UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගෙන් ශ්‍රී ධර්මාලෝක පිරිවෙනට දෙමහල් භික්ෂු නේවාසිකාගාරයක්

පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගෙන් ශ්‍රී ධර්මාලෝක පිරිවෙනට දෙමහල් භික්ෂු නේවාසිකාගාරයක්

පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

මෙරට පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම වසරක ම උසස් ප්‍රතිඵල පෙන්වමින් ගෞතම ශ්‍රී සම්මා සම්බුදු සසුන් කෙතට විසල් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරනු ලබන මහනුවර දිසාවේ නියංගොඩ කුඹුරේගම ශ්‍රී ධර්මාලෝක පිරිවෙනට දීර්ඝ කාලයක් තිස්සේ මහත් අඩුපාඩුවක්ව පැවැති ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරයක අවශ්‍යතාවය සපුරාලමින් අභිනවයෙන් ඉදිකළ ‘පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි’ අංගසම්පූර්ණ දෙමහල් ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය 14වෙනි දා මහත් උත්සවශ්‍රීයෙන් විවෘත කෙරේ.

අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය යන විහාරයන්හි විහාරාධිපති, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ ලේඛකාධිකාරී, සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 135ක මුදලක් වැය කරමින් ඉදි කළ මෙම දෙමහල් ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය අංගසම්පූර්ණ කාමර 24කින් සමන්විත වේ.

ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරවීම උදෙසා දහම් හා පාලි අධ්‍යාපනයෙන් පිරිපුන් විද්වත්, නැණවත්, හරවත් භික්ෂු පරපුරක් ශාසනයට දායාද කරවීමේ උතුම් අරමුණෙන් යුක්තව තමන් වහන්සේ විසින් දියත් කරනු ලබන සද්කාර්ය වැඩපිළිවෙලේ තවත් එක් අදියරක් වශයෙන් ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් මෙම අංගසම්පූර්ණ දෙමහල් ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය ඉදි කරන ලදී.

පාසල්වල සහ පිරිවෙන්වල පවතින විවිධ අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා එම අවශ්‍යතා සපුරාලීම උදෙසා නිරන්තරයෙන් ඇප කැප වන පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්, මේ වන විටත් තම විහාරස්ථානය අවට පිහිටි විද්‍යාලයන් වන ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ සහ උඩුගහ වල්පොල ඒකාබද්ධ විද්‍යාලයේ අභිනව තෙමහල් පාසල් ගොඩනැඟිලි දෙකක් ඉදිකර දී සිසු අයිතියට පත් කර ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් කෝටි 04කට ආසන්නය.

එමෙන්ම, තමන් වහන්සේ සිප්සතර හැදෑරූ කඹුරාගල්ල මහා විද්‍යාලය වෙනුවෙන්ද අභිනව තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් තනාදෙන්නට පසුගිය දා කටයුතු කළ අතර,එහි ඉදිකිරීම් කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතී. ඊට සමගාමීව එල්ලක්කල මහා විද්‍යාලයටත්, අලවල මහා විද්‍යාලයටත් මේ ආකාරයෙන් ම කෝටි දෙක බැගින් වියදම් කර අභිනව තෙමහල් පාසල් ගොඩනැගිලි ඉදිකර දෙන්නට පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පියවර ගත් අතර, ඒවා ද කඩිනමින් ඉදිවෙමින් පවතී.

පැවිදි දිවියේ පුරා පනස් හත් වසරක් තිස්සේ සිදු කරනු ලබන විවිධාකාරයේ වූ අධ්‍යාපනික, ශාසනික, සමාජීය හා ජාත්‍යන්තර කර්තව්‍යයන් අතරේ, ප්‍රදේශයේ දහම් පාසල්, පුස්තකාල ආදිය වැඩිදියුණු කිරීමටත් පියවරගෙන ඇති උන්වහන්සේ, සිසුන් තිදෙනෙකුගෙන් ඇරඹි අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩපිළිවෙල ද පුළුල් කරමින් සිසුන් පන්සියයකටත් වඩා වැඩි පිරිසක් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන බැගින් පිරිනමති.

එමෙන්ම, ලොවක් කම්පා කළ සුනාමි උදම් රළින් අන්ත අසරණ වූ අහිංසක වැසියන් වෙනුවෙන් රුපියල් කෝටි 18ක වියදමින් නිවාස 336ක් ඉදිකර දුන් ආනන්ද නාහිමියන්, අසරණ රෝගීන්ගේ යහපත වෙනුවෙන් රෝහල් වෙත රුපියල් කෝටි 04ක් වටිනා ගිලන් රථ තුනක් ද පිරිනමා ඇත.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]