UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ රජ මහා විහාරයේ සති පිරිත 9 වනදා ඇරැඹේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිහිපත් කැරෙන පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා රජ මහා විහාරයේ දී සති පිරිත් දේශනාව මෙම 09 වනදා ආරම්භ කැරේ. මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්වේ. දොරකඩ අස්න අනුශාසනාව මෙම 15 වනදා පැවැත්වේ.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව

උතුරු මැද පළාතේ බුදුසරණ කථික තරගය 11 වනදා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන කථික තරඟය මෙම මස 11 වනදා මිහින්තලේ දී පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දැහැමි දිවියේ සැබෑ සතුට

බුද්ධ දේශනාව හුදෙක් ලෝකෝත්තර දියුණුව පිණිසම පමණක් නොව ලෞකික ජීවිතය ද සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමුකර ඇත. බුදුහිමියන් දෙසූ විවිධ සූත්‍රානුසාරයෙන් තත් කරුණ මනාව පැහැදිලි වේ. මෙහි දී පෙන්වාදෙන්නේ මෙලොව ජීවිතය තුළ දී සැබැවින්ම සතුටු විය හැකිවන්නේ කුමන කරුණු නිසා දැයි යන්න පෙන්වාදීම සිදු කෙරේ.  වරෙක බුදුන්වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා දේශනාකොට වදාළේ වසර සියයක් දුස්සීලව ජීවත්වීමට වඩා සිල්වත්ව ජීවත්වන එක් දිනය වුව අතිශයින් උත්තරීතර වන බවයි. මෙකී කරුණ අනුව මැනවින් ප්‍රකට වන්නේ දැහැමි දිවියක් සඳහා අත්‍යන්තයෙන්ම සිල්වත් ජීවිතයක් ගත කිරීම වැදගත් වන බවයි. අපගේ ජීවිතයට අදාළ ප්‍රශ්න කිහිපයක් අපෙන් ම ඇසිය හැකිය. එනම්, අප ජීවත් වන්නේ කුමක් සඳහා ද? අප ජීවත් විය යුත්තේ ඇයි? අප ජීවත්විය යුත්තේ කෙසේද? යන ප්‍රශ්නයන් ය.

ඉතිරිය»

ධර්ම දේශනා ක්‍රමය ආරම්භ වීම හා නිවැරදි අර්ථ කථනය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත්


ධර්මාශෝක අධිරාජයාගේ විදේශ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී සිරිලකට ද බුදුදහමේ ආලෝකය ලැබිණි. ඒ සොඳුරු ආලෝකය රැගෙන පළමු වරට මෙරටට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ය. එවකට සිරිලක රජ කළ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් මුණ ගැසුණේ මිහින්තලේදී බවත්, ඒ පොසොන් පසළොස්වක් දිනයක බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි. “මහ රජ, අපි ධර්ම රාජ වූ බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබටම අනුකම්පා පිණිස දඹදිව සිට මෙරටට පැමිණියෙමු” යි තමන් හඳුන්වා දී, දැන හැඳුනුම්කම් ඇතිකරගෙන , මිහිඳු මහරහතන් වහන්සේ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් රජුට දහම් දෙසූහ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට බෞද්ධ භික්ෂුවක් විසින් මුලින්ම මෙරට දී ධර්ම දේශනා කරනලද ධර්ම දේශනාව එයයි.

ඉතිරිය»

 

 
 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]