UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනා ක්‍රමය ආරම්භ වීම හා නිවැරදි අර්ථ කථනය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත්


ධර්මාශෝක අධිරාජයාගේ විදේශ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී සිරිලකට ද බුදුදහමේ ආලෝකය ලැබිණි. ඒ සොඳුරු ආලෝකය රැගෙන පළමු වරට මෙරටට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ය. එවකට සිරිලක රජ කළ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් මුණ ගැසුණේ මිහින්තලේදී බවත්, ඒ පොසොන් පසළොස්වක් දිනයක බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි. “මහ රජ, අපි ධර්ම රාජ වූ බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබටම අනුකම්පා පිණිස දඹදිව සිට මෙරටට පැමිණියෙමු” යි තමන් හඳුන්වා දී, දැන හැඳුනුම්කම් ඇතිකරගෙන , මිහිඳු මහරහතන් වහන්සේ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් රජුට දහම් දෙසූහ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට බෞද්ධ භික්ෂුවක් විසින් මුලින්ම මෙරට දී ධර්ම දේශනා කරනලද ධර්ම දේශනාව එයයි. එසේ ආරම්භ වූ ඒ ධර්ම දේශනා මාලාවේදී විමානවත්ථූ, පේතවත්ථු, සච්චසංයුත්තය, දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය හා ධම්මචක්කප්පවත්තන සූත්‍රයද මාතෘකා කරගෙන මිහින්තලේ හා අනුරාධපුරයේ දී උන්වහන්සේ රජතුමා ඇතුළු ලක්වැසියන්ට දහම් දෙසූහ. ඒ සඳහා තෝරාගෙන ඇති ත්‍රිපිටක සූත්‍ර දේශනා ගැන සලකන විට ඒවා එක් තැන් කොට සුතා, ධනා, වචසා, පරිචිතා, මනසා පෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා යන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අනුව හදාරතොත් එයම බුදුදහම පිළිබඳ පුළුල් දැනීමක් ඇති කරගැනීමටත්, ධර්මාවබෝධයටත් ප්‍රමාණවත්ය.

ඉතිරිය»

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]