කළුතර ශාක්‍යමුණි විහාරයේ
සාමණේර භික්ෂූන් වහන්සේ

සේයාරුව - නිශ්ශංක විජේරත්න

නවම් අමාවක

පෙබරවාරි 16 සඳුදා අ.භා. 05.32න් අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා. 05.28න් ගෙවේ.
16 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

සම්බුදු ගුණ සිහිකරමින් භාවනා වඩමු

බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදුගුණ සිහිකොට වඩන භාවනාව බුද්ධානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්සේ ඒ ගැන මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සන්සිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම හේතු වෙනවා. ඒ එක ම එක දේ බුද්ධානුස්සතිය යි.” විශාඛා උපෝසථ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුස්සති භාවනාව ගැන තවදුරටත් මෙසේ පෙන්වා දුන්නා. “පින්වත් විශාඛා, ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරනවා. තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරන ඔහුගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම් ඒවා ප්‍රහාණය වනවා.” තවත් වරෙක දී මහානාම ශාක්‍ය රජුට බුද්ධානුස්සතිය වැඩීමේ අනුසස් මෙසේ පැහැදිලි කර දී තිබෙනවා. “මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරයි නම්, එවිට ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වුණ සිතක් නැහැ. ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබනවා. ධර්මය තුළින් සතුට ලබනවා. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබනවා. ප්‍රමුදිත වූ කෙනාට පී‍්‍රතිය උපදිනවා. පී‍්‍රති සිත් ඇති කෙනාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුණ කය ඇති කෙනා සැපයක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විසම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ව ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩ පහරට පැමිණියේ බුද්ධානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

පත්තර කලාවේ අමරණීය නාමය ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

දේශප්‍රේමියකු වූ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික සහ සමාජමය කටයුතු සිදු කළේ සැබෑ දේශීය සහ ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ පරම අභිලාසයෙනි. මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ අතිශය වැදගත් සේවාවක් සහ බලපෑමක් ඇති කළ පඬිවරයකු වන ඩී. ආර්. විජයවර්ධනයන් පුවත්පත් කර්මාන්තය දියුණු කිරීමට පමණක් නොව, ලාංකේය ජනතාවගේ සිත්සතන්හි ජාතික හැඟීම, දේශප්‍රේමය ඇති කරන්නට පුවත්පත සුවිශේෂී මාධ්‍යයක් කොට ගත්හ. එතුමා ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට කළ සේවාව හේතුවෙන් ‘ලාංකේය පුවත්පත් කලාවේ පිතෘවරයාණන්’ ලෙස ද හැඳීන්වේ. 1886 පෙබරවාරි මස 23 වැනි දා සේදවත්ත නම් ග්‍රාමයේ සේදවත්ත වලව්වේ දී දොන් රිචඩ් විජයවර්ධන ලෙස උපන් මෙතුමාගේ පියා දොන් පිලිප් විජයවර්ධන නම් වූ අතර, මව හෙලේනා විජයවර්ධන නම් වූවා ය. මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් (වත්මන් ගල්කිස්ස ශාන්ත තෝමස් නාමය) මූලික අධ්‍යාපනය ලද ඩී. ආර්. විජයවර්ධන තරුණයා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූයේ අධිනීතිඥයකු වීමේ බලාපොරොත්තුවෙනි. ඉන්දියාවේ අගමැතිවරයකු වූ ශ්‍රී ජවහල්ලාර් නේරු මෙන්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් ද ඔහුගේ සමකාලීනයන් වූ අතර, 1912දී එල්. එල්. බී. උපාධිය සහිත ව ඩී. ආර්. විජයවර්ධනයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය. දේශපාලනය පිළිබඳ උද්‍යෝගයක් මෙතුමා තුළ ඇතිවන්නේ ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ව සිටි කාලයෙහි ය. දේශපාලනය පිළිබඳ මෙතුමාගේ බුද්ධිය විශාරද විය. එවකට එංගලන්තයෙහි නීතිඥ වෘත්තියෙහි යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයකු වූ එෆ්. එච්. එම්. කෝබට්, විජයවර්ධන මහතාගේ මිත්‍රයෙකි. ඔහුගේ ආශ්‍රය තරුණ විජයවර්ධන දේශපාලන කටයුතු කෙරෙහි නැඹුරු කරවීමට සමත් විය. පුවත්පතක් පටන් ගත යුතු ය යන අදහස මුල්වරට විජයවර්ධනයන්ගේ සිතට ඇතුළු කළ පුද්ගලයා වූයේ ද කෝබට් මහතා ය.

සදහම් ගුණ සිහිකරමින් භාවනා වඩමු

“පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා. ඒ එක ම එක දෙය නම් ධම්මානුස්සතිය යි”. තවද ධම්මානුස්සති භාවනාවේ ආනිශංස සම්බුදුරජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජුට මෙලෙසින් ද වදාළා. “මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා ධර්මයේ ගුණ සිහිකරමින් ධම්මානුස්සති වඩයි. එ සමයෙහි ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ධර්මයෙහි ගුණ අරබයා ඍජු බවට පත් වූයේ වෙයි. ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූ කෙනාට පී‍්‍රතිය උපදී. පී‍්‍රති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහ ආදියෙන්, විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද? දුක් සහිත ව ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩ පහරට පැමිණියේ ධම්මානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.” තවද ධම්මපද ගාථාවල දී ධම්මානුස්සතිය වඩන ශ්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද වදාළා. “යමෙක් දවාලටත්, රාත්‍රියටත් නිතර ම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.” තවත් අවස්ථාවක දී විශාකා උපාසිකාවට ධම්මානුස්සතිය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා. එවිට ඔහුගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම් ඒවා ප්‍රහාණය වෙනවා. මෙයට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා ධර්ම උපෝසථයෙන් වාසය කරනවා කියලා.”

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]