[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසා සංකස්ස නුවරට වැඩම කිරීම

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

අනුබුදු මිහිඳු මා හිමි ගුණ සමරමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා දෙදහස් දෙසිය අසූවන (2280) සංවත්සරය නිමිති කර ගනිමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍ර කර ගෙන විශේෂ පුණ්‍ය උත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වැනි දා පස්වරුවේ පැවැත්විණි. මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්, කිරිබත්ගොඩ ඤාණානන්ද නා හිමියන් ප්‍රමුඛ මහමෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබී ය.ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා මිහිඳු මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව කි‍්‍ර. පූ. 03 වැනි සියවසට අයත් බව සැලකෙන අතර, සැදැහැවතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙළහි එක් අදියරකි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදු වූ ස්ථානය සේ සැලකෙන චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටි සේල වෛත්‍ය මලුවේ ඉදි කෙරුණ අනුබුදු මිහිඳු පිළිරුව ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.ක්‍රි. පූ 200 - 210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස් රජතුමාගේ බාල සොහොයුරු උත්තිය රජු මිහිඳු මහ රහතන් වහන්සේගේ භස්මාවශේෂවලින් කොටසක් නිධන් කොට මිහිඳු මහ සෑය ඉදිකළ බව මහාවංශයේ සඳහන් වෙයි. මෙරට ඇති සෑ රදුන් වහන්සේ අතරින් පැරණිතම චෛත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ. දීර්ඝ කාලයක සිට නටබුන් ව ඇති මිහිඳු මහ සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම ද මේ සමඟින් ආරම්භ විය. 2014 වසරේ වැඩ ආරම්භ කරන ලදුව, 2015 වසරේ සිට නැවතී තිබූ ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම් ද ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමී ව සිදු කෙරේ. ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නා හිමියෝ ඊට දායකත්වය සපයති. සියලු ඉදිකිරීම් ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ධර්ම දේශනාව:

පසුතැවීම් නැති ජීවිතයකට පින් පව් හඳුනා ගන්න

නතං කම්මං කතං සාධු - යංකත්වා අනුතප්පති - යස්ස අස්සුමුඛො රොදං - විපාකං පටිසේවති, සකල සතවෙත සුපතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි සීසාන ගොවියකු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. සැවැත් නුවර වාසී ගොවියකු නුවරට නුදුරුව කුඹුරක් සී සෑම පිණිස කුඹුරට ගියේ ය. සොරු කණ්ඩායමක් රාත්‍රියෙහි ධනවතකුගේ ගෙයක් බිඳ එම කුඹුරේ සොරොව්ව ළඟ තබා ධනය බෙදා ගත්හ. එක් සොරකුගේ දහසින් බැඳි මසුරන් මල්ලක් අමතක වී එම ගොවියා සීසාන සමීපයේ ම තිබුණි. අප බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලන සේක් එම ගොවියා හට පැමිණෙන විපත ද. සෝවාන් මඟට පැමිණීමේ වාසනාව ද දිවැසින් දැක අනඳ තෙරුන් සමඟ පෙරවරු එම කුඹුරට වැඩි සේක. සී සාමීන් සිටි ගොවියා බුදුරදුන් දැක වැඳ සී සෑමෙහි යෙදුණේ ය. බුදුරජාණන් වහන්සේ, ආනන්දය සර්පයා දුටුවේ දැයි ඇසූ සේක. ආනන්ද හිමියෝ ස්වාමීනි සර්පයා දුටුවෙමි’යි පිළිතුරු දුන්හ. මෙයට සවන් දුන් ගොවියා එතැන පරික්ෂා කොට සර්පයකු නොදැක, මුදල් මල්ල දැක එය සඟවා තබා සී සාන්න පටන් ගත්තේ ය. පා සටහන් ඔස්සේ සොරුන් සොයන රාජපුරුෂයෙක් මුදල් බෙදාගත් තැන් පරික්ෂා කර බලා මුදල් මල්ල සමඟ ගොවියා අල්ලා ගත්තේය. රාත්‍රී සොරකමේ ගොස් භාණ්ඩ සඟවා දැන් සීසාන අයුරු බලවයි කියමින් ගොවියාට තළා පෙළා ගෙන ගොස් රාජ දඬුවම් පැමිණ වූහ. බුදුරදුන්, ආනන්ද සර්පයා දුටුවේ දැයි, වදාළේ මේ විපත නිසා යැයි සිතා ගොවියාගේ මුවින් කීප වරක් ම ‘ආනන්ද සර්පයා දුටුවා’දැයි යන වදන පිටවිය. රාජ පුරුෂයන් එම වාක්‍යයේ අර්ථය විමසන විට ගෙවියා නොසඟවා සිද්ධිය විස්තර වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. එය ඔහුගේ නිදහසට හේතුවිය. බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන මුලින් දැක්වූ ගාථා ධර්මය දේශනා කළ සේක.

 

චීවර මාසය ඇරඹෙන පින්බර වප් පොහොය

වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටිති. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වසරකම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙයි. එහෙත් මෙම වසරේ වප් පොහොය උදා වනුයේ ඔක්තෝබර් 30 වැනිදා ප.ව. 5.45 ට ය. පොහොය අවසන් වනුයේ ඔක්. 31 ප.ව. 8.19 ට ය. වප් පුර පසළොස්වක පොහොය පවතිනුයේ මෙම කාලය තුළ වන බැවින් භික්ෂූන් වහන්සේලා පෙරවස් පවාරණ මහා විනය කර්මය සිදු කරනුයේ මෙම කාලය තුළ දී ය. සැදැහැවත් පිරිස පොහොය අටසිල් සමාදන්වනුයේ ඔක්තෝබර් 30 වැනිදා ය. එහෙත් එදින උදෑසන හෝ දවල් පොහොය උදාවී නොමැති හෙයින් පෙරවස් පවාරණ මහා විනය කර්මය සිදුකළ නො හැකි ය. එබැවින් එම උතුම් විනය කර්මය ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රියේ හෝ ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රී 8.20 ට පෙර සිදු කළ යුතු ව පවතියි. මේ අනුව මෙම වසරේ කඨින චීවර පූජාවන් සිදු කරනුයේ නොවැම්බර් 01 වැනිදා සිට යි. එය සිදු කළ හැකි අවසාන දවස වනුයේ නොවැම්බර් 29 වැනිදා එළඹෙන ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. මෙම වස් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවද කඨිනය සිදු කළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් වරක් පමණකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨිනය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදුකෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් පින්කම ලෙස සැලකිය හැකි ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]