UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

වේළුවනාරාමය

රජගහනුවර බිම්බිසාර රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට පූජා කළ ආරාමය වේළුවනාරාමයයි. මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වේ. බෞද්ධ සූත්‍රවල මේ ආරාමය හඳුන්වන්නේ වේළුවන කලන්දක නිවාපය ලෙස ය.

මෙම ආරාම භූමිය පෙර සිටම කහ පාට උණ ගස්වලින් පිරී තිබුණි. උණගස්වලට පාලි භාෂාවෙන් හඳුන්වන්නේ වේළු ලෙස ය. එම නිසා උණ ගස්වලින් පිරුණු වනය වේළුවනාරාමය නම් වේ. වේළුවනාරාමය කලන්දක නිවාපය ලෙසද හඳුන්වයි. පාලියෙන් ලේනා හඳුන්වන්නේ කලන්දක ලෙස ය. ලෙහෙනුන්ට නිදහසේ ජීවත්වීමට මෙහි පුළුවන් නිසා ඉහත නම ලැබුණ බව සඳහන් වේ.

****

චතුරාර්ය සත්‍යය

චතුරාර්ය සත්‍ය බුදු දහමේ මූලික ඉගැන්වීමයි . එය “සාමුක්කංසික දේශනා” යන නමින්ද හැඳින්වුණි. සත්ත්වයා දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් සසර සැරිසරන්නේ මෙම ධර්මය අවබෝධ නොවූ නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ “මහණෙනි චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නිසා ඔබටත් මටත් දිගු කලක් සසර සැරිසැරීමට සිදුවිය” යන ආකාරයට ය. මෙම ධර්මය අවබෝධ වී, රහත්ව, ආර්ය භාවයට පත් වූ පසු ව සසර ගමන නිමවන අතර මරණින් මතු ඉපදීමක් නැත. මෙහි තේරුම නම් උතුම් ඇත්ත හතර යන්නයි.චතුර් යනු හතරයි. ආර්ය යනු ශ්‍රේෂ්ඨ , උතුම් බවයි. සත්‍ය නම් ඇත්තයි. ඒ අනුව චතුරාර්ය සත්‍යය යනු ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ, ඇත්ත හතරයි. ඒවානම්

දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයි. එය සරලව අර්ථ නැගුවොත් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන්න වේ. මේ අනුව ජීවිතය දුකකි. නැවත නැවත ඉපදීම තවත් දුකකි. නැවත නූපදීම නම් සසර ගමන නැවතීමයි. එය නිදුක් නිරෝගී වූ පරම සැපතකි. එය උතුම් වූ නිර්වාණයයි .

****

භාවනාවේ බලය

මේ ලෝකයේ ජීවත්වන බොහෝ පිරිසක් මනස දියුණු කර ගැනීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. කායික වර්ධනයට, නිරෝගි බවට,කය නඩත්තුවට, විවිධාකාර කෑම බීම, බෙහෙත්, විටමින් භාවිත කරයි. නමුත් සිත දමනය කර ගැනීමට, සිත තැන්පත් කර ගැනීමට කටයුතු කරන්නේ නැත. සදාකාලික සිත දමනයට, සිත තැන්පත් කර ගැනීමට හොඳම මාර්ගය බුදු දහමේ ඉගැන්වෙන භාවනාව යි. භාවනාව ශීලයක පිහිටා කළ යුතු දෙයකි. දියුණු කළ භාවනාවකින් උපනූපන් අකුසල් ද දුරු වී යයි. එසේම වාචසික සංවරය ද ඇති වේ. මානසික අසහනය ද දුරු වේ. මුහුණ පැහැපත් වේ. දෙවියන්ට පි‍්‍රය වේ. මෙවැනි මහත් බල ඇති භාවනාව අප දිනපතා වැඩිය යුතු ය. භාවනාවේ බලය හඳුනාගෙන කටයුතු කිරීමට ද අපි පුරුදු වෙමු.

****

පරිහානියට පත්වන කරුණු

පරාභව යනු පරිහානිය නම් වේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන අවස්ථාවේ දී එක්තරා දෙවියෙකු විසින් ස්වාමීනි දෙලොව පරිහානියට පත්වීම හෙවත් පිරිහෙන කරුණු මොනවාද? කියා අසන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ පිරිහෙන කරුණු ඇතුළත් පරාභව සූත්‍රය දේශනාකොට වදාළ සේක. ධර්මයට එරෙහිවීම, අසත්පුරුෂයන් පි‍්‍රය කිරීම, නිදනසුළු බව, කතාවේ ලොල්බව, උත්සාහවන්ත නොවීම, අලසයෙකු වීම, ක්‍රෝධයෙන් යුතුවීම, ශ්‍රමණයන් බොරුවෙන් රැවටීම ආදි කරුණු 25 ක් ඇතුළත් කොට පරාභව සූත්‍රය වදාළ සේක.

****

ගැටකපන්නාගේ කතා වස්තුව

(ධම්මපදය ඇසුරිනි)

මෙය බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ සිදුවීමකි. එක්තරා තරුණයන් දෙදෙනෙකු රැකියාව ලෙස සොරකම් කරන්නට පුරුදුව සිටියා. මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ස්ථානවලට ගිහින් ධර්මය අසන මුවාවෙන් මිනිසුන්ගේ දේ සොරා ගන්නවා. ඔවුන්ගේ බිරින්දෑවරු ඒ දෙයට බොහෝම කැමැතියි. වැඩියෙන් සොරකම් කළ දාට බොහෝ සේ සලකනවා. එක් දිනක දහම් මණ්ඩපයේ දී එක් සොරෙකුට බුදුබණ තේරුණා. ඔහුගේ සිත පැහැදුණා. පැමිණි කාරණය අමතක වුණා. කර්මඵලයට බය වුණා.නොදත් ධර්මය තව තවත් අසද්දී හේතුඵල දහම ගැන අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. එදා සිට ඔහු සොරකමින් වැළකුණා. ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වුණා.

****

නාලාගිරි දමනය

****

බුද්ධ පරිනිර්වාණය

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]