UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කළුතර පයාගල, ගොරකදූව අංක 31/13 ලිපිනයේ පදිංචි පූර්ණි පියුශානි දියණියට අක්මා සහ වකුගඩු බද්ධ කිරීමක් ඉන්දියාවේ ‘ග්ලොබේල්’ රෝහලේ දී සිදු කිරීමට සූදානම් කර ඇති බව එම දියණියගේ පියා කියයි. ඊට අවශ්‍ය මුදල වන රු. ලක්ෂ 85ක මුදලක් ඔහුට ලබා ගැනීමට අපහසු හෙයින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර අපේක්ෂා කෙරේ.

හේමන්ත අමරසිංහ හේවගේ නමින් මහජන බැංකුව කොළඹ 15, රොක් හවුස් කෑම්ප් ශාඛාවේ 72074 ගිණුමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර බැර කරන්නැයි ඉල්ලීමක් කෙරේ. ගිණුම් අංක 139 – 2 – 001 – 6 – 0338418 වේ. දුරකථන- 0771095093


462/3 බී ගෝනහේන කඩවත යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 64 ක් වන චිත්‍රා ක්‍රිෂ්ටීන් කරුණාරත්න මහත්මිය වකුගඩු අක්‍රීයවීමේ රෝගයට ගොදුරුවී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ මාලිගාවත්ත රෝහලේ වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතා නිර්දේශ කර ඇති බව කියයි. වයස අවුරුදු 40 ත් 60 ත් අතර ගැහැනු හෝ පිරිමි අයෙකුට එම පරිත්‍යාගය සිදු කළ හැකි අතර ඉහත ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් හෝ පින්වතියක් 011 2969358, 077 5891688, 071 7310733 යන දුරකථනයකට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ.


මිද්දෙනිය පනාමුර පාර කොළොන් ගහ කොරටුව 96 පදිංචි නවරත්නගේ ශි‍්‍රයානි මහත්මිය වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කරන අතර පහත දුරකථන අංක වෙතින් 071 6528323, 072 6689082 වැඩි විස්තර දැනගත හැකි වේ. ලංකා බැංකුව මිද්දෙනිය ශාඛාවේ එන් ශි‍්‍රයානි නමින් ඇති 82270 ගිණුමට ආධාර පිරිනැමිය හැකි බවද කියයි.


සීදුව බණ්ඩාරවත්ත මුනිදාස කුමාරතුංග මාවත නො. 119, පදිංචි පී.එම්. මහේෂ් අරුණ ශාන්ත පෙරේරා වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීම සඳහා “ඕ නෙගටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග ශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ. වැඩි විස්තර 072 9466901 න් හෝ 072 3942376 දුරකථන අංක වෙතින් දැන ගත හැකි වේ. ලංකා බැංකුව සීදුව ශාඛාවේ 9508361 ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පිරිනැමිය හැකි බවද කියයි.


කරන්දෙණිය කිරිපෙද්ද පාළුවත්ත පාර 129/2 හි පදිංචි එච්.එම්. අයිරාංගනි (55) මහත්මිය වකුගඩු අකර්මන්‍ය වීම නිසා දැඩි ලෙස රෝගාතුර වී ඇති බවත් වෛද්‍යවරුන් ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා වකුගඩු බද්ධ කිරීමට සිදුවන බව නිර්දේශ කර ඇති බවත් කියයි.

බී පොසිටිව් , බී නෙගටිව් හෝ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0769602829 හෝ 0702551393 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


වයස 25 ක තරුණයකු සඳහා ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇතැයි ඉල්ලීමක් කෙරේ.

එම පරිත්‍යාගය කිරීමට කැමැති අයෙකු වෙතොත් දුරකථන 0711507743,0770720678 වෙතින් අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]