UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 2322 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 262 සපිරෙන  මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ  උපසම්පදාව

මෙම ලිපියෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ ද, දෙවන කොටස වෙසක් අව අටවක පත්‍රයේ ද පළ විය.

මේ අයුරින් මල්වතු මහා විහාරයේ කෙරෙන උපසම්පදා විනය කර්මය වාර්ෂිකව සිදු කරමින් සම්බුද්ධ ශාසනයටත්, රටටත් ඉමහත් සේවයක් සලසාලන දැන උගත් භික්ෂූන් වහන්සේට ප්‍රාදේශීය නායක පදවි මෙන්ම උපාධ්‍යාය හා කර්මාචාර්ය පදවිත් ගිහිපැවිදි උභය පක්ෂයටම ගෞරව නාමයන් ද පිරිනමමින් ඔවුන් කරන සේවය තව තවත් ඉදිරියටත් ලබා දීමේ පරමාධ්‍යාශයෙන් සිදු කරන්නකි.

1931 විහාර දේවාලගම් පනත අනුව වුවද සිංහල රජදවස පටන්ම පැවත අයුරින් මල්වතු පාර්ශ්වයට අයත් විහාරස්ථානවල නිත්‍යානුකූල විහාරාධිපති වන්නේ මහානායක මාහිමියන් වහන්සේ බවත් උන්වහන්සේ විසින් අනුමත කරන පාලක විහාරාධිපති හිමියන් එකී පරිපාලනය සඳහා විහාරාධිපති ලෙස කටයුතු කරයි. ඉන් පසුව රා:ව: 1972 දීත්, 1978 වර්ෂයේ දීත් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුවද සම්බුද්ධ ශාසනය පිළිබඳ චිරාගත සාම්ප්‍රදායානුකූලව පැවරී ඇති බලය නිසාත් මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහා සංඝ සභාව විසින් සිදු කරනු ලබන සේවයන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසී ඇති බව මැනවින් පැහැදිලි වේ.

මේ අනුව එදා උපසම්පදාව මුල්කොටම මිහිඳු මාහිමියන් විසින් ආරම්භ කරන ලද සම්බුද්ධ ශාසනය මහනුවර සමය වන විට අන්ත පරිහානියට පත්ව තිබූ වකවානුවක වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ බලවත් උත්සාහය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නිසාත් ලක්දිවින් රැගෙන ගිය උපසම්පදාවම සියම් රටේ සිට නැවත ගෙනවුත් එම උපසම්පදාව මුල්කරගෙන කීර්ති ශී‍්‍ර රාජසිංහ මහ රජතුමා විසින් ස්වකීය මල්වත්තම සම්බුද්ධ ශාසනයට පූජා කරමින් ඒ හා සහ සම්බන්ධව අනෙකුත් ඉඩකඩම් ඉපැරණි වෙහෙර විහාරස්ථානද පුද කරමින් සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට කරන ලද උදාරතම මෙහෙවර නිසාම වසර 262 ක් මුළුල්ලෙහි මහා විහාර ස්‍යාමෝපසම්පදාව පවත්වාගෙන ඒමට හැකි වීම සකල බෞද්ධ ජනතාවගේ අපමණ සතුටට හේතු වන්නකි.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පවත්නේ උපසම්පදාව නිසාමය. උපසම්පදාව නොමැති විට සම්බුද්ධ ශාසනයක්ද නැත. ඒ නිසාම උපසම්පදා භික්ෂූන් වහන්සේ ආරක්ෂා කර ගැනීම ඔබ අප සැමගේ පරම යුතුකමක් වන හෙයින් එකී උපසම්පදාව මෙම වර්ෂයේද මැයි 21 වෙසක් පොහෝ දින සිට ආරම්භ වූ අතර ජුනි 19 පොසොන් පොහෝ දින දක්වා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදි ස්‍යාම නිකායික මල්වතු පාර්ශ්වයේ සියලුම උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලාගේ උපසම්පදා මහා පුණ්‍යකර්මය පරම පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව, කර්මාචාර්යන් වහන්සේලා ඇතුළු මල්වතු මහා විහාරයීය මහා සංඝ රත්නය කටයුතු සූදානම්කොට ඇති බව මෙහිලා සඳහන් කරමි.

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]