UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා

ශ්‍රී ලංකා පොලිසිය අනුග්‍රහයෙන්

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය 2323 වැනි පොසොන් පොහොය දින සිට නොකඩවා මාස් පතා සෑම පුර පසළොස්වක පොහොය දිනකම කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කර තිබේ . ඒ අනුව ප්‍රථම කප්රුක් පූජාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් විසින් පැවැත්වු අතර දෙවන කප් රුක් පූජාව නාවික හමුදාවේ රණවිරුවන් විසින් සිදු කළ අතර තෙවන කප් රුක් පුජාව ඉකුත් නිකිණි පෝදා (17) සවස මිහින්තලා මහ සෑයේදී ශ්‍රී ලංකා යුද හමුදාපති තුමාගේ උපදෙස් පරිදි යුද හමුදා රණවිරුවන් විසින් සිදු කරන ලදී.

ඉතිරිය»

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සැමරීමේ උත්සවය මෙරටදී

එක්සත් ජාතීන්ගේ 14 වෙනි වෙසක් දිනය 2017 වසරේදී උත්කර්ෂවත් අන්දමින් මෙරටදී පැවැත්වීමට රජය සූදානම් වන අතර ඒ සඳහා පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ ප්‍රථම රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 12 වෙනි දින පස්වරු 6.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි. 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 14 වෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට විශේෂ සැලැස්මක් පිළියෙළ කර ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉතිරිය»

භික්ෂුණී සමාජය ස්ථාපිත වූ බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ ඉතා සුවිශේෂී දිනයකි. භික්ෂුණී සමාජය ආරම්භ වීම එහි ප්‍රධාන හේතුවයි. බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සැදුම්ලත් එකකි. සුදෝවුන් මහ රජතුමාගේ දෙවන අගබිසව වූ ද සිද්ධාර්ථ කුමරුගේ දෙවන මව්වූද, නන්ද කුමරුගේ මෑණියන් වූද මහාප්‍රජාපතී ගෝතමිය බිනර පුර පසළොස්වක පොහෝ දිනක පැවිදි උපසම්පදාව ලත් හෙයින් එයම භික්ෂුණී සමාජයේ අරැඹුම විය. නමුත් එම භික්ෂුණී සමාජයේ ආරම්භය ඉතා පහසුවෙන් ඇති වූ දෙයක් නොවේ. එම උතුම් අවස්ථාව කාන්තා පක්ෂයට උරුම වූයේ ඉවසීමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙනි. සංවිධානය වීමේ මෙන්ම දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ බව කාන්තාවන්ගේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම පිළිබඳ වංශ කථාවේ විස්තර වේ.

ඉතිරිය»

ගැටබරු ඇසළ පෙරහර මංගල්‍යය සංස්කෘතික හා ආගමික පුනර්ජීවයට උරදෙන්නකි

දක්ෂිණ ලංකාවේ මාතර දිසාවේ, මොරවක් කෝරළේ, කොටපොල පිහිටි සිසිල් තෙත් බවින් යුත් සුන්දර වන පෙතින් ගැවසීගත් ගැටබරු කඳුශිකරය අනුරාධපුර යුගයේ වළගම්බා රාජ සමය දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට නෑකම් කියන පුණ්‍ය භූමියකි. නිල්වලා ගඟේ ඉහළ නිමිනය මෙන්ම, ජල පෝෂිත කලාපය, මොරවක් කෝරළය හා කන්දබඩ පත්තුවේ මෙම ප්‍රදේශය පැරණි රෝහණ රාජධානියේ බටහිර කලාපයට අයත් වේ. මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේත්, කන්දබඩ පත්තුවේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවාපත්තුවේත් ජීවත් වන ජනීජනයාගේ වන්දනා මානයට පාත්‍රවන ඔදතෙද වන් ඓතිහාසික දේව වංශ කතාවේ ප්‍රදේශාධිපති විරුවෙකු වූ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් උදෙසා පිහිට වූ දෙවොල ගැටබරු ලෙන් විහාරය තුළ ඉදිකර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ධම්මරථ සූත්‍රය


තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගෙන් බණ ඇසූ එක්තරා තරුණයෙක් පැහැදී සසුන් ගත වී භාවනා කරන පිළිවෙළ ඉගෙන විවේකස්ථානයක නැවතී කමටහන් වැඩීය. ජීවිතාන්තය දක්වාම භාවනා කළත් මාර්ගඵල ආදියත් ලැබීමට අසමත්වීය. භාවනා කරද්දී සක්මන් මලුවේදීම අපවත් විය. තව්තිසා දෙව්ලොව උපත ලැබීය. භාවනා රම්මණය තදින් ගෙන විසූ බැවින් මළ බවවත් දෙව්ලොව උපන් බවවත් හේ නොදත්තේ ය

ඉතිරිය»

මෙහෙණ සසුන පිහිටුවීම.
සිතුවම - සත්සර ඉලංගසිංහ

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]