[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීම

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

අවශ්‍ය මොහොතේ සරණක් වෙන්නට කැප වෙන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය

විවිධ සමාජ භූමිකාවන් ක්ෂණයෙන් වෙනස් කරමින්, සමාජ වටපිටාව නොසිතූ පරිද්දෙන් විපරීත කරමින් කොවිඩ් වසංගතය අප රටට ද එල්ල කළ සහ දැනට ද එල්ල කරනු ලබන බලපෑම මහත් ය. සුව විරුවන්, රණ විරුවන් සිය කාර්යභාර්ය යුතුකමක් ලෙස සලකා රට වෙනුවෙන් ඉටු කරද්දී ඔවුන් තුළින් එක් පසෙකින් අවශ්‍යතාවයන් පැන නඟින්නට විය. අනෙක් පසෙකින් නිවසේ ම රැඳෙමින් ජීවන වෘත්තිය ද කර ගත නොහැකි ව සිටි ජනතාව තුළින් ද පැන නැගී ගැටලු අපමණ ය. ඒ සියල්ල අවැසිතාවයන් ලෙස දකිමින්, අවැසිතාවය වෙනුවෙන් සරණක් වීමට මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය සමඟ දියත් කළ මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය කටයුතු කොට තිබේ. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ උදාරතර අරමුණින් ක්‍රියාත්මක වූ මෙකී පුණ්‍ය ව්‍යාපෘතිය කොවිඩ් අභියෝගය ආරම්භය සිට මේ දක්වා ම ක්‍රියාත්මකය. කොවිඩ් මර්දනය සඳහා පෙරමුණ ගත්තේ සෞඛ්‍ය අංශ යි. වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල සේ ම රෝහල් සේවක සේවිකාවන් ද එකී කොවිඩ් මර්දන කාර්යය වෙනුවෙන් සිදුකරන කාර්යය වෙසෙසින් ම අගය කළ යුතු ය. කාලයත් සමඟ ඔවුන් තුළින් විවිධ අවැසිතාවයන් පැන නඟින්නට විය.

සාමයේ පණිවිඩය ලත් බක් පොහෝදා

සෞභාග්‍යයෙන් හා සශී‍්‍රකත්වයෙන් යුත් මෙම බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත මාසයකි.තුරු ලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් මෙම බක් මහ උදාවත් සමඟම ඇරඹිණි. මෙවර බක් මහේ අවසන් භාගයේ බක් පුර පසළොස්වක පොහොය දිනය ද උදා වුණි. චූලෝදර - මහෝදර නා රජුන් අතර මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක ය. එය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. එහි ප්‍රතිඵලය වූයේ පූර්වෝක්ත සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි. තව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් මහලු රුවක් දැක, ඇත්තේ ද බක් පොහොය දිනෙක ය. එය දැක ගැඹුරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහෝදා මළ සිරුරකුත්, ඇසළ පොහෝදා පැවිදි රුවකුත් දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්‍රකට ය. එසේ ම සුද්ධෝදන මහ රජු ගේ ආරාධනය පරිදි බුදු රජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. මේ අනුව ලංකා ඉතිහාසය මෙන් ම ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ද බක් පොහොය සදා අනුස්මරණීය දිනයක් වන බව පැහැදිලි ය.

 

ධර්ම දේශනාව:

ධර්මය දරන්නා පරිසරය ම සුවඳවත් කරයි

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණ වන්තං සුගන්ධකං - එවං සුභාසිතා වාචා - සඵලා හොති සකුබ්බතො, දහම තරම් මිනිසාගේ හිතසුව ඇති කරවන තවත් යමක් නැති බව බුදුරජාණන් වහන්සේ තම දේශනාවන්හි බොහෝ විට වදාළා. ආලවක සූත්‍රය වගේම ආලවක යක්ෂයාගේ කථාවත් අපේ පින්වතුන් හොඳින් අසා තිබෙනවා. අලවූ යකු දමනයේ දී ආලවක බුදුන්ගෙන් ඇසූ එක් වැදගත් ප්‍රශ්නයක් වන්නේ “කිංසු සුචිණ්ණෝ සුඛමාවහාති” යන්නයි. එනම් මිනිසා කවරක් ප්‍රගුණ කිරීමෙන් සැපවත් බවට පත්විය හැකිද යන්නයි. මේ ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ වදාළේ “ධම්මො සුචිණ්ණො සුඛමාවහාති” යනුවෙනි. එනම් ධර්මය ප්‍රගුණ කිරීම මනුෂ්‍යයාට සැප සම්පත් ළඟා කරවන බවයි. එසේ නම් ධර්මය කවර තරම් වටිනවාද? “ධම්මොසධ සමං නත්ථි” යනුවෙන් ධර්මය තරම් වටිනා බෙහෙතක් මිනිසාට තවත් නැති බවක් අපේ තථාගතයාණන් වහන්සේ අපට දේශනා කළා. “ධම්මං විනා නත්ථි පිතා ච මාතා” ධර්මය තරම් වටිනා මවෙක් හෝ පියෙක් ද නැති බව තවත් විටෙක බුදු හිමියෝ අපට පෙන්වා දුන්නා. “ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො” යනුවෙන් පරාභව සූත්‍රයේ දී ධර්මයට කැමති පුද්ගලයා දියුණුවට යන බවත් ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන බවත් පෙන්වා දුන්නා. “ධම්මංචරෙ සුචරිතං නතං දුස්චරිතං චරෙ” යනුවෙන් ධර්මයෙහි හැසිරෙන්නා සුචරිතවත් වන බවත්, දුශ්චරිතයෙහි නොයෙදෙන බවත් වදාළා. “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යනාදී වශයෙනුත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා වන බවත් පෙන්වා දුන්නා.


බණ දෙසන - බණ අසන සිරිලක පැරැණි පිළිවෙත

ධර්මය දේශනා කිරීම ධර්මදානයකි - ධර්ම දානය පුරාණයේ සිට ක්‍රම තුනක් මඟින් සිදුවිය. ඒ මෙසේ ය.
ධර්මය දේශනා කිරීම - අද දේශකයාණන් කෙනකු විසින් පිරිසකට දහම් දෙසීම හෙවත් බණ කීම කෙරෙන ආකාරයට අතීතයේ දී ද එසේ සිදු විය. දහම් පොත් කියවීම - දහම් පොත් කියවන ලද්දේ පිරිසකට ඇසීම සඳහා ය. පුරාණයේ දී අකුරු නොදන්නෝ වූහ. එම පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා අකුරු දන්නා කෙනෙකු විසින් ජාතක පොත, වෙස්සන්තර ජාතකය වැනි පොත් කියවන ලදී. දහම් පොත් ලිවීම - දහම් පොත් ලිවීම ද වටිනා ධර්ම දානයකි. දේශනා කරන ධර්මයට වඩා වැඩි කාලයක් පවතී. එසේ ලියන ලද දහම් පොත්වලට අතීතයේ දී මහත් ගෞරවයක් හිමි විය. පූජාවලිය රචනා කර එය ඇතකු පිටින් පෙරහරකින් වැඩම කරවූ බව ප්‍රකට ය. භික්ෂූන් වහන්සේ ගිහි පිරිසට දහම් දෙසූහ. එය හුදෙක් තමන් ලබන ප්‍රත්‍ය ආදිය හෝ ලාබ ප්‍රශංසා හෝ වෙනුවෙන් කරනු ලබන්නක් නොවේ. ධර්ම දේශනා විවිධ අරමුණු නිමිති කරගෙන ද පවත්වනු ලැබේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]