UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2016.06.04

ජගත් පරිසර දිනය

බුදුදහම සහ පරිසරය අතර පවතිනුයේ මනා සබඳතාවයකි. ගෞතම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිත විමසා බලන විට ඒ ගැන මනාව පැහැදිලි වේ. ලොව වෙසෙන කිසිවකුහට ජීවි සහ අජීවි පරිසරයෙන් ඈත්ව හුදකලාව ජීවත් විය නොහැකිය.

අපි ආශ්වාස ප්‍රශ්වාස කරන්නෝ වෙමු. ඒ පරසරයෙහි පවතින වාතයයි. එසේ අපි ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය අපිරිසුදු වුවහොත් අපේ ජීවිතයටද එය බෙහෙවින් බලපාන බවද අපි දනිමු. එබැවින් අපි වෙසෙන පරිසරය පිරිසුදුව තබා ගැනීම සමස්ත සමාජයේ වගකීම බවද විශ්වාස කරමු.සෑම සත්ත්වයෙකුටම වාතය, ආහාරය මෙන්ම ජලයද අත්‍යාවශ්‍යය.පිපාසය සංසිඳවනු ලබන්නේ ජලය පානය කිරීමෙනි. ජලය ස්වාභාවික සම්පතක් ලෙස ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකළහොත් අපිරිසුදු ජලය පානය කිරීමෙන් අපගේ ශරීර සෞඛ්‍යය පරිහානියට පත්වීමද නොවැළැක්විය හැකිය. නිරෝගිමත් සිරුරක් රෝගි බවට පත්වීමද නොවැළැක්විය හැකිය එමෙන්ම නිරෝගීමත් සිරුරක් රෝගී බවට පත් කර ගනුයේද බොහෝ විට මනුෂ්‍යයා තුළ ඇති නොසැළකිල්ල හේතුවෙනි.

1972 වසරේදී ස්ටෝක්හෝම් නුවර පැවැති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා ලද තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වනදා ජගත් පරිසර දිනය” වශයෙන් නම් කරන ලදී. ඒ අනුව පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝවැසි ජනතාව දැනුම්වත් කිරීමේ හා විවිධ පරිසර ගැටළු පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් සෑම වසරකම ජුනි මස 05 වනදා “ජගත් පරිසර දිනය” සමරනු ලැබේ.

ලොව ජනගහණය වර්ධනය වේ. ඒ අනුව ජනතාවගේ අවශ්‍යතාද දිනෙන් දින වැඩිවනු ඇත. ඊට පරිසර සුරක්ෂිත කිරීම කළ යුතුවේ. වන සම්පත මෙන්ම වන ජීවින් සුරැකීමත් වන ව්‍යාප්තිය වර්ධනය කිරීමත්, ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් පරිසරය සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මගින් පරිසර ගැටලුවට යම්තාක් දුරට විසදුම් ලබාදිය හැකිවේ. ඒ පිළිබඳව ලෝකවාසි ජනතාවගේ අවධානය යොමු කිරීම පිණිස “වනජීවි සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු” තේමාව යටතේ 2016 වසරේ ජගත් පරසර දිනය ලොව පුරා සමරනු ලැබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙරට තුළ ජගත් පරිසර දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි 05 වනදා යොදා ගැනීමටත් මැයි මස 30 වදා සිට ජුනි 05 දක්වා පුරා සතිය ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ජාතික පරිසර සතිය තුළ සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල දායකත්වයෙන් විශේෂ පරසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විසින් ජගත් පරිසර දිනයේ වැදගත්කම පිළිබදව සිය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම කාර්යාල පරිශ්‍ර පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන පැවැත්වීම කාර්යාල පරිශ්‍රය තුළ කසළ වර්ගීකරණය කර බැහැර කිරීම ආරම්භ කිරීම සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පාසල්වල විදුහල්පතිවරුන් විසින් ලෝක පරිසර දිනය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම හා සිසුන්ගේ සහභාගිත්වයෙන් පරිසරය සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් එම පළාත් පාලන බල ප්‍රදේශ තුළ අපද්‍රව්‍ය කළමණාකරණය වැඩසටහන් ඇතුළු පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ පරිසරයට හිතකාමී ඇසුරුම් භාවිතය වර්ධනය කිරීම, නීලහරිත ලස්සන ලංකා වැඩ සටහන් යටතේ පරිසර හිතකාමි ‘හරිත ගම්මාන’ සහ හරිත නගර’ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රජා සහභාගිත්වයෙන් පරසර සංවේදී භූමි සංරක්ෂණ,රුක්රෝපණ වැඩසටහන් ඇතුළු විවිධ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, හානියට පත් භූමි පුනරුත්ථාපනය කිරීම, පරිසරය සංරක්ෂණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පාරිසරික ප්‍රදර්ශන පැවැත්වීම, හරිත රැකියා හඳුනා ගැනීම හා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හරිත වෙරළ සංකල්පය ක්‍රියාවට නංවමින් වෙරළ තීරයේ තුරු ආවරණය වැඩි දියුණු කිරීම තෙත් බිම් ප්‍රදේශ සංරක්ෂණය කිරීම, වස විස නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමද පරිසර සතිය තුළ සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත. පාරිසරික ගැටලුවලින් තොර සොබා සිරියෙන් පිරි පරිසරයක් ඇතිකර ගැනීමට උත්සුක වෙමු.

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]