[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අවබෝධයට අනුව නම් ලද බෝධිය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම බෝධිපාක්ෂික ධර්මයන් උපරිම අයුරින් තම සිත තුළ දියුණු කරගත් උතුමන් වහන්සේ ය. එම උත්තරීතර අවබෝධය සිදු වන්නේ යම් වෘක්ෂයක් මූලයේ ද එම වෘක්ෂය එතැන් පටන් බෝධි යනුවෙන් ව්‍යවහාරයට පැමිණේ, උඳුවප් පොහොය දිනයත් සමඟම ලංකාවාසී සියලු බෞද්ධයන්ගේ සිහියට නැඟෙන විශේෂ කරුණ නම් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ලංකාගමනය හා ඒ සමඟ වැඩම වන ලද අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපිත ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ පුවත ය. අනුලා බිසව ප්‍රධාන ලංකාදීපවාසී කාන්තාවන්ට බුදු සසුනෙහි දායාදය ලැබුණේ උඳුවප් පොහොය දිනයෙහි බැවින් කාන්තාවන්ට එම දිනය විශේෂ වැදගත් දිනයක් වේ. එකල හෙළදිව රජ කළ දෙවනපෑතිස් රජතුමන්ගේ විශේෂ රාජ්‍ය අනුග්‍රහය නිසා ලක්දිව සෑම ප්‍රදේශයක ම ශීඝ්‍රයෙන් බුදුසසුන ව්‍යාප්ත විය. ඒ සඳහා දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ ද කාරුණික අනුග්‍රහය ලද නිසා සිව් දිසාවේ ම දහම බබළන්නට විය. දැනට අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමළුවේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට වසර 2330ක පමණ ලේඛනගත ඉතිහාසයක් ඇත. සත්‍ය වශයෙන්ම “බෝධි” ලෙස හඳුන්වන වෘක්ෂයක් නැත. බෝධි යන පාළි වචනයෙහි තේරුම් අවබෝධය යන්නයි. අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ “ඇසතු රුක්ෂයක් මුල වැඩ සිටිමින් සම්මා සම්බුදු බවට පැමිණ වදාළ බැවින් එතැන් සිට ඇසතු වෘක්ෂය බෝධි යන ගෞරවනීය නාමයෙන් හඳුන්වනු ලැබේ. සියලුම බෝසතාණන් වහන්සේ ගසක් මුල වැඩ සිටිමින් සම්බුද්ධත්වයට පත්වීම ධර්මතාවකි. මෙම භද්‍ර කල්පයට කල්ප සියයකට පෙර ලෝකයේ පහළ වී වදාළ ‘විපස්සි‘ බුදුරජාණන් වහන්සේට බෝධිය වූයේ පලොල් (පාඨලී) වෘක්ෂයයි. එකල පලොල් වෘක්ෂය බෝධි නමින් පුද පූජා ලබන්නට ඇත. මෙයට කල්ප තිහකට පෙර ලෝකයේ පහළ වී වදාළ “සිඛී” බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූයේ හෙලඅඹ (පුණ්ඩරීක) වෘක්ෂයක් මුලදී ය. එබැවින් එකල පුණ්ඩරීක වෘක්ෂය බෝධි නමින් බොහෝ දෙනාගේ පුද පූජාවන් ලදහ.


උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]