඳහාද විශාල මුදලක් වැය වන බැවින් එම මුදල් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇතැයි දායක සභාවේ ලේකම් කියයි.

*****

සමාජයේ ධාර්මික වු ජන ප්‍රසාදයක් ගොඩ නගා ගත් තෙර නමක් වන නාහිමිපාණන් වහන්සේ හතළිස් වසරකට ආසන්න තම පැවිදි ජීවිතය ශාසනයේ මෙන්ම බෞද්ධයාගේ හිත සුව පිණිස කැප කළ පරාර්ථකාමි යතිවරයාණන් වහන්සේ නමක් බවද කියයි. එහෙත් එම කාර්යය මෙම අසනීප තත්ත්වය කරණ කොට මේ වන විට නතර වී ඇති අතර උන්වහන්සේගේ ජීවිතයද අවධානමකට පත්ව ඇති බව පැවසේ. එබැවින් උන්වහන්සේගේ චිරජීවනය උදෙසා කැපවීම කෘතඥපූර්වක සැමගේ යුතුකමක් ලෙස විහාරස්ථ දායක සභාව ලෙස සිතන බවද කියයි.

*****

නාහිමිපාණන් වහන්සේගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට අවශ්‍ය මුලික කටයුතු මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින අතර එහිලා පවතින ගැටලුව වනුයේ මූල්‍යමය අවශ්‍යතාව සපුරා ගැනීමේ නොහැකියාවයි. එබැවින් කිසියම් වු ආධාරයක් ලැබෙන්නේ නම් එය නාහිමියන් චිරාත් කාලයක් ජීවත් කරවීම උදෙසා හේතු වන්නක් බැවින් නාහිමියන්ගේ චිර ජීවනය උදෙසා මෙම ශල්‍ය කර්මය සඳහා මූල්‍යමය වශයෙන් ආධාර වන ලෙස සිහිපත් කරන බවද දායක සභාව දන්වා සිටී. ගිණුම – ලංකා බැංකුව කළුතර ශාඛාව 79869894 දුරකථනය 071 7003543 071 7949899

*****

මහනුවර ලේවැල්ල පාර අංක 68/25 ලිපිනයෙහි පදිංචි පද්මකුමාර අත්තනගොඩ මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පරිත්‍යාගශීලියෙකු වෙතොත් 071 6189177 දුරකථන අංකයට දන්වන මෙන් ඥාතීහු ඉල්ලා සිටිති.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]