[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාරාහේන්පිට අභයාරාමය

කොළඹ නගරයේ සිත නිවන බොදු පියස නාරාහේන්පිට අභයාරාමය

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී කාලයන්හිදී හැම විටම ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව ආගමත් භාෂාවත් රැක ගන්නට ඉදිරිපත් වූ බෞද්ධ කේන්ද්‍රස්ථානයකි නාරාහේන්පිට අභයාරාමය. කොළඹ නගරයේ ඇති විහාරස්ථානවලින් අංග සම්පූර්ණ මෙන්ම සමාජ සේවා රැසක් සිදු කරන විහාරස්ථානයක් ලෙස අභයාරාමය හඳුන්වා දිය හැකි ය. අභයාරාමයේ ඉතිහාසය වර්ෂ 1800 ගණන් දක්වා දිව යයි. විහාරස්ථානයේ පොහොය සීමාවේ ගල් කණුවලින් එම ඓතිහාසික කරුණු සොයා ගෙන තිබේ. අතීතයේ සිටම විහාරස්ථානයට හිතැති දායක දායිකාවන් විසින් අභයාරාමය ගොඩ නැංවීමට කටයුතු යොදා ඇත. එහෙත් කාලයක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිව ජරාවාස වූ අභයාරාමය යළි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙළේ වත්මන් විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් විසිනි. ‘‘1954 අවුරුද්දෙ තමයි මම අභයාරාමයට ආවෙ. මම එනකොට පන්සලේ ලොකු හාමුදුරුවො විදිහට කටයුතු කෙළේ පත්බේරියේ ධම්මාලෝක අනුනායක හාමුදුරුවන්. උන්නාන්සේ විහාරාධිපති විදිහට කටයුතු කරනකොට විහාරස්ථානයේ අයිතිය ගැන එක් එක් පාර්ශ්ව නඩු කියලා තියෙනවා. ඒ නඩුවලින් ජයග්‍රහණය කරලා තමයි විහාරස්ථානය කොළඹ නගරයේ ජනතාවගේ වන්දනා මානයට පාත්‍රවන ස්ථානයක් ලෙසින් ස්ථාපිත කර තිබුණේ. ඇත්තෙන්ම මම එනකොට මෙතන පන්සලක ස්වභාවයක් තිබුණෙ නැහැ. හරියට අම්බලමක තත්ත්වයක් තිබුණේ. ගොඩනැගිලි ගරා වැටිලා ජරාවාස වෙලා කැලෑව වැවිලා තිබුණෙ.  පසු කාලීනව උන්වහන්සේ මට විහාරස්ථානය පැවරුවා. විහාරස්ථානය මට පැවරුවාට පසුව මම පුළුවන් උපරිම විදිහට පන්සල දියුණු කළා. පැරැණි පන්සල දැකුම්කලු ස්ථානයක් බවට පත් කළා. කොළඹ නගරයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් වගේම නාගරික පරිසරයක තියෙන බවක් නොදැනෙන සේ වන්දනා මාන කළ හැකි පරිසරයක් විහාරස්ථානය තුළ නිර්මාණය කළා.


  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]