[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සිතන පතන දෑ ඒ අයුරින්ම ඉටු නොවන්නේ ඇයි?

සන්තුඨී පරමං ධනං - සතුට උතුම්ම ධනයයි, සත්වයා වනාහී දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය තරණය කරන අයුරු ඉතා පැහැදිලි ය. සත්වයන් බොහෝ දුරට ජීවිතේන්ද්‍රිය රැක ගැනීම් වස් විවිධ බලාපොරොත්තු පොදි බැඳගෙන ඒ මත ඉච්ඡාභංගත්වයෙන් පසුවන පිරිසකි.එහිදී අපට පැහැදිලි වන්නේ බලාපොරොත්තු වනාහී මිනිසාගේ ප්‍රධාන අනාගත ඉන්ද්‍රිය ධර්මය වී ඇති බව ය. පංච ඉන්ද්‍රියන් නිතරම ක්‍රියා කරන්නේ සිතේ ඇති කරන බලාපොරොත්තුත් සමඟ ය. එය වරදක් නොවුණ ද අසීමිත බලාපොරොත්තු තුළ සිරවීමෙන් සත්වයාට දැඩි පීඩනයකට ලක්වීමට සිදු වේ. “යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” අභිමත පරිදි කිසිවක් නො ලැබේ ද එය දුකක් වන්නේ ය. ඒ අනුව මිනිසා අහස උසට ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින අතර, ඒවා ඉටු නොවීම තුළ දුකට ම පත්වීම එහි ස්වභාවය යි. එය ඉච්ඡා භංගත්වය යනුවෙන් හැඳින්වීමට පුළුවන. ජීවිතයට ලැබෙන ප්‍රධාන දුක් අතර එය ද ප්‍රධාන වේ. බුදුන් දවස එක්තරා ගොවියෙක් කුඹුරක් කිරීමට ආරම්භ කළේය. ඒ සම්බන්ධව සීසෑම, වැපිරීම, වල් නෙළීම ආදී සියලු කටයුතු හොඳින් සිදු විය. ගොවියා එලෙස කුඹුරෙහි කටයුතු කරන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ද කුඹුරට නිතර නිතර වැඩම කොට ගොවියා හා කතා බහ කිරීම සිරිතක් කොට ගත්හ. ඒ ඔහුට මතු දවසක පිහිට වන අදහසිනි. අස්වැන්නෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට දීමට සිතා සිටි එම ගොවියාගේ පැසී තිබුණ කුඹුර එක් දිනක් මහා වර්ෂාවකින් විනාශ විය. ශෝකයට පත් ගොවියාගේ නිවසට වැඩම කළ බුදු හිමි ඔහු සනසා සියලු ශෝකයන්ට හේතුව තම සිතුම් පැතුම් තමන්ට අවශ්‍ය පරිදි සිදුනොවීම බවත්, එය සත්වයාට උරුම දුකක් බවත් පවසා දහම් දෙසා ඔහු සෝවාන් ඵලයට පත් කළහ.


  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]