UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිතානුකම්පී දිවි පැවැත්ම

හිතානුකම්පී දිවි පැවැත්ම

බුදුපියාණන් වහන්සේ එකී පරිසරය වෙනුවෙන් උන්වහන්සේගේ කෘතඤතාවය පෞද්ගලිකව පුදකරමින්, මෙම සියලු ගහකොළ පූජනීයයි වන්දනීයයි ගහට කොළට අමතරව බොහෝ දෙනා පූජනීයයි වන්දනීයයි. සෑම සතෙක්ම උපකාරකයන් වන්නේය යනුවෙන් නිහඬව අපට දැවැන්ත පාඩමක් කියාදී තිබෙනවා. එම පාඩම අපට කියාදී තිබෙන්නේ ජීවිතය පුරාවටම පාවිචිචි කිරීම සඳහායි.

ප්‍රත්‍යවේක්ෂණ ධර්මතාවය හෙවත් ප්‍රත්‍යාවේක්ෂා කිරීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද? භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු සමිප්‍රදාය තුළ ස්වාමීන් වහන්ස්ලාට ආෙවිණික ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් තිබෙනවා. දානය වළඳන විට, කිසියම් වාක්‍යයක් සිහිපත් කිරීමට තිබෙනවා. සිවුර පොරවන විට, ඇඳ පුටු භාවිත කරන විට, ගිලන් පස වළඳන විටත් කිසියමි වාක්‍යයක් සිහිපත් කිරීමට තිබෙනවා. මෙම වාක්‍ය කිහිපය සිහිපත් කරනු ලබන්නේ කුමන හේතුවක් සඳහාද? ස්වාමීන් වහන්සේලාට සිහිපත් කිරීමට තිබෙන වාක්‍ය ගිහියන්ට වැදගත් වන්නේ කෙසේද?

දානය පාත්‍රය රැගෙන දානය වැළඳීමට පෙර එම ආහාරය පිළිබඳව සිතිය යුතු බවට බුදුපියාණන් වහන්සේ දේශානා කර තිබෙනවා. සිතිය යුතුවන්නේ කුමක්ද? මම මේ පිණ්ඩපාතය පාවිචිචි කරනු ලබන්නේ ශරීරය දහනය කිරීමට නොවෙයි, මට අහංකාර වීම සඳහා නොවෙයි. අලංකාර වීම සඳහා නොවෙයි,මගේ ශරීරය පැහැපත් වීම සඳහා නොවෙයි,මෙම ශරීරය පවත්වාගෙන යාම උදෙසා මම මෙම ආහාරය ගනු ලබයි. මම මෙම ආහාර ගනු ලබන්නේ කිසිවකුට හිංසාවක් කිරීම සඳහා නොවෙයි. මගේ මෙම ආහාර ගැනීම කිසිවකුට හිංසාවක් පීඩාවක් සඳහා නොෙවිවා.බඹසර වසනු සඳහායි. මෙම දැක්ම ලෝකසානුකමිපී හිතානුකූල දැකිමකින් ලෝකය දෙස බලන්නේ කෙසේද?ආහාරයක් ගත්තත්, ඇඳක් පුටුවක් පාවිචිචි කළත් , වෙනත් දෙයක් භාවිත කළත් ,ලෝකවාසී සියලු දෙනාට ගැලපෙන්නේ කෙසේද?ලෝකය තුළ අප ජීවත් වන විට සල්ලිවලින්ම ජීවත් නොවන බව අප හොඳට මතක තබාගත යුතුයි. මට සල්ලි තිබෙනවා, එම නිසා මම හැම දෙයක්ම සල්ලිවලින් ගන්නවා ,එම නිසා මම කාටවත් වගකීමක් නැහැ, මගේ පාඩුවේ මට ජීවත් වෙන්න පුළුවන් . කිසිම ආකාරයකින් මම කාටවත් බැඳිලා නැහැ,මම, මම නිසාමයි ජීවත්වන්නේ යනුවෙන් කිසියමි පුද්ගලයකුට සිතිය හැකියි. එසේ සිතූ විට සර්වලෝකී හිතානුකම්පී දිවිපැවැත්ම නැතිව යයි. එම සර්වලෝකී හිතානුකම්පී දිවි පැවැත්ම නැතිව ගිය විට කිසිම අයෙකුට පුද්ගලයකු වශයෙන් පොදු හැඟීමකින් ජීවත් වීමේ හැකියාව නැතිව යනවා. අප පැහැදිළි ලෙසම ජීවත් වන්නේ ඉතාම පැහැදිළි ලෙසම අපගේ මුදලින් පමණක් බව කල්පනාවට ගත යුතුයි. අපට ජීවත් වීම සඳහා ගහකොළ, සතා සිවුපාවා , ඇළ දොළ ගංගා, සුළඟ ,අවිව වැස්ස ඉර,හඳ, තරු අවශ්‍යයයි. මහා දැවැන්ත පරිසරයක් තුළ අප ජීවත් වන නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුව සැම වෙලාවෙම සර්වලෝකයේ සියලු දෙනා හා දේවල් පිළිබඳව හිතානුකම්පීව ජීවත් වන්නට අවශ්‍යයි. ගහට කොළට කළගුණ සලකන්නට අවශ්‍ය වගේම ඇළට දොළට කෘතඥතාපූර්වක වෙන්නට අවශ්‍යයි. සමහර අයෙකු අවිවටත් වැස්සටත් , ඉරටත් හඳටත් දොස් කියමින් හැම දේටමත් දොස් කියනවා. මෙම හැම දෙයක්ම හැම කෙනෙක්ම කිසියමි ආකාරයකට පෞද්ගලික දායකත්වයක් දක්වනු ලබන්නේ අප හැමෝම ජීවත්වන්න සහ ජීවත් කරවන්නයි. සතා සිවුපාවා පවා පරිසරය ලස්සන කරනවාට අමතරව මෙම ජීවයේ පැවැත්ම සදහා ඔවුන්ගේ දායකත්වයක් දක්වනවා. කිසියමි මිනිසකුට කළ නොහැකි මෙහෙවරක් වාතය විසින් පරිසරයට කරනු ලබයි. ඇළ දොළ ගංගාවල ගලාගෙන යන දිය දහර සියලු භූමි ප්‍රදේශයන් පෝෂණය කරනු ලබයි. ගඟක් ගලාගෙන යන විට එම ගඟ ආශ්‍රිත ප්‍රදේශ වල තිබෙන කුඹුරු වගා කිරීමට එම දිය ප්‍රයෝජනවත්. එම කුඹුරු තුළින් මිනිසුන්ගේ බත සරිවෙනවා.ගලා බස්නා දිය දහරට කළගුණ නොසලකා හෝ අගය නොකර හෝ සිටින්නේ කෙසේද? බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා බෝධීන් වහන්සේ දෙස බලාගෙන සතියක් භාවනා කළා. අනිමිස ලෝචන පූජාවක් කළාය කියලා අප සාහිත්‍ය තුළ අසා තිබෙනවා. එම නිසා අප බෝධි පූජා පමණක් පවත්වලා හරියන්නේ නැහැ.එතුළින් සංකේතවත් කරනු ලබන්නේ බෝධීන් වහන්සේ වෘක්ෂයක් වගේම එය පරිසරයේද කිසියමි අංගයක් බව අප වටහා ගත යුතුයි. බුදුපියාණන් වහන්සේ එකී පරිසරය වෙනුවෙන් උන්වහන්සේගේ කෘතඥතාවය පෞද්ගලිකව පුදකරමින්, මෙම සියලු ගහකොළ පූජනීයයි වන්දනීයයි ගහට කොළට අමතරව බොහෝ දෙනා පූජනීයයි වන්දනීයයි. සෑම සතෙක්ම උපකාරකයන් වන්නේය යනුවෙන් නිහඬව අපට දැවැන්ත පාඩමක් කියාදී තිබෙනවා. එම පාඩම අපට කියාදී තිබෙන්නේ ජීවිතය පුරාවටම පාවිචිචි කිරීම සඳහායි.

අතීතයේ මිනිසුන් තමන් වැඩ කරන උකරණ වලට අචාර කළා . වැඩ අවසන් කළාට පසුව පිරිසුදු කර තැබුවා. කුඹුරු වැඩ කරන විට හරකාට කෝටුවෙන් තැළුවේ නැහැ. හරකාට හැරෙන්න අවශ්‍ය පැත්ත පෙන්වීමට පමණක් කෙවිට පාවිචිචි කළා. ඔවුන්ට එතරමි ආදරයෙන් සැලකුවේ ඒ කාලය නොදියුණු මිනිසුන් සිටිය නිසා වෙන්න ඇති කියලා යමෙකුට තර්ක කළ හැකියි.නමුත් මී හරකා යනු ට්‍රැක්ටරයක් නොවෙයි. එම නිසා මිනිසුන් ට්‍රැක්ටරයකට නොවැන්ඳත් ආචාර නොකළත් මී හරකාට ආචාර කළා. එය සබ්බලෝක හිතානුකමිපී ව හෙවත් , සර්ව ලෝකයටම හිතානුකම්පීව ජීවත්වීම යි. , සැම දෙයක් පිළිබඳවම ඇගයීමකින් යුක්තව කටයුතු කිරීමයි. අතීතයේ මිනිසුන් දිය දහරාවට තිබෙන ගෞරවය නිසාම ගලාගෙන යන දිය පහරකටවත් , නිසොල්මනේ තිබෙන දිය පහරකටවත් කෙළ බිඳක්වත් ගැසුවේ නැහැ. ඉස්සර මිනිසුන් වැවට බසින විට වැව ගාවටම ලංවෙලා අත්දෙක දියට තබා අත් ඔසවා වැවට ආචාර කළා. වතුරට වැඳීම මෝඩ ක්‍රියාවක් ලෙස ඇතැමෙකුට සිතිය හැකි වුවද, අපේ පැරණි සිංහල ආදී මී මුතුන් මෝඩ නැහැ. සබ්බලෝකී හිතානුකම්පී සංකල්පය එයයි. ගස්කොළන් වලට මිනිසුන් වඳිනු ලැබුවේ එම නිසයි. බෝධීන් වහන්සේට අප වන්දනා කරනු ලබන්නේත් වන්දනා කරන්න වුවමනා වන්නේත් , අපල නැතිකර ගැනීමට පමණක් නොවෙයි.මෙම ගසකින් කරනු ලබන ක්‍රියාව මිනිසුන් සියයකටවත් කළ නොහැකියි. රාජ වෘක්ෂ වන්දනා කිරීම පමණක්ම නොවෙයි , සෑම ගසක්ම පූජනී යයි. ගසකට කළ හැකි කිසිදු දෙයක් මිනිසකුට කළ නොහැකියි නිසාම පූජනීයයි. පෙරදිග ලෝකයේ මිනිසුන් බටහිර ලෝකයේ මිනිසුන්ට වඩා වෙනස් වන්නේ එම නිසයි. පුංචි කාලය තුළ බිම වැටුණ පාඩමි පොත ගන්න කියලා අමිමා උපදෙස් දෙනු ලබන්නේ පොතට වැඳළයි. පොතට ගෞරවයක් තිබෙනවා. භෞතික වාදයෙන් ඔළුව ඔද්දල් වූවෙකුට මෙය පිස්සු වැඩක් ලෙස දැකිය හැකියි. කෑම කන කොටත්, ආහාරයටත් සිවුර පොරවනකොට හුස්ම පොදක් වැටෙන්නේ නැති පණ ඩිංගක්වත් නැති වාඩිවන පුටුවටත් ගෞරවයක් තිබෙනවා. එය සබිබලෝකී හිතානුකම්පීකමයි.

ඔබ පාවිචිචි කරන අඩුම කුඩුම උපකරණවලට තිබෙන ගෞරවය කොපමණද? ඉදල කොස්සට වඳින්න කියන අදහස එය තුළ කියන්නේ නැහැ.බඩු මුට්ටුවලට හඳුන්කූරු පත්තුකරමින් බුද්ධ පූජා තබන්න කියා කියනවා නොවෙයි. එවැනි ආකාරයට අන්තවාදී නොවුණත් ඔබ තුළ සියලු දේ පිළිබඳවම ගෞරවයක් තිබිය යුතුයි. ඇඳට ෙමිසයට පුටුවට ගෞරව කරනවා යනු එය පිරිසුදුව නොකැඩෙන ලෙස පරිහරණය කිරීමයි.

ඉතිරි කොටස බිනර පුර අටවක පෝදා (සැප්තැම්බර් 09) පත්‍රයේ පළ වේ.

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]