UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර

සියවස් දෙකකට අධික දිගු ඉතිහාසයක් ඇති කොළඹ කොටහේන නාගරික පරිසරයක පිහිටි ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරස්ථානය පෞරාණික පුණ්‍ය භූමියකි. බෝධි සත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් අධ්‍යාපන පුනරුදයේ පුරෝගාමී විද්‍යාස්ථානයක් වන විද්‍යෝදය මහ පිරිවෙන ආරම්භ කරන ලදී. කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර 1940 දශකයේ ආරම්භ කරන ලදී. වරින්වර රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් මත පෙරහර නතර කර දැමුනු අතර 1990 දශකයේ නිල්වක්කේ ශ්‍රී සුනීතවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත ඇසළ පූජෝත්ස්වය සමිතිය මගින් ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ සියලු දෙනාගේ සහයෝගය මත ඉතා උත්කර්ෂවත් අන්දමින් වාර්ෂිකව ඇසළ මහා පෙරහර පවත්වාගෙන යන ලදී.

ඉතිරිය»

බුදුසරණ මෙහෙයවීමෙන් කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ දහම් දෙසුමක් ගැටබරුව රජ මහා විහාරයේදී

දිනමිණ ගම් ,නගර චාරිකා වැඩසටහන යටතේ ‘බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් ගැටබරුව රජ මහා විහාරස්ථානයේදී සැප්තැම්බර් මස 07 වනදා සවස 5- 6 දක්වා විශේෂ දහම් දෙසුමක් අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ. ගැටබරුව රජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී රතනපාල බෙරලපනාතර චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සෙත් පැතීමද එම පින්කමේදී සිදුකෙරේ.

ඉතිරිය»

තල්පිටියේ පෙරහර නිමිත්තෙන් පිරිත් දෙසුම ඇරැඹේ

වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේදී දන්තධාතූන් වහන්සේට උපහාර පිදීම සඳහා වාර්ෂිකව පවත්වන ශ්‍රී දළදා පූජෝත්සවය මෙවර පවත්වනු ලබන්නේ අගෝස්තු 28 වන දින රාත්‍රී ආරම්භ වූ තිස් පැය හතේ පරිත්‍රාණ ධර්ම දේශනයකිනි. 30 වන දින සූත්‍ර දේශනයද 31 වන දින පස්වරු 3.00 දේවදූත පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට ගෙවදීම සිදුවන අතර රාත්‍රී දොරකඩ අස්න, අනුශාසනාව පැවැත්වේ. සැප්තැම්බර් 01 දින ගම් ප්‍රදේශය ආවරණය වන පරිදි වට පෙරහර පස්වරු 3.00 ට ආරම්භ වේ. 02 දින පස්වරු 7.00 ට විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට සහ පරලොව සැපත් සියලු දායක දායිකාවන්ට පින් පැමිණීම වස් පවත්වනු ලබන විශේෂ පුණ්‍යානුමෝදනා ධර්මදේශනය පැවැත්වේ. වාර්ෂිකව පවත්වන ශ්‍රී දළදා මහා පෙරහර 03 දින රාත්‍රී 7.00 නැඳුන්ගමුවේ ‘රාජා’ හස්තිරාජයා පිටින් වැඩමවනු ලබන ධාතුන් වහන්සේ රැගත් මහපෙරහර කිලෝමීටර් 7 ක් දුර වීථි සංචාරය කර පසුදා අළුයම් කාලයේ නැවත විහාරස්ථානයට ගෙවදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිල් සුවඳ දසත පැතිරේ

නපුප්ප ගන්ධෝ පට්වාතමේතී , න චන්දනං තගරමල්ලිකාවා , සතං ච ගන්ධෝ පටිවාතමේති , සබ්බා දිසා සප්පුරිසෝ පවාති. දිනක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසූ පැනයකට මුල් වූ ගාථාවකි මේ. දෑ සමන්, ඉද්ද, සඳුන් ආදියෙහි සුවඳ යම් සීමාවකට පමණක් විහිදී යයි. නමුත් දිව්‍ය” බ්‍රහ්මාදී ලෝකවලට පවා විහිදී යන යම් සුවඳක් වේද? යන්න ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ්ගෙන් විමසූහ. එවිට බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ආනන්දය, දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝකවලට පවා විහිදී යන සුවඳක් ඇත. එනම් සිල් සුවඳයි. දෑ සමන් සඳුන් ආදියෙහි සුවඳ උඩුසුළඟට ගසාගෙන නොයයි. සියලු දිශාවන්හි පැතිරෙන එම සුවඳ සිල් සුවඳ බව බුදුන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දුන් සේක.

ඉතිරිය»

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය

වර්තමාන ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය කෙරෙනුයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙසින් ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුබ නැකැත්පත්‍රයට අනුවය. ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුබ නැකතින් පේකොට තබන ලද “පණස ”වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් මහා දේවාලයන් ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දියකැපුම් පෙරහරක් ද, දහවල් පෙරහරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහර සමාප්ත වේ.

ඉතිරිය»

මහාමායා දේවිය දුටු සිහිනය
සිතුවම - රුක්ෂාන් සම්පත්

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]