[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  මහාචාර්ය
අත්තංගනේ රතනපාල නා හිමි

 

මහාචාර්ය අත්තංගනේ රතනපාල නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධූරයෙන් පිදුම් ලබති

නිකායේ ධර්ම විනයධර මහා ස්වාමීන් වහන්සේලා වශයෙන් නිකාය ඉතිහාසයෙහි සම්භාවනීය පෞරුෂයන් සහිත වූ ඉඳුරුවේ උත්තරානන්ද මාහිමියන් වහන්සේගේ පා සෙවනෙහි වැඩී, පොත්තේවෙල පඤ්ඤාසාර මාහිමි, බටුවිට නන්දාරාම නාහිමි, හේන්පිටගෙදර ඤාණාවාස නාහිමි, ගාල්ලේ ඤාණෝභාස නාහිමි, වේවැල්දෙණියේ මේධාලංකාර මා හිමි, බද්දේගම විමලවංස නාහිමි, කබලෑවේ පියභාරතී නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන් උන්වහන්සේලාගේ කටයුතුවලට සහභාගී වෙමින් ගුරුහරුකම් ලබමින් ද, මෑත කාලීන විලපිටියේ ඤාණාවාස නාහිමි,කහවන්දල පඤ්ඤාවංස නාහිමි, ගිරාඹේ ආනන්ද නාහිමි, බලංගොඩ පඤ්ඤාවංස නාහිමි, වරාගොඩ පේමරතන නාහිමි ආදී සම්භාවනීය ස්වාමීන් වහන්සේලාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව, ස්වකීය පැවිදි ජීවිතය, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර ඥානයෙන් හා භික්ෂු ප්‍රතිපදාවෙන් හා ආකල්ප සම්පත්තියෙන් පෝෂණය කොටගත් වර්තමාන භික්ෂු සමාජයේ තුන් නිකායෙහි ම ගෞරවයට හා සම්භාවනාවට පාත්‍රව කටයුතු කරන, වර්තමාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අධිකරණ නායක මහාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තංගනේ රතනපාල හිමියන් 1953 වසරේ උපත ලබා, 1968 වසරේ පැවිදිව 1974 උපසම්පදා භූමියට පත් ව ඇත. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වන්නේ කුලියාපිටිය, දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි වෙරළුගම රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පණ්ඩිත මහවැව සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. නිකායාභිවෘද්ධියට හා ශාසන චිරස්ථිතියට අදාළව සුවිශාල සේවාවක් සිදු කොට ඇති උන්වහන්සේ, විහාරස්ථාන 25 ක් ඇති කොට ඒවායෙහි අනුශාසකත්වය දරමින් කටයුතු කරති.


  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]