[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස්ස කුමරු පැවිදි වීම

  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

බොදු මහා සමුළුවේ සියවස් නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනතා අයිතියට

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කළ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් යුද්ධයෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල් ජීවත් වන මඩකලපුව දිස්ත්‍රික්කයේ පුනානි ග්‍රාමයේ දී ආරම්භ කරන ලදී. එම නිවාස නිවාසලාභීන් වෙත ලබා දෙන ලද්දේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙදින පානීය ජල ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදී. මෙම උත්සව අවස්ථාවේ මුලසුන හොබවන ලද්දේ දිඹුලාගල මහ කාශ්‍යප මහ පිරිවෙන් පරිවේනාධිපති දේවගල දේවලංකාර හිමියන් විසිනි. මෙම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික සංස්කෘතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුලු සම්මේලනයේ නිලධාරී මණ්ඩලයත්, සම්මේලනයේ මඩකලපු ශාඛාවේ ලේකම් චන්දික එපිටකඩුව මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ධර්ම දේශනාව:

සිතන පතන දෑ ඒ අයුරින්ම ඉටු නොවන්නේ ඇයි?

සන්තුඨී පරමං ධනං - සතුට උතුම්ම ධනයයි, සත්වයා වනාහී දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය තරණය කරන අයුරු ඉතා පැහැදිලි ය. සත්වයන් බොහෝ දුරට ජීවිතේන්ද්‍රිය රැක ගැනීම් වස් විවිධ බලාපොරොත්තු පොදි බැඳගෙන ඒ මත ඉච්ඡාභංගත්වයෙන් පසුවන පිරිසකි.එහිදී අපට පැහැදිලි වන්නේ බලාපොරොත්තු වනාහී මිනිසාගේ ප්‍රධාන අනාගත ඉන්ද්‍රිය ධර්මය වී ඇති බව ය. පංච ඉන්ද්‍රියන් නිතරම ක්‍රියා කරන්නේ සිතේ ඇති කරන බලාපොරොත්තුත් සමඟ ය. එය වරදක් නොවුණ ද අසීමිත බලාපොරොත්තු තුළ සිරවීමෙන් සත්වයාට දැඩි පීඩනයකට ලක්වීමට සිදු වේ. “යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” අභිමත පරිදි කිසිවක් නො ලැබේ ද එය දුකක් වන්නේ ය. ඒ අනුව මිනිසා අහස උසට ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින අතර, ඒවා ඉටු නොවීම තුළ දුකට ම පත්වීම එහි ස්වභාවය යි. එය ඉච්ඡා භංගත්වය යනුවෙන් හැඳින්වීමට පුළුවන. ජීවිතයට ලැබෙන ප්‍රධාන දුක් අතර එය ද ප්‍රධාන වේ. බුදුන් දවස එක්තරා ගොවියෙක් කුඹුරක් කිරීමට ආරම්භ කළේය. ඒ සම්බන්ධව සීසෑම, වැපිරීම, වල් නෙළීම ආදී සියලු කටයුතු හොඳින් සිදු විය. ගොවියා එලෙස කුඹුරෙහි කටයුතු කරන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ද කුඹුරට නිතර නිතර වැඩම කොට ගොවියා හා කතා බහ කිරීම සිරිතක් කොට ගත්හ. ඒ ඔහුට මතු දවසක පිහිට වන අදහසිනි. අස්වැන්නෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට දීමට සිතා සිටි එම ගොවියාගේ පැසී තිබුණ කුඹුර එක් දිනක් මහා වර්ෂාවකින් විනාශ විය. ශෝකයට පත් ගොවියාගේ නිවසට වැඩම කළ බුදු හිමි ඔහු සනසා සියලු ශෝකයන්ට හේතුව තම සිතුම් පැතුම් තමන්ට අවශ්‍ය පරිදි සිදුනොවීම බවත්, එය සත්වයාට උරුම දුකක් බවත් පවසා දහම් දෙසා ඔහු සෝවාන් ඵලයට පත් කළහ.

 

මහාචාර්ය අත්තංගනේ රතනපාල නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධූරයෙන් පිදුම් ලබති

නිකායේ ධර්ම විනයධර මහා ස්වාමීන් වහන්සේලා වශයෙන් නිකාය ඉතිහාසයෙහි සම්භාවනීය පෞරුෂයන් සහිත වූ ඉඳුරුවේ උත්තරානන්ද මාහිමියන් වහන්සේගේ පා සෙවනෙහි වැඩී, පොත්තේවෙල පඤ්ඤාසාර මාහිමි, බටුවිට නන්දාරාම නාහිමි, හේන්පිටගෙදර ඤාණාවාස නාහිමි, ගාල්ලේ ඤාණෝභාස නාහිමි, වේවැල්දෙණියේ මේධාලංකාර මා හිමි, බද්දේගම විමලවංස නාහිමි, කබලෑවේ පියභාරතී නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන් උන්වහන්සේලාගේ කටයුතුවලට සහභාගී වෙමින් ගුරුහරුකම් ලබමින් ද, මෑත කාලීන විලපිටියේ ඤාණාවාස නාහිමි,කහවන්දල පඤ්ඤාවංස නාහිමි, ගිරාඹේ ආනන්ද නාහිමි, බලංගොඩ පඤ්ඤාවංස නාහිමි, වරාගොඩ පේමරතන නාහිමි ආදී සම්භාවනීය ස්වාමීන් වහන්සේලාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව, ස්වකීය පැවිදි ජීවිතය, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර ඥානයෙන් හා භික්ෂු ප්‍රතිපදාවෙන් හා ආකල්ප සම්පත්තියෙන් පෝෂණය කොටගත් වර්තමාන භික්ෂු සමාජයේ තුන් නිකායෙහි ම ගෞරවයට හා සම්භාවනාවට පාත්‍රව කටයුතු කරන, වර්තමාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අධිකරණ නායක මහාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තංගනේ රතනපාල හිමියන් 1953 වසරේ උපත ලබා, 1968 වසරේ පැවිදිව 1974 උපසම්පදා භූමියට පත් ව ඇත. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වන්නේ කුලියාපිටිය, දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි වෙරළුගම රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පණ්ඩිත මහවැව සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. නිකායාභිවෘද්ධියට හා ශාසන චිරස්ථිතියට අදාළව සුවිශාල සේවාවක් සිදු කොට ඇති උන්වහන්සේ, විහාරස්ථාන 25 ක් ඇති කොට ඒවායෙහි අනුශාසකත්වය දරමින් කටයුතු කරති.

 

විවිධ හැඩයෙන් එන මිථ්‍යා දෘෂ්ටිය

වැරදි දැකීම, වැරදි කල්පනාව, යතාර්ථයෙන් ඉවත් වූ හැඟීම්, ආකල්ප මිථ්‍යාදෘෂ්ටියයි. ලෝකය ඉදිරියට යාම වළක්වන ප්‍රධාන බාධකය වැරදි අවබෝධයයි. විශේෂයෙන් වර්තමාන තරුණ පිරිස මේ පිළිබඳ තේරුම් ගැනීම ඉතා අවශ්‍ය ය. එසේ නොමැති වුවහොත් අන්ධයා අලියාගේ ස්වරූපය පැහැදිලි කළා සේ අඳුරේ අතපත ගෑමට සිදුවේ. වර්තමානයේ ඇතැම් දැන උගත් අය පවා වැරදි දෘෂ්ටිවල එල්ලී දෙලොව අපාගත කරගන්නා අවස්ථා දුලබ නොවේ. බුදුරදුන් භාරතයේ පහළ වන කාල සීමාව තුළ හැට දෙකක් මිථ්‍යාදෘෂ්ටි පැවතුණ බව බ්‍රහ්මජාල සූත්‍රයේ දී පැහැදිලි කළහ. වර්තමානයේ ද බොහෝ මිථ්‍යා දෘෂ්ටි ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් පවතී.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]