[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාරස්ථානය ආරම්භයේ දී හඳුනාගත් ශෛලමය ප්‍රතිමා වහන්සේ ප්‍රතිසංස්කරණය කර ඇති අන්දම

වීදිය බණ්ඩාර කුමරු රැකවරණය ලැබූ වීදියගොඩ රාජමහා විහාරය

කෝට්ටේ යුගයේ විසූ අතිදක්ෂ රණකාමී සෙන්පතියකු වූ වීදිය බණ්ඩාර රැකවරණය ලබමින්, සේනා සංවිධානය කළ ග්‍රාමවරයක් ලෙස ජනප්‍රවාදයෙහි සඳහන් වන වීදියගොඩ ග්‍රාමය විජයබා කොල්ලයෙන් පසු බෙදී ගිය රයිගම රාජධානියට නුදුරින් පිහිටා ඇත. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ කුඹුකේ පත්තුවේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වීදියගොඩ ග්‍රාමය බණ්ඩාරගම නගරයේ සිට සැතපුම් තුනක පමණ දුරින් පිහිටා ඇත. වීදියගොඩ රජමහා විහාරයේ ආරම්භය කවර වකවානුවක සිදු වූයේ දැයි ප්‍රකාශ කිරීම අවිනිශ්චිතය. එහෙත් වීදියගොඩ රජමහා විහාරයේ ගොදුරු ගමක් වන වැල්මිල්ලෙන් සොයා ගත් තුන්වන සේන රජුගේ කාලයට අයත් යැයි සැලකෙන පුවරු ලිපියට අනුව අනුරාධපුර යුගයේ සිටම මෙම ප්‍රදේශය ඉමහත් සශ්‍රීක බවින් යුතුව පැවතුණු බව පැහැදිලි වෙයි. එම පුවරු ලිපියෙහි කියැවෙන ‘පහන්බුනු දනව්ව’ වීදියගොඩ විය හැකි බවට විද්වත් මත පළ වී ඇත. වීදාගම, පතහවත්ත, රයිගම ඇතුළු ඉපැරණි රජමහ විහාර රාශියක් මීට තදාසන්න ව පිහිටීම නිසා මෙම විහාරය ද ඊට සමකාලීන යැයි පැවසීමට හැකි සාධක පවතී. විහාරස්ථානයේ මෑත කාලයේ නවෝදය ස්‍යාමොපසම්පදාව පිහිටුවීම හා සමකාලීන ව සිදු වූ බව කරුණු අධ්‍යයනයේ දී පෙනී යයි. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ තුන්වැනි ශිෂ්‍යවර ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර, වීදියගොඩ රජමහා විහාරස්ථානයේ පුනර්ජීවනයට කැප වූහ.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]