UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජන්මදින ප්‍රසාදිනී පින්කම්

ජන්මදින ප්‍රසාදිනී පින්කම්

කොළඹ 07, ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ 51 වන ජන්ම දිනය යෙදුණු ජූලි මස 30 වන දා, උන්වහන්සේට දිගාසිරි පතා විශේෂ පුණ්‍යෙීත්සව කීපයක් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණි.

ශීලා ද සොයිසා මහත්මිය ඇතුළු පවුලේ සැමගේ දායකත්වයෙන් සවස 5.00 ට පැවැති ධර්මදේශනාව කොළඹ නවතොටමුණේ උප ප්‍රධානසංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පානකාවේ පේමරතන නාහිමියන් විසින් පවත්වන ලද අතර, අනතුරුව විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මහත්මිය හා සේනබණ්ඩා වෙදැදුරු හා දමයන්ති සේනානායක මහත්මිය විසින් දායකත්වය දරා සූදානම් කරන ලද තෙසැත්තෑඥාන පූජාව මෙහෙයවන ලද්දේ කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමියන් විසිනි. වල්පොල ගෝතම හිමියන් විසින් කුසලධම්ම නාහිමියන් පිළිබඳ අනුශාසනාවක් කිරීමෙන් අනතුරුව මුලසුනේ දෙසුම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදී.

එම උත්සවයට සමගාමීව අන්ධ ජනතාවගේ කියවීමේ පහසුව සඳහා සමස්තලංකා අන්ධජන බෞද්ධ සංගමය මඟින් ධනංගා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ සැමගේ මූල්‍ය දායකත්වය ඇතිව බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කොට එහි මංගල පිටපත මුලසුන වෙත පිළිගන්වන ලදී.

එමෙන්ම දැඩි නියඟයෙන් පීඩා විඳින පොළොන්නරුව පුලස්තිගම ගම්වාසී පවුල් 75 ට ජලය රැගෙනවිත් රඳවා තබා ගැනීමට අවශ්‍ය ප්ලාස්ටික් ජලබඳුන් 75 ක් පූජා කිරීම සුදත් තෙන්නකෝන් හා සන්ධ්‍යා තෙන්නකෝන් යුවලගේ ප්‍රධානත්වයෙන් හා තවත් සැදැහැති දායක පිරිසකගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කෙරිණ.

එම උත්සවයේ විශේෂත්වය වූයේ බෞද්ධයා නාලිකාවේ ධර්මදේශනාවන් 05 ක් සඳහා දායකත්වය ලබාදුන් ගම්පහ විශාඛා පාරේ පදිංචි අන්‍යාගමික බෞද්ධයකු වූ මොහොමඩ් ෆායිස් මහතා විසින් ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජාකිරීම සහ අන්‍යාගමික බැතිමතියක වූ සුජීවා නිශාන්ති පෙරේරා විසින් සම්බෝධි විහාරයෙන් මාසිකව සිදුකෙරෙන ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ පරිත්‍යාගයක් සිදු කිරීමයි.

ධර්ම සන්නිවේදන ක්‍රියාන්විතය හරහා මනුෂ්‍යත්වයේ නාමයෙන් ලාංකීය ජන සමාජය සුමගට හා දහමට යොමු කිරීමට නිති වෙහෙසෙන කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ නීතීඥ ශෂික ජයතිලක මහතා විසින් පද රචනා කළ උපහාර ගීතය සංගීතවත් කොට සංගීත විශාරද ජගත් වික්‍රමසිංහයන් විසින් එම අවස්ථාවේ දී ගායනා කළ අතර පින්කමට පැමිණි බොහෝ දෙනා එම ගීයට සවන් යොමා, ගිහාන් කරුණාතිලක විසින් එම ගීයට සිදු කළ රූප රචනාව දෙස බලා ඉතා ගෞරවයෙන් කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට චිර ජීවනය පැතූහ.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]