[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුරය, ඉසුරුමුණිය පාර, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය , කඨින පින්කම නොවැම්බර් 01 වැනිදා පැවැත්වේ.

****

සීල භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර, දාගබ පාරේ පිහිටි සීීල, භාවනා මධ්‍යස්ථානයේ මෙවර කඨින පින්කම නොවැම්බර් මස 13,14 දෙ දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

****

සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

අනුරාධපුර, තන්තිරිමලේ විලච්චිය පාරේ නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමස්ථ ති‍්‍රපිටක ධර්මායතනයේ කඨින පින්කම නොවැම්බර් 07,08 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි දන්වා සිටියි.

****

මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරය

මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි කඨින මහ පින්කම නොවැම්බර් 01 වැනිදාට යෙදී ඇත. එහි දායකත්වය දරනු ලබන්නේ වල්අරඹේ ඩබ්ලිව්. ජී. පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සැම විසිනි. එම පින්කමට සමගාමීව අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත නිතවල ශ්‍රී ඤාණේශ්වර නා හිමි, ත්‍රිපිටකාචාර්ය පිදුමේ රතන නා හිමි, ත්‍රිපිටකාචාර්ය නුගදෙණියේ ධම්මානන්ද නා හිමි, ත්‍රිපිටකවේදී මකුලෑවේ විජය හිමි යන ස්වාමින් වහන්සේලාගේ ගුණානුස්මරණ පින්කම් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

****

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

පිළියන්දල, මහරගම පාරේ, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ මෙවර කඨින පින්කම සහ ගැටමාන්නේ හේමාලෝක නා හිමියන්ගේ සිව්වන වර්ෂ ගුණ සමරු පින්කම නොවැම්බර් මස 03 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර කඨින පින්කමේ දායකත්වය බොරලැස්ගමුව, පිරිවන පාරේ පදිංචි නිමල් දීගොඩ මහතා රෝෂණි මහත්මිය සහ පවුලේ සැම විසිනි.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]