UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙමහල් පොදු විශ්‍රාම ශාලාව විවෘත වෙයි

උරුමයක උල්පත් පදනමේ මෙහෙයවීමෙන් තිරියාය, ගිරිහඬු සෑය පුද බිම ඉදිකරන ලද දෙමහල් විශ්‍රාම ශාලාව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය. ත්‍රස්තවාදී ගැටුම් හෙයින් දශක කිහිපයක් ජන අවධානයෙන් ගිළිහුණ එම පින් බිම යළිත් බොදුනුවන්ගේ අවධානයට ලක් වෙමින් තිබේ. නිතිපතා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුව වෙනුවෙන් එම ශාලාව ඉදිකර ඇත.

ඉතිරිය»

ප්‍රථම ධර්ම සංගායනාව ඇරැඹි නිකිණි පොහොය

නිකිණි පොහොය ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම ,ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මග හැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය සම්බන්ධයෙන් වැදගත් තැනක් ගනියි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මඳ මඳ වුවද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ

නිකිණි පුර පසළොස්වක පෝය දින අදයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තුන්මසක් ගත වූ පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වූ දිනය හා උපසපන් භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වන පෝය දිනය නිසාත් නිකිණි පෝය ශාසනික වශයෙන් වැදගත් වේ.

ඉතිරිය»

වෙහෙසකර ගමන් මඟක සුවදායක නැවතුම්පොළ අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගය

පළමු වන විමලධර්ම සූරිය රජතුමා ක්‍රි.ව.1593 දී දන්ත ධාතූන් වහන්සේ එදා දෙල්ගමු රජමහා විහාරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගයට වැඩමවා ගෙන එනගමනේ දී දළදා මාලිගයේ අවසාන අදියරෙහි වැඩ නිම නොවී පැවැති බැවින් ආසන්නයේ පැවැති සුදුසු පූජනීය ස්ථානයක් වූ අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ එක් දිනක් පුද සත්කාර සහිතව වඩා හිඳ වූ බව 'අස්ගිරි උපතෙහි' සඳහන් වෙයි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේදී මෙය සිදු වූ බැවින් අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගාව වශයෙන් ප්‍රකට විය.

ඉතිරිය»

 

සිතුවම - සරත් නන්ද කුමාර

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]