UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට දිඝාසිරි පතා ආගමික වැඩසටහන්

මහනුවර මල්වතු මහා විහාර විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට නොවැම්බර් මස 22 වෙනි දිනට වසර සියයක් පිරීම නිමිත්තෙන් දිඝාසිරි ප්‍රාර්ථනා කරන ආගමික වැඩසටහන් මාලාවක් සමඟ සමාජ සත්කාර සේවාවන්ද පැවැත්වීමට ධම්මානන්ද නාහිමි උපහාර කමිටුව කටයුතු යොදා ඇත.

ඉතිරිය»

මුරගල හා එහි විකාශය

සිංහලයින් තමන්ගේ පැරණි වෙහෙර විහාර දේවාල හෝ මාලිගා හෝ විශේෂ ගොඩනැගිල්ලකට ඇතුළු දොරටු අලංකාර කිරීමට විශේෂ නිර්මාණයක් ඉදි කළ බව දක්නට ලැබේ. පුරාණ ගොඩනැගිල්ලක ඇතුළුවන ඔළුවකට හෝ එම ඔළුවෙන් ගොඩනැගිල්ලට ඇතුළුවන ස්ථානය පඩිපෙළ දෙපස මෙම මුරගල යන නිර්මාණය සාදා එහි තැන්පත් කර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මල් රැසකින් මල් මාලා ගොතන ලෙසින් කුසල් වැඩිය යුතු මිනිසා පහන් සිතින්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලා ගුණෙ බහු
එවං ජාතෙන මච්චේන
කත්තබ්බං කුසලං බහුං,

මේ ගාථා ධර්මය ධම්මපදයේ පුප්ඵ වග්ගයට අයත් ගාථා ධර්මයකි. බුදුරජාණන් වහන්සේමේ ගාථා රත්නය දේශනා කළේ විශාඛා මහෝපාසිකාව නිමිති කරගෙනය. විශාඛා උපාසිකාවගේ චරිතය ශීලයෙන්, ගුණයෙන්, ශ්‍රද්ධාවෙන් පරිපූර්ණත්වයට පත්වූ උදාර චරිතයකි. එතොමෝ සත්වියේදීම සෝවාන් ඵලයටපත් පිනැත්තියකි. මහලිය පළඳනාවට උරුමකම් ලද ඇය පුත්කුමරුන් දසදෙනෙක්ද දූ කුමරියන් දස දෙනෙක්ද ලදහ. ශාසන ඉතිහාසයේ එදා සිට අද දක්වා ගෞරවාදරයට පාත්‍රවෙමින් බොදුජන හදවත්තුළ ජීවමාන වූ චරිතයකි.

 

ඉතිරිය»

බුද්ධියට සම තැනත් අම්මාට නිසි තැනත් ලැබුණු වගයි

“එක් පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. “ස්වාමීනි, කාන්තාව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි ගිහිගෙයින් නික් මී පැවිද්ද ලබයි නම් හොඳයි.” ගෝතමිය, එයින් කමක් නැත. කාන්තාව ගිහි ගෙයින් නික්මී තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවීම කෙරෙහි ඔබ උනන්දු වන්න එපා.”

ඉතිරිය»

සම්මා සම්බුද්ධත්වෙන් පසු හත්වන සතිය සිතුවම - සරත් නන්ද කුමාර

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]