UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නවම් අමාවක

පෞරුෂත්වය

අර්ථවත් ජීවිතයකට පෞරුෂ වර්ධනය අත්‍යවශ්‍ය ය. පෞරුෂය හීන වූ තරමට දුර්වලතා මතු වන්නේ ය. එය අන්තර්පුද්ගල වශයෙන් වර්ධනය වී අවසන සමස්ත සමාජ ව්‍යුහයටම බලපාන ගැටලු මතු කරන්නේ ය. අධ්‍යාත්මික ශක්තියෙන් දුර්වල එවැනි පිරිස්වල ක්‍රියාකාරකම් පවුල තුළ, ගම, රට තුළ සේ ම විවිධ ආයතනික වශයෙන් ද ප්‍රශ්නකාරි වන්නේ ම ය. කොතෙක් පහදා දුන්නද එය තේරුම් ගෙන දුර්වලතා මග හරවා ගන්නට තරම් මානසික ශක්තියක් හෝ ඕනෑකමක් ඔවුන්ට නැත. දුර්වල මානසිකත්වය විසින් ම ඔවුහු මෙහෙයවනු ලබන්නේ ය. පුද්ගල පෞරුෂ වර්ධනය කිරීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු වන්නේ කුඩා අවදියේ ම ය. එය මඟ හැරුණේ නම් වන හිදැස අනාගතයට එක් කරන්නේ අඳුරකි.

කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ අවදිය දක්වාම පෞරුෂ වර්ධනයට උපකාරි වන මාහැඟි සදූපදේශ සම්බුදු දහමෙහි අන්තර්ගත ය. එහෙත් ගැටලුව ඒ මහඟු මිණි සදූපදේශ අපේ සමාජයට ග්‍රහණය කරගන්නා ප්‍රමාණයේ ය. නිවෙස තුළ, පාසල තුළ,ධර්ම විද්‍යාලය තුළ ළමයාගේ මනසට ග්‍රහණය වන ලෙස යහපත් ආකල්ප ලබා දීමේ දුර්වලකම් මතු වන්නේ ද යන්න ඇතැම් විට ප්‍රශ්නාර්ථයක් මතු කරයි. (සමස්තයම නොවේ)

වෙසෙසින් යොවුන් වියේ හා යොවුන් විය පසුකරන සීමාවේ සිටින දරුවන්ට යහපත, අයහපත තෝරා බේරා ගන්නට අසීරු තත්ත්වයක් මතුවන අවස්ථා ඇති බව අවබෝධ වන්නේ නිවැරැදි මගට නොව නොමගට යන ළමයින් ගැන ඇසෙන පෙනෙන සිදුවීම් අනුව ය. පොහොසත් පෞරුෂයක් ඇති ළමයා තමන්ට බාහිර පුද්ගලයෙකුගෙන් හෝ තමන්ගේ පුරුදු, ඇබ්බැහිකම්වලින් ජීවිතයට වන අනතුර සැණින් හඳුනා ගනී. හඳුනාගෙන ඉන් වහා ඉවත් වේ. මත්කුඩු ආදි විවිධ නාමයන් ගෙන් එන මත්ද්‍රව්‍යයන්ට ගොදුරු වීම තුළද ඇත්තේ මේ හීන පෞරුෂයම ය.

වර්තමානය වන විට පාසල් දරුවන්, තරුණ පිරිස් අතර, මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කරවීමේ අතිශය කනගාටුදායක ව්‍යසනය මොන තරම් දුරට ප්‍රබල වී ඇත්දැයි දිනපතා වාර්තාවන ප්‍රවෘත්තීන් දෙස යම් තරමක හෝ අවධානයක් ඇත්තේ නම් වැටහේ. මේ සිදුවීම් කියවා බලා, අසා දැන බැහැර කළ යුතු සිදුවීම් නොවේ. ළමා හෝ වේවා, වැඩිහිටි හෝ වේවා මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූයේ නම් වන විපත ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් සමහරු හුරුපුරුදු වී සිටින්නේ ඉහිරුණු කිරට හඬා වැලපෙන්නට ය. සමාජයක් විනාශ වු පසු ඒ ගැන තැවීමෙන්, එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් පලක් නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යයන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගෙන තිබීම ප්‍රශංසනීය ය. එහිදී රටේ ළමා පරපුර මතින් මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක සුජාත දරුවෝ ව්‍යාපෘතිය අමාත්‍යංශ රැසක හා ජනාධිපති කාර්යාලයේ ද සම්බන්ධිකරණයෙන්, ආරක්ෂක අංශයන්ගේ ද සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ය .එම උත්සාහය ඇගයිය යුතුම ය.එහෙත් මේ කවර ආයතනයකට වුවද මෙම වැඩසටහන් තනිවම, ක්‍රියාත්මක කිරීම අපහසු ය. දරුවන් වැරැදි මග යන්නට ඇති හිදැස් වසා දමන්නට මව්පියවරුන්ට, ගුරු භවතුන්ට, ධර්ම විද්‍යාලයන්හි ස්වාමීන් වහන්සේලාට වෙසෙස් වගකීමක් පැවරී තිබේ. බෞද්ධ සමාජයක් කවර ලෙසකින් හෝ විනාශයට යන මං පෙනේ නම් ඒ මං පෙත් වසා දැමීම වැඩිහිටි බෞද්ධයන් ලෙස අප හැමගේ වගකීමකි. අපගේ දරුවන් නිරන්තරයෙන් ආගමික පරිසරයට සමීප කරවමින්, එම හර පද්ධතීන් ඔවුන්ගේ ජීවිතයට බද්ධ කළ යුතුව තිබේ. එවිට නරක මග හැර හොඳ මග යන්නට හැකි ශක්තිමත් පෞරුෂයක් ඔවුන් තුළ නිසැකවම ගොඩ නැගෙනු ඇත.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]