UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙවන්ගම කොටලුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාමයේ සම්මා සමාධි ළමා පදනම

ලෙවන්ගම කොටලුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාමයේ සම්මා සමාධි ළමා පදනම

ළමා ලොව ගොඩනඟන්නට ‘සම්මා සමාධි ළමා පදනම” ආරම්භ වූ වගයි. ළමුන්ගේ ලෝකය ළමා ලෝකයයි. ඒ ළමා ලෝකය සැබවින්ම සුන්දරයි. ඒ සුන්දර වූ ළමා ලෝකය තවත් සුන්දරත්වයෙන් බබළවමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික හා බාහිර දියුණුව වඩාත් ඔප් නංවමින් ළමා ලොව සුන්දර කර දෙන්නටයි සම්මා සමාධි ළමා පදනම ආරම්භ වන්නේ.

කෑගල්ල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ලෙවන්ගම දකුණ ග්‍රාම නිලධාරී වසමේ කොටලුගොඩකන්ද ලෙවන්ගම ශ්‍රී ශෛලතලාරාමය මධ්‍යස්ථානය කර ගනිමින් 2016 ජනවාරි මස 03 වන දින එම ළමා පදනම ආරම්භ වන්නේ ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි හිමියන්ගේ සභාපතිත්වයෙනි. ඒ උන්වහන්සේගේ සංකල්පනාවකට අනුවය. එහි අරමුණු වශයෙන් උන්වහන්සේ පෙන්වා දුන්නේ විශේෂයෙන්ම ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන දූ දරුවන්ට උපකාර කිරීමක් ලෙසයි. අධ්‍යාපන කටයුතුවල දක්ෂ එහෙත් ආර්ථිකමය අපහසුතා නිසා පොත්පත්, පෑන් පැන්සල් ආදිය ලබා ගැනීමේ අපහසුතා පවතින දූ දරුවන්ට එම අධ්‍යාපන උපකරණ පිරිනමමින් අධ්‍යාපනයට අතහිතදීමක් ලෙසත් ආරම්භ කරන බවයි උන් වහන්සේ පවසා සිටියේ. ජාති ආගම් භේද කිසිත් නොසළකන බවත්, ආර්ථිකමය අපහසුතා පමණක් සැලකිල්ලට ගන්නා බවත් පවසා සිටි අතර, පාසල්, දහම් පාසල් ආදියෙන් ලැබෙන ඉල්ලීම්ද සලකා බලා උදව් කිරීමට අවශ්‍ය බව හා සුදුසු බව හැඟීගියහොත් කාර්යමණ්ඩලය හා සාකච්ඡා කොට ඒ සඳහා තීරණයකට එළඹ අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් පැහැදිලි කළේ ය.

එම ළමා පදනම සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ පිරිනැමීමට දානපතීන්ට, පරිත්‍යාගශීලීන්ට හැකියාව තිබෙන බවත් තමන්ට හැකි පමණින් පොත්පත්, පෑන්, පැන්සල්, පාසල් බෑග් ආදී අධ්‍යාපන උපකරණ ළමා පදනම වෙනුවෙන් පරිත්‍යග කළ හැකිනම් එය මහා පින්කමක් බවත් සඳහන් කළේ ය. ළමා පදනම මඟින් සිදුකරනු ලබන වැඩ සටහන් සඳහා සහභාගිවීමට එම අධ්‍යාපන උපකරණ පිරිනමන අයටද හැකියාව තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළේ ය.

ළමා පදනමේ කටයුතු වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා නව නිලධාරී මණ්ඩලයක්ද පත්කරගන්නා ලද අතර, එහි නිර්මාතෘ, ප්‍රධාන අනුශාසක හා සභාපති වශයෙන් ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි ස්වාමීන් වහන්සේ කටයුතු කරනු ලබන අතර, පත් වූ අනෙකුත් නිලධාරී මණ්ඩලය වන්නේ,

පොත්තෙකන්දේ ඤාණාවාස හිමි, දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී, ආර්.ඒ. චාන්දනී පි‍්‍රයන්තා රණවක - ලේකම්, ටී.ඒ. මාලනී තුන්මුදුන - භාණ්ඩාගාරික, ඒ. පියදාස - උපසභාපති, ඒ.කේ. රේණුකා චන්ද්‍ර කුමාරි - උප ලේකම්, ආර්.ඒ. පුෂ්පා රණවක - ප්‍රචාරක ලේකම්, ආර්. ඒ. රන්ජනී රත්නායක වැඩසටහන් සම්පාදක යන අයයි. ඒ සෑම කෙනෙක්ම ළමා පදනම වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරනු ලබන්නේ නිස්සරණාධ්‍යාශයෙනි.

ළමුන්ගේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය පැත්තද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී හදවත් රෝගී ළමුන්ට උපකාර කිරීම සඳහා ‘සුව සමාධි’ නමින් අරමුදලක් පිහිටුවන බවත් උන්වහන්සේ පවසා සිටියේ ය.

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]