UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරලැස්ගමුව සෝණුත්තර විහාරය පානදුර පරත්ත චිත්තභාවනා

බොරලැස්ගමුව සෝණුත්තර විහාරය

බොරලැස්ගමුව ,පිටවේල්ලපාර, සිරිසෝණුත්තර විහාරය, 1980 සූරියගොඩ වජිරඤාණ ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ආරම්භ කරන ලද්දකි. එවකට කුඩා ආවාසයක් හා කුඩා බෝ පවුරක් සහිත බෝධින් වහන්සේ පමණක් දිස්විය. 2008 දෙසැම්බර් 14 වැනි දින වජිරඤාණ හිමියන්ගේ අපවත්වීමෙන් පසු එම කුඩා ආවාසය සහිත බිම්කඩ උන්වහන්සේගේ පැවිදි සහෝදර අධ්‍යාපනපති සූරියගොඩ සිරිධම්ම ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පැවරිණි. “දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිති වියයුතු” යන න්‍යාය ධර්මය සනාථ කරමින් වල් බිහිවී තිබූ විහාර භූමියට නව පණ ලැබුණි.

ජරාවට පත්වී තිබූ ආවාසය නවීකරණය විය. බෝධින් වහන්සේ වටා දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක් හා සත් බුද්ධ රූපය සහිත සැදැහැ බැතිය දනවන අලංකාර පව්රක් ගොඩනැගිණ. සීලාදී ගුණධර්ම පිරුමට දෙමහල් ධර්මශාලා මන්දිරයක් නිර්මාණය විය. විහාරයට ඇතුළුවන දොරටුවේ දැකුම්කලු වාහල්කඩක් ගොඩනැගුණි. ඒ සියල්ල අභිභවමින් රුවන්වැලි මහා චෛත්‍ය රාජයාගේ ආකෘතියට අනුව ඇත්පවුරු මල් ලියකම්, කැටයම් වලින් විසිතුරු කොට සැදැහැ බැතිය දනවන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් නිර්මාණය කොට සෝණුත්තර ආවාස භූමිය මහා විහාරයක් බවට පත්වුණි. ඒ සියල්ල වත්මන් විහාරාධිපති , කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, රත්මලාන රත්නාරාමාධිපති, බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අධ්‍යාපනපති, සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආධ්‍යාත්මික පෞරුෂයයි.

අද සෝණුත්තර මහා විහාරය බොරලැස්ගමුවට විතරක් නොව ප්‍රදේශයටම මහත් ආලෝකයකි. ප්‍රදේශවාසීන්ගේත් හිතමිතුරු දායක කාරකාදීන්ගේත් ආධාර උපකාර ඇතුව තම කාලයත්, ශ්‍රමයත්, මූල්‍යමය ප්‍රතිපාදනත් යොදමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඉතා කෙටි කාලයකින් මේ මහා වැඩ කොටස නිමාකොට දර්ශනිය පුණ්‍ය භූමියක් සකසා සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ වජිරඤාණ ලොකු හාමුදුරුවන්ට ලොකුම උපහාරය දක්වා ඇත.

අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය නිමිති කරගෙන සෝණුත්තර විහාරයේ දී මැයි මස 14 සිට 18 වැනිදා දක්වා පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. සත්බුදු වන්දනා, මහපිරිත් දේශනා, සංඝගත දක්ෂිණා පින්කම් මෙන්ම මැයි 18 වැනි දින පෙරවරු 7.15 ට කොත නිරාවරණය කිරීමත් එදින රාත්‍රී 7.00 ට ප්‍රථම චෛත්‍ය පූජාවත් සිදුකොට එම පින්කම් නිමාවට පත්වෙයි.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]