UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමේ විවිධත්වය

 බුදු දහමේ විවිධත්වය

බෞද්ධාගම ගැන අවබෝධයක් ලබාගැනීම සඳහා ඉතා වැදගත් වන්නේ එය විශ්වාසයන්, සමූහයක් ඒකාබද්ධ ගල්ටැඹක් වැන්නක් නොවන බවත් බුදුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු අවුරුදු 2500 පමණ කාලයක් තුළදී එය අඛණ්ඩව වෙනස්වීම්වලට භාජනය වී ඇති බවත්, තේරුම් ගැනීමය. එහෙත් යම් යම් සම්ප්‍රදායන් වෙනස් නොවී එසේම පැවතී ඇත. බුද්ධාගම ඉන්දියාවේ සිට ව්‍යාප්ත වී යද්දී ඊටම අයත් වාස්තු විද්‍යාව ද ඒ සමඟම ව්‍යාප්තවී ගිය අතර (බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් සඳහා ගොඩනැගුණ ස්මාරකයේ ධාතු මංජුසා වන) ස්ථූප, ශ්‍රමණ වෘත්තීය ගොඩනැගිලි, ප්‍රතිමා ශාලා සහ පුස්තකාල ආදිය ද ඊට අන්තර්ගත විය. එසේම ඒ අතර බෞද්ධ මූර්ති ශිල්පය, සිතුවම් සහ සාහිත්‍ය සම්ප්‍රදායත් මෙන්ම කලාව සහ ගෘහනිර්මාණ ශිල්ප නිෂ්පාදනය සඳහා නව තාක්ෂණයන්ද ගොඩනැගුණි

බුද්ධ ධර්මය කර්මය පිළිබඳව විශ්වාසය හෙවත් යහපත අයහපත පිළිබඳව හැසිරීම මත තීරණය වනු ලබන පුරුත්පත්තියක් පිළිබඳ විශ්වාසය පිළිගනු ලැබේ බුදුන් වහන්සේ වියපත්වීම රෝගාබාධ සහ මරණය යන දුක්වේදනාවලින් ජීවිත පිරීගොස් ඇති බව නිරීක්ෂණය කරමින් තේරුම් ගත්තේ නිරන්තරයෙන් සිදුවන පුනරුප්පත්තිය පිළිබඳ අපේක්ෂාව නිසා අනන්ත දුක් වේදනා අපේක්ෂා කළ හැකි බවයි. උන්වහන්සේගේ අරමුණ වූයේ කර්මයන් කෙළවර කර කර්ම ශක්තිය පිළිබඳ චක්‍රයෙන් ගැලවී යාමයි. උන්වහන්සේ ඒ සඳහා පහත සඳහන් සත්‍යයන් හතරක් සොයා ගත්හ. ජිවිතය දුක් සහිතය. ඒ දුකට හේතුව ආශාවයි. දුක කෙළවර කර ගැනීමට යමෙකු කළ යුත්තේ ජීවිතයටම පවා ඇති ආශාවන් නැතිකර දැමීමයි. එසේම අෂ්ඨාංගික මාර්ගය යනුවෙන් හැඳින්වෙන සදාචාරමය හා භාවනානුමය න්‍යායය සංග්‍රහය අනුගමනය කළ යුතුය. මෙම ධර්ම හෙවත් දර්ශන මාර්ගය බුද්ධාගමේ රත්නයන් අතර දෙවැන්නයි. පළමුවැන්න බුදුන් වහන්සේය. තුන්වැන්න ශ්‍රාවක සමූහයයි.

බුද්ධාගමේ මුල්ම යුගයේදී ථේරවාදය බුදුන් වහන්සේ සම්බන්ධ පොත් උන්වහන්සේගේ ශාරීරික ධාතු පිහිටා ඇති ස්ථාන ශුද්ධ ස්ථාන ලෙස සලකා මැටියෙන් සාදන ලද ගොඩනැගිලි හෝ ස්තූප පිහිටුවා චාරිත්‍රානුකූලව ඒවා පැදකුණු කරන ලදී. කාලයකදී ඒ සඳහා බෞද්ධයින් වඩාත් ස්ථාවර ද්‍රව්‍යයන් එනම් මුලදී ගඩොල් ද පසුව කළුගල් ද යොදා ගනු ලැබූ අතර, කඳුවල පිහිටි ස්වාභාවික පර්වත වලින් ගුහා ආශ්‍රම සහ ස්තූපයන් ද කොට නිර්මාණය කර ඇත. සාමාන්‍යයෙන් ඉහළම තැනක ඇති මේ ගුහා බැතිමතුන්ගේ ආධා්‍යත්මික ගමනාන්තය බවට පත්වී ඇති අතර ඔවුහු මේ කඳු තරණය කරන්නේ ඒවායේ වාසය කරන භික්ෂූන් හා සමඟ සම්බන්ධ වෙමින් වන්දනාමාන කිරීමටය.

ක්‍රි.ව. පළමුවන සියවස කාලයේදී බුද්ධාගම චමත්කාර ලෙස වෙනස්විය. සමහරවිට එසේ වන්නට ඇත්තේ ගැලවුම්කාර දෙවිවරුන් කීප දෙනෙකු පිළිබඳ අළුත් විශ්වාසයන් ගොඩනැගී වෙනත් ආගමික සම්ප්‍රදායයන් හා සමඟ ඇති වූ සම්බන්ධකම් මතවන්නට පිළිවන. යම් පුද්ගලයෙක් ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මික ප්‍රවර්ධනය සඳහා එකම වගකීමක් මත බැඳි සිටිනවාට වඩා මෙම දිව්‍යමය භව්‍යත්වයත් කෙරෙහිත් පිහිට පැතීමට බලාපොරොත්තු වූවා විය හැක. ප්‍රධාන කොටස එවැනි අය අතරට එකතු වන්නේ අන්‍යයන්ගේ යහපත උදෙසා තම තමන්ට හිමි බුද්ධත්වාවබෝධය කල්දමන ලද බෝධිසත්ව වරුන්ය. මහායාන නමින් හැඳින්වෙන මේ අළුත් ව්‍යාපාරයට ඊටම අයත් දේවමණ්ඩලයක්, ආගමික ග්‍රන්ථ සහ චාරිත්‍රමය අභ්‍යාස ක්‍රම ඇතුළත් විය. මහායානයේ සමහර ඉගැන්වීම්වලට අනුව කල්ප ගණනාවකින් වෙන් කරන ලද චක්‍රීය පෙනී සිටීමක් ඇති අනාගත බුදුවරයෙකු ගැන විශ්වාසයක් ගොඩනැගී ඇති අතර, එම බුදුන්ගේ සම්ප්‍රාප්තියට පෙර ලෝකය විනාශයට පත්වී සාදාචාර නොවන හැසිරීම් රටාවක් නිසා ගුණදහමින් පිරිහි යන නමුත් එකී බුදුන්ගේ උප්පත්තියත් සමඟ ස්වර්ණමය යුගයක ආරම්භයක් ඇති වන බවක් පෙනී යයි. අනන්තම ජීවිතය හෙවත් ආලෝකය හා සම්බන්ධ බුදුන් වහන්සේට පුද පූජා කිරීමෙන් සදාකාලික ජීවිතයක් ඇති ස්ථානයක් වූ පාරාදීිසයක උප්පත්තියක් ලද හැකි බව සඳහන් වීම වැදගත් කරුණකි. උන්වහන්සේගේ නාමය පුන පුනා සජ්ඣායන කිරීම් චිත්ත රූප මවා ගනිමින් පාරාදීස දැකීම වැනි චාරිත්‍රමය අන්‍යය මගින් බැතිමතුන්ට මෙම පාරාදීසයට ඇතුල් විය හැක. කාලයක් යාමේදී ප්‍රඥාව හා සම්බන්ධ මංජු ශ්‍රී බෝධිසත්ත්වයන්ද, කාරුණිකත්වයට සම්බන්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ද නිදහස් පුජාමය කේන්ද්‍රස්ථානයක් විය.

අළුත් ධර්ම ග්‍රන්ථ හඳුන්වාදෙනු ලැබීමත් සමඟ 6 වන සියවසේදී පමණ බුද්ධාගමේ තුන්වන වර්ධනය එනම් වජ්‍රයානය හෙවත් ගූඨ බුද්ධාගම හඳුන්වාදෙනු ලැබිණ. මෙයින් යෝජනා කරනු ලැබ ඇත්තේ මේ ජීවිතයේදීම සත්‍යාවබෝධය සාක්ෂාත් කරගත හැකි බවත්, එහෙත් එය සාක්ෂාත් කර ගැනීම අතිශයින්ම දුෂ්කර බවත්ය. විශේෂ වර්ගයකට අයත් කලාවක් පාරිශුද්ධි වචන මාලාවක්, හස්ත මුද්‍ර සහ චාරිත්‍ර විධි අළුත් දේව සමූහයත් ද සම ආචාර්යවරයෙකුගේ උපකාරය මෙහිදී අවශ්‍ය වෙයි.

ගිණිකොනදිග හා නැගෙනහිර ආසියාවේ සංස්කෘතිය මින් බුද්ධාගමට අයත් ගුරුකුළ තුන පෘථුල වශයෙන් සුදුසු සේ සකස් කර ගන්නා ලදී. මේ ආගම් තෝරාගැනීමේ ක්‍රියාවලියේදී එම ජනතාව තිරණය කරනු ලැබුවේ ඔවුන්ගේ පැරණි ආගම්වල ආකල්පයන්ට අනුව බොහෝ දුරට සම්බන්ධ වෙමින් කවර ක්‍රමයක් අනුගමනය කිරීමට වඩාත් සුදුසු ද යන්නය. වෙනත් ආගමකට හරවා ගැනීමේ යෙදී සිටි බෞද්ධයින් ඊට විරුද්ධත්වයක් නොදැක් වූ අතර ඊට හේතු වූයේ තමනට අයිති නැති එම දෙවිවරුන් තුළ බුද්ධත්වායබෝධය කර ගැනීම අතින් කිසිදු අගයක් නොමැති නිසා ඒ අයත් කර්මයන්ට යටත්වන හෙයින් එසේම ඒ නිසා අලුත් සංස්කෘතික පරිසරයන්ට එයින් කිසිදු හානිකරත්වයක් ඇති නොවීම නිසා බුද්ධාගමට දේශීය ක්‍රියාකාරකම් වලට අනුචිතව සකස්වීමට හැකියාවක් තිබුණ නිසාය. මේ අනුව කලාව හා ගෘහනිර්මාණ ශිල්පය තුළ යම් වෙනස්කම් ඇති වුවද බෞද්ධ ස්වරූපයට අයත් මූලික වචන මාලාව අපේක්ෂකව ගත්විට පිළිගත හැකි සහ අවිරුද්ධ ස්වරූපයකින් එසේම පැවතිණ.

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]