UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු සහ අස්ගිරි උපසම්පදාව වෙසක් පෝදා ඇරැඹේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණ්‍යෙීත්සවය වෙසක් පුන් පොහොය දිනය යෙදෙන මෙම මස 21 දින ආරම්භ වෙයි. පුරා මාසයක කාලයක් පැවැත්වෙන උපසම්පදා පුණ්‍යෙීත්සවය පොසොන් පුන් පොහොය දිනය යෙදෙන ජුනි 19 වනදායින් අවසන් වනු ඇත. උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් පළාතේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මඟින් ඒ බව මැයි මස 15 දිනට පෙර දැනුම් දෙන ලෙස මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය ලේකම් හිමිවරු දැනුම් දෙති.

ඉතිරිය»

වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

නිරාවරණ පුණ්‍ය මහෝත්සවය 19 වනදා

වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණ පුණ්‍ය මහෝත්සවය මෙම 19 වනදා පස්වරු 2.30 ට ඇල්පිටිය වතුරුවිල තිබ්බොටුවාව ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වේ. අභය මුද්‍රාවෙන් යුක්ත අඩි 42 ක් උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන පුණ්‍ය මහෝත්සවය වතුරුවිල සංඝ මූලස්ථානාධිපති මහකන්දේ රතනපාල අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මහානාහිමියන් ප්‍රධාන මහ සඟරුවනෙහි ආශිර්වාද මධ්‍යයෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්බුදු අසිරිය

“මහණෙනි එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්ව ලොකයෙහි) උප්පත්තියට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස උපන්නේ වෙයි. කවර එක පුද්ගලයෙක්ද යත්, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි,මේ එක්පුද්ගලයා වනාහි ලොව පහළවීමට සමත්වූයේ බොහෝ දෙනාට හිත පිණිස, සුවපිණිස අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස උපන්නේ වෙයි. මහණෙනි, තථාගතයන් වහන්සේගේ පහළවීම ලොව දුර්ලභ සිද්ධියකි. ආශ්චර්ය කාරණයකි. යම් දිනක පිරිනිවන්පෑම බොහෝ දෙනාට තැවීම, දුක ගෙන දෙන්නකි. මේ එකම පුද්ගලයා ලොව අද්විතීය.අසහාය වන්නේය.

ඉතිරිය»

 

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධූරයෙන් පිදුම් ලද මහෝපාධ්‍ය 

වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමි

බරණැස ඉසිපතනාරාමයෙන් ථෙරවාදී භික්ෂු පරපුර ආරම්භවූයේ පස්වග තවුසන් පැවිද්ද හා උපසම්පදාව ලැබීමෙනි. පසුව යසකුල පුත්‍රයා ඇතුළු ඔහුගේ යහළුවන්ද,පැවිද්ද ලැබීමෙන් පසු භික්ෂු පිරිස හැටනමක් බවට පත්විය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහයෙන් ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙරට සුවිශේෂී අවස්ථාවකි. මෙරට තුළ බුදුදහම ස්ථාපනය කිරීමේ අරමුණින් අනුරපුර මහ විහාරය ගොඩනංවා මහා අරිට්ඨතිස්ස ඇතුළු රාජකීය පිරිසක් පැවිදි කිරීම ඔස්සේ බුදු දහම කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංස්කෘතිය ගොඩනැගුණි. විදේශ ආක්‍රමණයන්හිදී පවා ආගමික පරිසරය තුළින් ගොඩනැගී තිබුණු උතුම් ගුණදම් ආරක්ෂා කැර ගන්නට ලක්වැසියන් සමත්වූයේ බෞද්ධ දර්ශනය ඔවුන්ගේ ජීවිත තුළට කාවැදී තිබූ හෙයිනි. අනුරාධපුර මහා විහාරයෙන් මෙලෙස ඇරඹී මෙරට සඟ සසුන කාලානුරූපිව යම් යම් වෙනස්කම්වලට ලක්ව ඉදිරියට පැමිණෙත්දි ඒ තුළ ක්‍රියාකාරි මෙහෙවරක නිරත මහා සංඝරත්නය ජනතාව තුළ මෙම උතුම් මිනිස් ගුණදම් පෝෂණය කරන්නට මහත්වු කාර්යභාරයක් ඉටුකරනු ලැබූහ

ඉතිරිය»

 
 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]