UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නා හිමියෝ මහියංගන රජමහ විහාරාධිපති පදවියෙන් පිදුම් ලබයි

උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නා හිමියෝ

මහියංගන රජමහ විහාරාධිපති පදවියෙන් පිදුම් ලබයි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අස්ගිරිය මහා විහාරයීය උරුලෑවත්ත පන්සල, අලව්ව හුම්බුළුව රජමහා විහාරය, මාතලේ යටවත්ත උරුලෑවත්ත පුරාණ විහාරය, ගිරාඳුරු කෝට්ටේ ගින්නෝරුව ශ්‍රී විජය සුන්දරාරාමය යන සිවිමහ විහාරාධිපති ඓතිහාසික මහියංගනය රජමහ විහාරයේ භාරකාර විශ්‍රාමික ධර්මාචාර්ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නාහිමියෝ ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පදවියට, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක බදුලු මුතියංගන රජමහ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මාහිමියන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පත් කර ඇත.

“ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි” යන ගෞරව නාමය සහිතව ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති පදවියට පත් කරනු ලැබූ පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් සිය පදවිය පිළිබඳව සිය සන්නස් පත්‍රය අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී පවත්වන ලද ගිහි පැවිදි සභා රැස්වීමේ දී අස්ගිරිය පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මාහිමියන් වෙතින් ලබා ගන්නා ලදී.

අපවත්වී වදාළ අස්ගිරිය පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සී මාහිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය වන ධම්මරක්ඛිත නාහිමියෝ මහියංගන රජමහ විහාරයේ වත්මන් ශාසනික හා ආගමික දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ මහ තෙරනමකි.

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]