[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බණ දෙසන - බණ අසන සිරිලක පැරැණි පිළිවෙත

ධර්මය දේශනා කිරීම ධර්මදානයකි - ධර්ම දානය පුරාණයේ සිට ක්‍රම තුනක් මඟින් සිදුවිය. ඒ මෙසේ ය.
ධර්මය දේශනා කිරීම - අද දේශකයාණන් කෙනකු විසින් පිරිසකට දහම් දෙසීම හෙවත් බණ කීම කෙරෙන ආකාරයට අතීතයේ දී ද එසේ සිදු විය. දහම් පොත් කියවීම - දහම් පොත් කියවන ලද්දේ පිරිසකට ඇසීම සඳහා ය. පුරාණයේ දී අකුරු නොදන්නෝ වූහ. එම පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා අකුරු දන්නා කෙනෙකු විසින් ජාතක පොත, වෙස්සන්තර ජාතකය වැනි පොත් කියවන ලදී. දහම් පොත් ලිවීම - දහම් පොත් ලිවීම ද වටිනා ධර්ම දානයකි. දේශනා කරන ධර්මයට වඩා වැඩි කාලයක් පවතී. එසේ ලියන ලද දහම් පොත්වලට අතීතයේ දී මහත් ගෞරවයක් හිමි විය. පූජාවලිය රචනා කර එය ඇතකු පිටින් පෙරහරකින් වැඩම කරවූ බව ප්‍රකට ය. භික්ෂූන් වහන්සේ ගිහි පිරිසට දහම් දෙසූහ. එය හුදෙක් තමන් ලබන ප්‍රත්‍ය ආදිය හෝ ලාබ ප්‍රශංසා හෝ වෙනුවෙන් කරනු ලබන්නක් නොවේ. ධර්ම දේශනා විවිධ අරමුණු නිමිති කරගෙන ද පවත්වනු ලැබේ.
මඟුල් බණ - උපසම්පදාවට පත් භික්ෂූන් වහන්සේ නමක් විසින් පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනය මඟුල් බණ නමින් හැඳින්වේ. මතක බණ - පාංශුකූල චීවරය පූජාකරන අවස්ථාවේ දී සහ සත්දින, තුන්මස, මියගිය අය වෙනුවෙන් ඔවුන්ට පින්දීමට කරන ධර්ම දේශනා ය


  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]