UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇල්පිටිය වතුරුවිල ආරණ්‍ය සේනාසනය

ඇල්පිටිය වතුරුවිල ආරණ්‍ය සේනාසනය


වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ ඉදිවෙමින් පවතින ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ


සීමා මාලක මන්දිරය

මදුනාගල වනවාසී ආරණ්‍ය සේනාසනය සහ කලුගල වනවාසී ආරණ්‍ය සේනාසනය ඇතුළු තවත් ආරණ්‍ය සේනාසන දෙසීයක පමණ මූලස්ථානය වන්නේ ඇල්පිටිය වතුරුවිල වනවාස ආරණ්‍ය සේනාසනයයි. වතුරුවිල ඤාණානන්ද වනවාස මහා නා හිමියෝ වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවරයා වෙති.

විශාල වනයක් සහිත අක්කර සියයක පමණ කඳුකර භූමියක මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත. සුන්දර නිසල පරිසරයක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනය බණ භාවනා කටයුතු සඳහා කදිම පුදබිමකි.මහා විහාර වංශික ස්‍යාමෝපාලී වනවාස නිකායේ අනුනායක වනවාස සංඝ මූලස්ථානාධිපති ශ්‍රී ඤාණානන්ද මහ පිරිවෙනේ අධ්‍යක්ෂ මහකන්දේ රතනපාල නාහිමියෝ වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ වත්මන් අධිපති ධුරය හොබවති. 1996 සැප්තැම්බර් 12 වැනිදින වතුරුවිල ඤාණානන්ද මහා නාහිමි අපවත්වීමෙන් පසුව රතනපාල හිමියෝ එම තනතුරට පත්වූහ.

මෙහි චෛත්‍යය, බෝධීන් වහන්සේ සහ බුද්ධ මන්දිරයක්ද වේ. සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින ධාතු මන්දිරය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආකෘතිය අනුව ඉදිකර ඇත. මීට අමතරව වනවාස උපෝෂථාගාරය, වනවාස පිරිවෙන, උපසම්පදා මාලකය භාවනායතනය සහ තෙමහල් ධර්ම ශාලා මන්දිරයක්ද මෙහි වෙති.


වතුරුවිල
ආරණ්‍ය සේනාසනාධිපති මහකන්දේ රතනපාල
නා හිමි

අඩි පන්සියයක් පමණ උස කන්ද මුදුනේ අඩි හතලිස් දෙකක් පමණ උසට ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් නෙළීමේ කටයුතු ද දැනට ආරම්භ කර තිබේ. විශාල ගල් තලාවක් උපයෝගී කර ගනිමින් මෙම බුද්ධ ප්‍රතිමාව නෙළනු ලබයි.

 

 

 

 

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]