UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බෝසත් දරුවන්ට :

දෙවියන්ගෙන් වැඳුම් ලබමු

කෙලෙස් සහගත ජනයාගේ හදවතේ මෝහය නමැති අන්ධකාරය දුරු කරන්නා වූ ප්‍රඥාව නමැති ප්‍රදීපය දරන්නා වූ, පස් මරුන් පැරදූ තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි. පින්වත් දරුවනේ, මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ දිව්‍ය ලෝක සහ අපාය පිළිබඳව කියලා සතර පෝදා බුදුසරණ කියවීමට පුරුදු වී සිටින ඔබ දන්නවා නේ. අපි තෙරුවන් වන්දනාමාන කර අවසානයේ ඒ ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් කරනවා. ඉතින් දරුවනේ, දෙවිවරු පි‍්‍රයකරන විශේෂිතම දෙයක් වන්නේ වන්දනා ගාථා නිවැරැදි ව සජ්ඣායනා කිරීම යි. ගීත වැනි දේ ගායනා කරනවා මිස ඒවා සජ්ඣායනය කරන්නේ නෑ. ඒ වගේම පිරිත්, ගාථා සජ්ඣායනය කරනවා මිස ගායනා කරන්නේ නෑ. සජ්ඣායනා කිරීමේත්, ගායනා කිරීමේත් වෙනස දරුවන් දන්නවා ද?දරුවනේ, ගාථාවල මහප්‍රාණ අක්ෂර තිබෙනවා. ඒවා හරියටම ශබ්ද විය යුතුයි. නවත්වන තැන්වලදී හරියටම නවතන්නටත් ඕනෑ. එයට කියන්නේ ‘යතිය’ කියල යි. ඉතින් ගිහි පිරිස් පිරිත් කියනවාට වඩා ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේ දී ආනිශංස වැඩියි. එයට හේතුව උන්වහන්සේලා පාලි භාෂාව හොඳින් ඉගෙනගෙන, නවත්වන තැන් දැනගෙන, නිවැරැදිව සජ්ඣායනා කිරීමයි.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]