UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙමහල් පොදු විශ්‍රාම ශාලාව විවෘත වෙයි

දෙමහල් පොදු විශ්‍රාම ශාලාව විවෘත වෙයි

උරුමයක උල්පත් පදනමේ මෙහෙයවීමෙන් තිරියාය, ගිරිහඬු සෑය පුද බිම ඉදිකරන ලද දෙමහල් විශ්‍රාම ශාලාව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය. ත්‍රස්තවාදී ගැටුම් හෙයින් දශක කිහිපයක් ජන අවධානයෙන් ගිළිහුණ එම පින් බිම යළිත් බොදුනුවන්ගේ අවධානයට ලක් වෙමින් තිබේ. නිතිපතා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුව වෙනුවෙන් එම ශාලාව ඉදිකර ඇත.

උරුමයක උල්පත පදනම මැදිහත්ව මහා සංඝරත්නය සහ පරිත්‍යාගශීලීන් සම්බන්ධකරගෙන ගිරිහඬු සෑය භාර අරමුදලක් සම්පාදනය කර ඇත. මෙම අරමුදල ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඇති කර වන්දනාකරුවන්ට නවාතැන් සහ ආහාර පාන සකස් කර ගැනීමේ අවශ්‍යතා වෙනුවෙන් මෙම පහසුකම් සපයා තිබේ. සමාජ සුබසාධන අරමුදල රුපියල් මිලියන 6.5 මූල්‍ය ආධාර එයට පිරිනමා ඇත. මෙම වැඩපිළිවෙළ සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කරන්නට උරුමයක උල්පත පදනමට හැකිවිය. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පූජා භූමිය ආශි‍්‍රත සංවර්ධනයට ද විශ්‍රාම ශාලාව ඉදිකිරීමට ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය ලබා දී ඇත. ට්‍රාන්ස් ඉන්ටනැෂනල් ආයතනය මෙම විශ්‍රාම ශාලාවේ ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ සියල්ල සම්පාදනය කර තිබේ. උරුමයක උල්පත පදනමේ සභාපති මිලින්ද මොරගොඩ මහතාගේ ආරාධනයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගොඩනැගිල්ල විවෘත කරන ලද අතර අමරපුර මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් සහ විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිපාණන් ඇතුළු සංඝරත්නය ද ජෝන් කීල්ස් සහ සී.ටී.සී. නියෝජිතයන් ද එම අවස්ථාවට සහභාගී වූහ.

 

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]