[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, උතුරාවල ධම්මරතන හිමි, ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, ගොඩපොල නන්ද හිමි,

රත්කරවැවේ පේමානන්ද හිමි, නාලන්දේ විමලසිරි හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, බොරැල්ලේ කෝවිද හිමි පෝ දා දම් දෙසුම් හා ආගමික වැඩසටහන් පැවැත්වීමට නියමිත ය.

******

තලවතුගොඩ - සංඝමිත්තාරාමය

පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පැවැත්වේ. ගැමුණූුපුර සෝමවංශ හිමි ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, මීගොඩ මධුභාණී දසසිල් මාතාව, වඳුරඹ සංඝානන්ද හිමි පෝ දා දම් දෙසුම් හා ආගමික වැඩසටහන් පවත්වති. සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ද පැවැත්වේ.

වප් පුන් පොහොය දිනයෙහි දී සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ සුනීතා පීරිස් මහත්මිය විසිනි.

******

කොබවක ශ්‍රී සුමනාරාමය

පුර පසළොස්වක පුන් පෝය දින කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් මාලාව. ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත දියකඩුවේ සෝමානන්ද හිමි, දහවල් සම්බුද්ධ පූජාව ආදළුවේ සුබෝධනී මෙහෙණීන් වහන්සේ, සවස 1.00 ට භාවනාව වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ , වීරියගම අනුරුද්ධ හිමි , රාත්‍රී 7.00 ට ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කම පැවැත් වේ. කොබවක ශී‍්‍ර සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ආගමික කටයුතු පැවැත්වේ.

******

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 සිට පස්වරු 12.00 දක්වා රූපවාහිනී විකාශනය වන සජීවි පෝදා වැඩසටහන

පස්වරු 1.00 - 2.00 ධර්ම දේශනය - සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව - දොරොව්වේ ඤාණරතන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය - වේරදූවේ මහින්ද හිමි, 5.00 - 6.00 විශේෂ ආශිර්වාද පූජාව මෙහෙයවීම මිරිස්සේ ධම්මික නා හිමි (රූපවාහිනී සජීවි විකාශනය)

******

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

වප් පුර පසළොස්වක පුන් පොහොය පින්කම් මාලාව පෙරවරු 8.00 - 9.00 දක්වා ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ සාරද හිමි, 9.00-10.45 ධර්ම සාකච්ඡාව, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මහතා ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. දයානන්ද මහතා 10.45 ට ව්‍යාංජන , පලතුරු. කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ,අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා කිරීම 1.30 -2.30 ජාතක ධර්ම දේශනාව, 3.00-4.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී මාදුවේ කෝලිත හිමි, 4.00-5.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි විශේෂ ආශිර්වාද අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජාව

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]