[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාවක්

ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාවක්

ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාවේ පළමු හමුව බුද්ධ ශාසන අමාත්‍යංශයට අනුබද්ධ චාරිකාරාමයේ දී පසුගිය 05 දා පැවැත්විණ. සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක මා හිමිපාණන් වහන්සේ මෙම සභාවේ මුලසුන ගත්හ. වැඩම කරන ලද හිමිපාණන් වහන්සේලා දෙරට අතර ශාසනික හා සංස්කෘති සම්බන්ධතා අලුත් මුහුණුවරකින් ආරම්භ කිරීමට පියවර ගැනීම සුදුසු බවට අනුශාසනා කළහ. ඉන්දියාවේ සිට මෙරට හිමිපාණන් වහන්සේලා කටයුතු කරගෙන යන සිද්ධස්ථානවල පොදු අවශ්‍යතා සොයා බලා බෞද්ධ වන්දනාකරුවන් වෙුනවෙන් පහසුකම් සැලසීම ගැන මෙහි දී අවධානය යොමු කෙරිණි. හින්දු හා ඉන්දියාවේ බෞද්ධ ජනතාව මෙරටට සංචාර සඳහා කැදවීමේ අවශ්‍යතාව ද සලකා බලන ලදී.

ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනා හිමි, වස්කඩුවේ මහින්දවංශ මහානා හිමි, රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, අග්ගමහාපණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක මාහිමිපාණන් වහන්සේ, පුජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනායක මාහිමි, මහාචාර්ය මැදගම නන්දවංශ නායක මාහිමි, බලංගොඩ සෝභිත නායක මාහිමි, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි, ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමි, ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි,මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නාහිමි,මහාචාර්ය ගොඩගම මංගල නාහිමි, ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි,ආචාර්ය කිරින්දේ අස්සජී හිමි.විතාරන්දෙණියේ නන්ද හිමි, ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි මෙම උත්තරීතර සංඝ සභාවට අරාධනා ලැබ සිටිති.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]