[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිත අපිරිසුදු කරන අරමුණු හඳුනා නොගතහොත්...

‘දුල්ලභො මනුස්සස්ස පටිලාභෝ’ යනුවෙන් බුදුපියාණන් වහන්සේ අපගේ මිනිස් උප්පත්තිය ඉතා වටිනා එකක් බව නොයෙක් විට දේශනා කළ සේක. “දුල්ලභංච මනුස්සානං’ යනුවෙන් ද දේශනා කළහ. මෙතරම් වටිනා මිනිස් ආත්මයක් උරුම කර ගෙන සිටින අප එම වටිනාකමට සරිලන සාධාරණයක් ඒ සඳහා ඉටු කළා ද? ඉටුකරමින් සිටින්නේ ද? ජිග්ගල හා මනුස්ස චුති සූත්‍රවලින් ද පෙන්වා ඇත්තේ මිනිස් උපතේ වටිනාකමයි. එසේ නම් ඒ සඳහා සාධාරණයක් නොකොට අප තිරිසන් සතුන් මෙන් මිය පරලොව ගියහොත් අපට උරුම වෙන්නේ සතර අපායයි. බුදුන් වහන්සේගේ දේශනාවලට අනුව මරණයෙන් පසුව බොහෝ සත්වයින් නැවත උප්පත්තිය ලබන්නේ සතර අපායේ ය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන විට අප සතර අපායේ උපත ලැබ සිටියහොත් ත්‍රිවිධ රත්නය අපට මුණ නොගැසේ. කල්ප ගණනාවකින් පහළවන ඒ මහා ප්‍රාඥයාණන් වහන්සේ ලොව පහළ වී ලොව ඒකාලෝක කර පිරිනිවන්පාන තෙක් අප සතර අපායෙන් මිදී නැතිනම් අපට උන්වහන්සේගේ පිහිට පිළිසරණ අපට ලබා ගත නොහැකි ය. නමුත් අද වන විට අප එහි නැත. බුදු බණ ශ්‍රවණය කළ හැකි තැනක අපි ඉපදී සිටින්නෙමු. ඒ අනුව ඔබ අපි පින්වත් පිරිසක් වන්නේ ම යි. තවත් කල්ප ගණනාවකින් අනතුරුව බුදුවරයකු පහළවන විට අප බුදුබණ අසන්න, බුදු බණ ගැන හිතන්න හැකි විදිහේ කයක් සිතක් නැති තැනක් වූ අරූපී බඹතලයක හෝ අසඥතලයක හෝ ඉපිද සිටියහොත් අපට බුදුහිමි රැකවරණය අහිමි වේ. අද අපට එවැනි උපතක් සිදුවී නැත. එනිසා අපි වාසනාවන්තයෝ වෙමු. (තවත් කල්ප ගණනාවකින් පසුව තුන් ලොවම ඒකාලෝක කරමින් බුදුවරයකු පහළ විය. ඒ වන විට අප පවුලක ය. ත්‍රිවිධ රත්නයට බැණ වදිමින් සිට මරණයට පත් විය. එවරත් අපට ත්‍රිවිධ රත්නය අහිමි විය. තවත් කල්ප ගණනාවකින් පසුව බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ විය. එසේ පහළ වූ බුදුහිමියන්ගෙන් බණ අසා තේරුම් ගැනීමට තරම් නුවණක් නොතිබුණි. මන්දබුද්ධිකව, අදගොළු බිහිරිව, උප්පත්තිය සකස් වී තිබිණි. එවරත් බුදුහිමි පහස අහිමි විය.


උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]