UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන්ගේ 95 වන ජන්ම දින සැමරුම්  පුණ්‍යෝත්සවය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (27) මහනුවර, මැණික්හින්න, හුරීකඩුව, ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අභිනව භික්ෂු නේවාසිකාගාරය, සහ දාන ශාලාව ද සඟ සතු කොට පූජා කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය. මහා නාහිමියන් වෙත ජන්ම දින සුබ පැතුම් පළ කළ ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන් වූහ. අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද පුණ්‍යෙීත්සවයට එක්ව සිටියහ.

 

සිරිපා වන්දනා වාරය උඳුවප් පෝදා ඇරැඹේ

සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩමවීම 12 වනදා

ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුන්පොහෝ දිනය යෙදෙන දෙසැම්බර් 13 දින ආරම්භවී 2017 වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය. පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත්කර තිබෙන සධාතුක කරඬුව , දේව ආභරණ හා සුමන සමන් දේව ප්‍රතිමාව 12 දින රාත්‍රියේ ශ්‍රී පාද මළුව වෙත පෙරහරින් වැඩම කිරීමට නියමිතය. ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට පෙරහර තුනකින් දේව ආභරණ රන්මුවා පිළිම හා සධාතුක කරඬුව මළුව වෙත වැඩම කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.

ඉතිරිය»

 

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]